අඞ්ගුත්තරනිකායො
පඤ්චක නිපාතය
5. පඤ්චම පණ්ණාසකය
(22) 2. අක්කොසක වර්‍ගය
5. පඨම අක්ඛන්තාදීනව සූත්‍රය
’’මහණෙනි, නොඉවසීමෙහි මේ දෝෂ පසක් වෙත්.
’’කවර පසක්ද යත්. බොහෝ දෙනාට අප්‍රියවූ, අමනාපවූවෙක් වේ. වෛර බහුලකොට ඇත්තේද වේ. ඉතා මුළාවූයේ කළුරිය කරයි. ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු සැප නැති, දුකට පිහිටවූ, නපුරු සේ පතිත වන්නාවූ නරකයෙහි උපදියි. යන පසයි.
’’මහණෙනි, නොඉවසීමෙහි මේ දෝෂ පසක් වෙත්.
’’මහණෙනි, ඉවසීමෙහි මේ අනුසස් පසක් වෙත්.
’’කවර පසක්ද යත්. බොහෝ දෙනාට ප්‍රියවූවෙක්, මන වඩන්නෙක් වේ, වෛර බහුලකොට ඇත්තෙක් නොවේ. වරද බහුලකොට ඇත්තෙක් නොවේ. මුළා නොවූයේ කළුරිය කරයි. ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු සුගති නම් දිව්‍ය ලෝකයෙහි උපදියි. යන පසයි.
’’මහණෙනි, ඉවසීමෙහි මේ අනුසස් පසක් වෙත්.