අඞ්ගුත්තරනිකායො

පඤ්චක නිපාතය

5. පඤ්චම පණ්ණාසකය

(22) 2. අක්කොසක වර්‍ගය

7. පඨම අපාසාදික සූත්‍රය

’’මහණෙනි, ප්‍රසාද නොඑලවීමෙහි මේ දෝෂ පසක් වෙත්.

’’කවර පසක්ද යත්. තෙමේද තමාට දොස් කියයි. දැන නුවණැත්තෝ නින්‍දා කරත්. ලාමකවූ කීර්ති ශබ්දයක් පැන නගියි. ඉතා මුළාවූයේ කළුරිය කරයි. ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු සැප නැති, දුකට පිහිටවූ, නපුරුසේ පතිත වන්නාවූ නරකයෙහි උපදියි. යන පසයි.

’’මහණෙනි, ප්‍රසාද නොඑලවීමෙහි මේ දෝෂ පසක් වෙත්.

’’මහණෙනි, ප්‍රසාද එලවීමෙහි මේ අනුසස් පසක් වෙත්.

’’කවර පසක්ද යත්. තෙමේද තමාට දොස් නොකියයි. දැන නුවණැත්තෝ ප්‍රසංශා කරත්. යහපත්වූ ගුණ ඝෝෂාවක් පැන නගියි. මුළා නොවූයේ කළුරිය කරයි. ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු සුගති නම් දිව්‍ය ලෝකයෙහි උපදියි. යන පසයි.

’’මහණෙනි, ප්‍රසාද එලවීමෙහි මේ අනුසස් පසක් වෙත්.