අඞ්ගුත්තරනිකායො

පඤ්චක නිපාතය

5. පඤ්චම පණ්ණාසකය

(24) 4. ආවාසික වර්‍ගය

6. යථාගතාවාසික සූත්‍රය

’’මහණෙනි, කරුණු පසකින් යුක්තවූ ආවාසික භික්‍ෂු තෙම ගෙනන ලද බරක් බහා තබන ලද්දේ යම්සේද, එමෙන් නරකයෙහි උපදී.

’’කවර පසකින්ද යත්? නොදැන නොසොයා අගුණ කිය යුත්තහුගේ ගුණ කියාද, නොදැන නොසොයා ගුණ කිය යුත්තහුගේ අගුණ කියාද, නොදැන නොසොයා නොපැහැදියයුතු තන්හි පැහැදීම පහළ කෙරේද, නොදැන නොසොයා පැහැදියයුතු තන්හි නොපැහැදීම පහළ කෙරේද, ශ්‍රද්‍ධාවෙන් දුන් දෙය ඉවත දමාද, යන පසිනි.

’’මහණෙනි, කරුණු පසකින් යුක්තවූ ආවාසික භික්‍ෂු තෙම ගෙනන ලද බරක් බහා තබන ලද්දේ යම්සේද, එමෙන් නරකයෙහි උපදී.

’’මහණෙනි, කරුණු පසකින් යුක්තවූ ආවාසික භික්‍ෂු තෙම ගෙනන ලද බරක් බහා තබන ලද්දේ යම්සේද, එමෙන් ස්වර්‍ගයෙහි උපදී.

’’කවර පසකින්ද යත්? දැන සොයා අගුණ කිය යුත්තහුගේ අගුණ කියාද, දැන සොයා ගුණ කිය යුත්තහුගේ ගුණ කියාද, දැන සොයා නොපැහැදියයුතු තන්හි නොපැහැදීම පහළ කෙරේද, දැන සොයා පැහැදියයුතු තන්හි පැහැදීම පහළ කෙරේද, ශ්‍රද්‍ධාවෙන් දුන් දෙය විනාශ නොකෙරේද, යන පසිනි.’’

’’මහණෙනි, කරුණු පසකින් යුක්තවූ ආවාසික භික්‍ෂු තෙම ගෙනන ලද බරක් බහා තබන ලද්දේ යම්සේද, එමෙන් ස්වර්‍ගයෙහි උපදී.