අඞ්ගුත්තරනිකායො

පඤ්චක නිපාතය

5. පඤ්චම පණ්ණාසකය

(26) 6. උපසම්පදා වර්‍ගය

15-21. අපරදුතියඣානසුත්තාදිසත්තකං

දුතියජ්ඣානුපසම්පදා සූත්‍රය

’’මහණෙනි, මේ ධර්ම පස දුරුනොකොට දෙවන ධ්‍යානය ප්‍රත්‍යක්‍ෂ කරන්ට සුදුසු නොවේ..

’’කවර පසක්ද යත්? ආවාසයන්හි මසුරුකමය, කුලයන්හි මසුරුකමය, ලාභයන්හි මසුරුකමය, වර්‍ණයන්හි මසුරුකමය, අකෘතඥබවව හා අකෘතවේදී බවය යන පසයි.

’’මහණෙනි, මේ ධර්ම පස වනාහි දුරුකොට දෙවන ධ්‍යානය ප්‍රත්‍යක්‍ෂ කරන්ට සුදුසු වේ..

තතියජ්ඣානුපසම්පදා සූත්‍රය

’’මහණෙනි, මේ ධර්ම පස දුරුනොකොට තුන්වන ධ්‍යානය ප්‍රත්‍යක්‍ෂ කරන්ට සුදුසු නොවේ..

’’කවර පසක්ද යත්? ආවාසයන්හි මසුරුකමය, කුලයන්හි මසුරුකමය, ලාභයන්හි මසුරුකමය, වර්‍ණයන්හි මසුරුකමය, අකෘතඥබවව හා අකෘතවේදී බවය යන පසයි.

’’මහණෙනි, මේ ධර්ම පස දුරුනොකොට තුන්වන ධ්‍යානය ප්‍රත්‍යක්‍ෂ කරන්ට සුදුසු නොවේ..

’’මහණෙනි, මේ ධර්ම පස වනාහි දුරුකොට තුන්වන ධ්‍යානය ප්‍රත්‍යක්‍ෂ කරන්ට සුදුසු වේ..

’’කවර පසක්ද යත්? ආවාසයන්හි මසුරුකමය, කුලයන්හි මසුරුකමය, ලාභයන්හි මසුරුකමය, වර්‍ණයන්හි මසුරුකමය, අකෘතඥබවව හා අකෘතවේදී බවය යන පසයි.

’’මහණෙනි, මේ ධර්ම පස වනාහි දුරුකොට තුන්වන ධ්‍යානය ප්‍රත්‍යක්‍ෂ කරන්ට සුදුසු වේ..

චතුත්‍ථජ්ඣානුපසම්පදා සූත්‍රය

’’මහණෙනි, මේ ධර්ම පස දුරුනොකොට සතරවන ධ්‍යානය ප්‍රත්‍යක්‍ෂ කරන්ට සුදුසු නොවේ..

’’කවර පසක්ද යත්? ආවාසයන්හි මසුරුකමය, කුලයන්හි මසුරුකමය, ලාභයන්හි මසුරුකමය, වර්‍ණයන්හි මසුරුකමය, අකෘතඥබවව හා අකෘතවේදී බවය යන පසයි.

’’මහණෙනි, මේ ධර්ම පස දුරුනොකොට සතරවන ධ්‍යානය ප්‍රත්‍යක්‍ෂ කරන්ට සුදුසු නොවේ..

’’මහණෙනි, මේ ධර්ම පස වනාහි දුරුකොට සතරවන ධ්‍යානය ප්‍රත්‍යක්‍ෂ කරන්ට සුදුසු වේ..

’’කවර පසක්ද යත්? ආවාසයන්හි මසුරුකමය, කුලයන්හි මසුරුකමය, ලාභයන්හි මසුරුකමය, වර්‍ණයන්හි මසුරුකමය, අකෘතඥබවව හා අකෘතවේදී බවය යන පසයි.

’’මහණෙනි, මේ ධර්ම පස වනාහි දුරුකොට සතරවන ධ්‍යානය ප්‍රත්‍යක්‍ෂ කරන්ට සුදුසු වේ..

සොතාපත්තිඵලූපසම්පදා සූත්‍රය

’’මහණෙනි, මේ ධර්ම පස දුරුනොකොට සෝවාන් ඵලය ප්‍රත්‍යක්‍ෂ කරන්ට සුදුසු නොවේ..

’’කවර පසක්ද යත්? ආවාසයන්හි මසුරුකමය, කුලයන්හි මසුරුකමය, ලාභයන්හි මසුරුකමය, වර්‍ණයන්හි මසුරුකමය, අකෘතඥබවව හා අකෘතවේදී බවය යන පසයි.

’’මහණෙනි, මේ ධර්ම පස දුරුනොකොට සෝවාන් ඵලය ප්‍රත්‍යක්‍ෂ කරන්ට සුදුසු නොවේ..

’’මහණෙනි, මේ ධර්ම පස වනාහි දුරුකොට සෝවාන් ඵලය ප්‍රත්‍යක්‍ෂ කරන්ට සුදුසු වේ..

’’කවර පසක්ද යත්? ආවාසයන්හි මසුරුකමය, කුලයන්හි මසුරුකමය, ලාභයන්හි මසුරුකමය, වර්‍ණයන්හි මසුරුකමය, අකෘතඥබවව හා අකෘතවේදී බවය යන පසයි.

’’මහණෙනි, මේ ධර්ම පස වනාහි දුරුකොට සෝවාන් ඵලය සෝවාන් ඵලය ප්‍රත්‍යක්‍ෂ කරන්ට සුදුසු වේ..

සකෘදාගාමිඵලූපසම්පදා සූත්‍රය

’’මහණෙනි, මේ ධර්ම පස දුරුනොකොට සකෘදාගාමී ඵලය ප්‍රත්‍යක්‍ෂ කරන්ට සුදුසු නොවේ..

’’කවර පසක්ද යත්? ආවාසයන්හි මසුරුකමය, කුලයන්හි මසුරුකමය, ලාභයන්හි මසුරුකමය, වර්‍ණයන්හි මසුරුකමය, අකෘතඥබවව හා අකෘතවේදී බවය යන පසයි.

’’මහණෙනි, මේ ධර්ම පස දුරුනොකොට සකෘදාගාමී ඵලය ප්‍රත්‍යක්‍ෂ කරන්ට සුදුසු නොවේ..

’’මහණෙනි, මේ ධර්ම පස වනාහි දුරුකොට සකෘදාගාමී ඵලය ප්‍රත්‍යක්‍ෂ කරන්ට සුදුසු වේ..

’’කවර පසක්ද යත්? ආවාසයන්හි මසුරුකමය, කුලයන්හි මසුරුකමය, ලාභයන්හි මසුරුකමය, වර්‍ණයන්හි මසුරුකමය, අකෘතඥබවව හා අකෘතවේදී බවය යන පසයි.

’’මහණෙනි, මේ ධර්ම පස වනාහි දුරුකොට සකෘදාගාමී ඵලය සෝවාන් ඵලය ප්‍රත්‍යක්‍ෂ කරන්ට සුදුසු වේ..

අනාගාමිඵලූපසම්පදා සූත්‍රය

’’මහණෙනි, මේ ධර්ම පස දුරුනොකොට අනාගාමී ඵලය ප්‍රත්‍යක්‍ෂ කරන්ට සුදුසු නොවේ..

’’කවර පසක්ද යත්? ආවාසයන්හි මසුරුකමය, කුලයන්හි මසුරුකමය, ලාභයන්හි මසුරුකමය, වර්‍ණයන්හි මසුරුකමය, අකෘතඥබවව හා අකෘතවේදී බවය යන පසයි.

’’මහණෙනි, මේ ධර්ම පස දුරුනොකොට අනාගාමී ඵලය ප්‍රත්‍යක්‍ෂ කරන්ට සුදුසු නොවේ..

’’මහණෙනි, මේ ධර්ම පස වනාහි දුරුකොට අනාගාමී ඵලය ප්‍රත්‍යක්‍ෂ කරන්ට සුදුසු වේ..

’’කවර පසක්ද යත්? ආවාසයන්හි මසුරුකමය, කුලයන්හි මසුරුකමය, ලාභයන්හි මසුරුකමය, වර්‍ණයන්හි මසුරුකමය, අකෘතඥබවව හා අකෘතවේදී බවය යන පසයි.

’’මහණෙනි, මේ ධර්ම පස වනාහි දුරුකොට අනාගාමී ඵලය සෝවාන් ඵලය ප්‍රත්‍යක්‍ෂ කරන්ට සුදුසු වේ..

අරහන්තඵලූපසම්පදා සූත්‍රය

’’මහණෙනි, මේ ධර්ම පස දුරුනොකොට අර්හත් ඵලය ප්‍රත්‍යක්‍ෂ කරන්ට සුදුසු නොවේ..

’’කවර පසක්ද යත්? ආවාසයන්හි මසුරුකමය, කුලයන්හි මසුරුකමය, ලාභයන්හි මසුරුකමය, වර්‍ණයන්හි මසුරුකමය, අකෘතඥබවව හා අකෘතවේදී බවය යන පසයි.

’’මහණෙනි, මේ ධර්ම පස දුරුනොකොට අර්හත් ඵලය ප්‍රත්‍යක්‍ෂ කරන්ට සුදුසු නොවේ..

’’මහණෙනි, මේ ධර්ම පස වනාහි දුරුකොට අර්හත් ඵලය ප්‍රත්‍යක්‍ෂ කරන්ට සුදුසු වේ..

’’කවර පසක්ද යත්? ආවාසයන්හි මසුරුකමය, කුලයන්හි මසුරුකමය, ලාභයන්හි මසුරුකමය, වර්‍ණයන්හි මසුරුකමය, අකෘතඥබවව හා අකෘතවේදී බවය යන පසයි.

’’මහණෙනි, මේ ධර්ම පස වනාහි දුරුකොට අර්හත් ඵලය සෝවාන් ඵලය ප්‍රත්‍යක්‍ෂ කරන්ට සුදුසු වේ..

උපසම්පදාවග්ගො ඡට්ඨො.