අඞ්ගුත්තරනිකායො
පඤ්චක නිපාතය
5. පඤ්චම පණ්ණාසකය
(26) 6. උපසම්පදා වර්‍ගය
7-13. දුතියඣානසුත්තාදිසත්තකං
දුතියජ්ඣානාධිගම සූත්‍රය
’’මහණෙනි, මේ ධර්ම පස දුරුනොකොට දෙවන ධ්‍යානය ප්‍රත්‍යක්‍ෂ කරන්ට සුදුසු නොවේ.
’’කවර පසක්ද යත්? ආවාසයන්හි මසුරුකමය. කුලයන්හි මසුරුකමය. ලාභයන්හි මසුරුකමය. ගුණවර්‍ණනායෙහි මසුරුකමය. ධර්මයෙහි මසුරුකමය. යන පසයි.

’’මහණෙනි, මේ ධර්ම පස දුරුකොට දෙවන ධ්‍යානය ප්‍රත්‍යක්‍ෂ කරන්ට සුදුසු වේ.

තතියජ්ඣානාධිගම සූත්‍රය
’’මහණෙනි, මේ ධර්ම පස දුරුනොකොට තුන්වන ධ්‍යානය ප්‍රත්‍යක්‍ෂ කරන්ට සුදුසු නොවේ.
’’කවර පසක්ද යත්? ආවාසයන්හි මසුරුකමය. කුලයන්හි මසුරුකමය. ලාභයන්හි මසුරුකමය. ගුණවර්‍ණනායෙහි මසුරුකමය. ධර්මයෙහි මසුරුකමය. යන පසයි.
’’මහණෙනි, මේ ධර්ම පස දුරුනොකොට තුන්වන ධ්‍යානය ප්‍රත්‍යක්‍ෂ කරන්ට සුදුසු නොවේ.
’’මහණෙනි, මේ ධර්ම පස දුරුකොට තුන්වන ධ්‍යානය ප්‍රත්‍යක්‍ෂ කරන්ට සුදුසු වේ.
’’කවර පසක්ද යත්? ආවාසයන්හි මසුරුකමය. කුලයන්හි මසුරුකමය. ලාභයන්හි මසුරුකමය. ගුණවර්‍ණනායෙහි මසුරුකමය. ධර්මයෙහි මසුරුකමය. යන පසයි.
’’මහණෙනි, මේ ධර්ම පස දුරුකොට තුන්වන ධ්‍යානය ප්‍රත්‍යක්‍ෂ කරන්ට සුදුසු වේ.
චතුත්ථජ්ඣානාධිගම සූත්‍රය
’’මහණෙනි, මේ ධර්ම පස දුරුනොකොට සතරවන ධ්‍යානය ප්‍රත්‍යක්‍ෂ කරන්ට සුදුසු නොවේ.
’’කවර පසක්ද යත්? ආවාසයන්හි මසුරුකමය. කුලයන්හි මසුරුකමය. ලාභයන්හි මසුරුකමය. ගුණවර්‍ණනායෙහි මසුරුකමය. ධර්මයෙහි මසුරුකමය. යන පසයි.
’’මහණෙනි, මේ ධර්ම පස දුරුනොකොට සතරවන ධ්‍යානය ප්‍රත්‍යක්‍ෂ කරන්ට සුදුසු නොවේ.
’’මහණෙනි, මේ ධර්ම පස දුරුකොට සතරවන ධ්‍යානය ප්‍රත්‍යක්‍ෂ කරන්ට සුදුසු වේ.
’’කවර පසක්ද යත්? ආවාසයන්හි මසුරුකමය. කුලයන්හි මසුරුකමය. ලාභයන්හි මසුරුකමය. ගුණවර්‍ණනායෙහි මසුරුකමය. ධර්මයෙහි මසුරුකමය. යන පසයි.
’’මහණෙනි, මේ ධර්ම පස දුරුකොට තුන්වන ධ්‍යානය ප්‍රත්‍යක්‍ෂ කරන්ට සුදුසු වේ.
සෝතාපත්තිඵලාධිගම සූත්‍රය
’’මහණෙනි, මේ ධර්ම පස දුරුනොකොට සෝවාන් ඵලය ප්‍රත්‍යක්‍ෂ කරන්ට සුදුසු නොවේ.
’’කවර පසක්ද යත්? ආවාසයන්හි මසුරුකමය. කුලයන්හි මසුරුකමය. ලාභයන්හි මසුරුකමය. ගුණවර්‍ණනායෙහි මසුරුකමය. ධර්මයෙහි මසුරුකමය. යන පසයි.
’’මහණෙනි, මේ ධර්ම පස දුරුනොකොට සෝවාන් ඵලය ප්‍රත්‍යක්‍ෂ කරන්ට සුදුසු නොවේ.
’’මහණෙනි, මේ ධර්ම පස දුරුකොට සෝවාන් ඵලය ප්‍රත්‍යක්‍ෂ කරන්ට සුදුසු වේ.
’’කවර පසක්ද යත්? ආවාසයන්හි මසුරුකමය. කුලයන්හි මසුරුකමය. ලාභයන්හි මසුරුකමය. ගුණවර්‍ණනායෙහි මසුරුකමය. ධර්මයෙහි මසුරුකමය. යන පසයි.
’’මහණෙනි, මේ ධර්ම පස දුරුකොට සෝවාන් ඵලය ප්‍රත්‍යක්‍ෂ කරන්ට සුදුසු වේ.
සකෘදාගාමිඵලාධිගම සූත්‍රය
’’මහණෙනි, මේ ධර්ම පස දුරුනොකොට සකෘදාගාමී ඵලය ප්‍රත්‍යක්‍ෂ කරන්ට සුදුසු නොවේ.
’’කවර පසක්ද යත්? ආවාසයන්හි මසුරුකමය. කුලයන්හි මසුරුකමය. ලාභයන්හි මසුරුකමය. ගුණවර්‍ණනායෙහි මසුරුකමය. ධර්මයෙහි මසුරුකමය. යන පසයි.
’’මහණෙනි, මේ ධර්ම පස දුරුනොකොට සකෘදාගාමී ඵලය ප්‍රත්‍යක්‍ෂ කරන්ට සුදුසු නොවේ.
’’මහණෙනි, මේ ධර්ම පස දුරුකොට සකෘදාගාමී ඵලය ප්‍රත්‍යක්‍ෂ කරන්ට සුදුසු වේ.
’’කවර පසක්ද යත්? ආවාසයන්හි මසුරුකමය. කුලයන්හි මසුරුකමය. ලාභයන්හි මසුරුකමය. ගුණවර්‍ණනායෙහි මසුරුකමය. ධර්මයෙහි මසුරුකමය. යන පසයි.
’’මහණෙනි, මේ ධර්ම පස දුරුකොට සෝවාන් ඵලය ප්‍රත්‍යක්‍ෂ කරන්ට සුදුසු වේ.
අනාගාමිඵලාධිගම සූත්‍රය
’’මහණෙනි, මේ ධර්ම පස දුරුනොකොට අනාගාමී ඵලය ප්‍රත්‍යක්‍ෂ කරන්ට සුදුසු නොවේ.
’’කවර පසක්ද යත්? ආවාසයන්හි මසුරුකමය. කුලයන්හි මසුරුකමය. ලාභයන්හි මසුරුකමය. ගුණවර්‍ණනායෙහි මසුරුකමය. ධර්මයෙහි මසුරුකමය. යන පසයි.
’’මහණෙනි, මේ ධර්ම පස දුරුනොකොට අනාගාමී ඵලය ප්‍රත්‍යක්‍ෂ කරන්ට සුදුසු නොවේ.
’’මහණෙනි, මේ ධර්ම පස දුරුකොට අනාගාමී ඵලය ප්‍රත්‍යක්‍ෂ කරන්ට සුදුසු වේ.
’’කවර පසක්ද යත්? ආවාසයන්හි මසුරුකමය. කුලයන්හි මසුරුකමය. ලාභයන්හි මසුරුකමය. ගුණවර්‍ණනායෙහි මසුරුකමය. ධර්මයෙහි මසුරුකමය. යන පසයි.
’’මහණෙනි, මේ ධර්ම පස දුරුකොට අනාගාමී ඵලය ප්‍රත්‍යක්‍ෂ කරන්ට සුදුසු වේ.
අර්හත්තඵලාධිගම සූත්‍රය
’’මහණෙනි, මේ ධර්ම පස දුරුනොකොට අර්හත් ඵලය ප්‍රත්‍යක්‍ෂ කරන්ට සුදුසු නොවේ.
’’කවර පසක්ද යත්? ආවාසයන්හි මසුරුකමය. කුලයන්හි මසුරුකමය. ලාභයන්හි මසුරුකමය. ගුණවර්‍ණනායෙහි මසුරුකමය. ධර්මයෙහි මසුරුකමය. යන පසයි.
’’මහණෙනි, මේ ධර්ම පස දුරුනොකොට අර්හත් ඵලය ප්‍රත්‍යක්‍ෂ කරන්ට සුදුසු නොවේ.
’’මහණෙනි, මේ ධර්ම පස දුරුකොට අර්හත් ඵලය ප්‍රත්‍යක්‍ෂ කරන්ට සුදුසු වේ.