අඞ්ගුත්තරනිකායො

පඤ්චක නිපාතය

5. පඤ්චම පණ්ණාසකය

(24) 4. ආවාසික වර්‍ගය

7. අවණ්ණභාසවාසික සූත්‍රය

’’මහණෙනි, කරුණු පසකින් යුක්තවූ ආවාසික භික්‍ෂු තෙම ගෙනන ලද බරක් බහා තබන ලද්දේ යම්සේද, එමෙන් නරකයෙහි උපදියි.

’’කවර පසකින්ද යත්? නොදැන නොසොයා අගුණ කිය යුත්තහුගේ ගුණ කියාද, නොදැන නොසොයා ගුණ කිය යුත්තහුගේ අගුණ කියාද, ආවාසයෙහි මසුරුකම් ඇත්තේ, ආවාසයෙහි බලවත් ගිජුකම ඇත්තේ වේද, කුලයන්හි මසුරුකම් ඇත්තේ, කුලයන්හි බලවත් ගිජුකම් ඇත්තේ වේද, , ශ්‍රද්‍ධාවෙන් දුන් දෙය විනාශ කෙරේද, යන පසිනි.

’’මහණෙනි, කරුණු පසකින් යුක්තවූ ආවාසික භික්‍ෂු තෙම ගෙනන ලද බරක් බහා තබන ලද්දේ යම්සේද, එමෙන් නරකයෙහි උපදියි.

’’මහණෙනි, කරුණු පසකින් යුක්තවූ ආවාසික භික්‍ෂු තෙම ගෙනන ලද බරක් බහා තබන ලද්දේ යම්සේද, එමෙන් ස්වර්‍ගයෙහි උපදියි.

’’කවර පසකින්ද යත්? දැන සොයා ගුණ කිය යුත්තහුගේ ගුණ කියාද, දැන සොයා අගුණ කිය යුත්තහුගේ අගුණ කියාද, ආවාසයෙහි මසුරුකම් ඇත්තෙක්, ආවාසයෙහි බලවත් ගිජුකම් ඇත්තෙක් නොවේද, කුලයන්හි මසුරුකම් ඇත්තෙක්, කුලයන්හි බලවත් ගිජුකම් ඇත්තෙක් නොවේද, , ශ්‍රද්‍ධාවෙන් දුන් දෙය විනාශ නොකෙරේද, යන පසිනි.

’’මහණෙනි, කරුණු පසකින් යුක්තවූ ආවාසික භික්‍ෂු තෙම ගෙනන ලද බරක් බහා තබන ලද්දේ යම්සේද, එමෙන් ස්වර්‍ගයෙහි උපදී.