අඞ්ගුත්තරනිකායො
පඤ්චක නිපාතය
5. පඤ්චම පණ්ණාසකය
(26) 6. උපසම්පදා වර්‍ගය
14. පඨමජ්ඣානුපසම්පදා සූත්‍රය
’’මහණෙනි, මේ ධර්ම පස වනාහි දුරු නොකොට පළමුවන ධ්‍යානයට පැමිණ වාසය කරන්ට සුදුසු නොවේ.
’’කවර පසක්ද යත්? ආවාසයන්හි මසුරුකමය, කුලයන්හි මසුරුකමය, ලාභයන්හි මසුරුකමය, ගුණවර්‍ණනාවෙහි මසුරුකමය, කළ උපකාර නොදන්නාබව, කළ උපකාර නොසළකන බවය යන පසයි.

’’මහණෙනි, මේ ධර්ම පස දුරුකොට පළමුවන ධ්‍යානයට පැමිණ වාසය කරන්ට සුදුසු වේ.