අඞ්ගුත්තරනිකායො

පඤ්චක නිපාතය

5. පඤ්චම පණ්ණාසකය

(22) 2. අක්කොසක වර්‍ගය

8. දුතිය අපාසාදික සූත්‍රය

’’මහණෙනි, ප්‍රසාද නොඑලවීමෙහි මේ දෝෂ පසක් වෙත්.

’’කවර පසක්ද යත්. ප්‍රසන්න නුවූවාහු නොපහදිත්. ප්‍රසන්නවූද, ඇතැමුන්ගේ අන් පරිදි බව වේ. ශාස්තෲන් වහන්සේගේ අනුශාසනය නොකරණ ලද්දේ වේ. පශ්චිම ජනතාව දෘෂ්ටානුගතියට පැමිණේ. මොහුගේ සිත නොපහදියි යන පසයි.

’’මහණෙනි, ප්‍රසාද නොඑලවීමෙහි මේ දෝෂ පසක් වෙත්.

’’මහණෙනි, ප්‍රසාද එලවීමෙහි මේ අනුසස් පසක් වෙත්.

’’කවර පසක්ද යත්. ප්‍රසන්න වූවාහු පහදිත්. ප්‍රසන්නවූවන්ගේද වැඩිවීම වේ. ශාස්තෲන් වහන්සේගේ අනුශාසනය කරණ ලද්දේ වේ. පශ්චිම ජනතාව දෘෂ්ටානුගතියට පැමිණේ. මොහුගේ සිත පහදියි යන පසයි.’’

’’මහණෙනි, ප්‍රසාද එලවීමෙහි මේ අනුසස් පසක් වෙත්.