අඞ්ගුත්තරනිකායො

පඤ්චක නිපාතය

5. පඤ්චම පණ්ණාසකය

1. සම්මුතිපෙය්‍යාලං

1. භත්තුද්දෙසක සූත්‍රය

’’මහණෙනි, කරුණු පසකින් යුක්තවූ භත්තුද්දේසක තෙම සම්මත නොකටයුතුයි.

’’කවර පසකින්ද යත්? ඡන්‍දයෙන් අගතියට යේද, ද්වේෂයෙන් අගතියට යේද, මොහයෙන් අගතියට යේද, භයින් අගතියට යේද, දක්වන ලද්ද හා නොදක්වන ලද්ද නොදනීද යන පසිනි.

’’මහණෙනි, කරුණු පසකින් යුක්තවූ භත්තුද්දේසක තෙම සම්මත කටයුතුවේ.

’’කවර පසකින්ද යත්? ඡන්‍දයෙන් අගතියට නොයේද, ද්වේෂයෙන් අගතියට නොයේද, මොහයෙන් අගතියට නොයේද, භයින් අගතියට නොයේද, දක්වන ලද්ද හා නොදක්වන ලද්ද දනීද යන පසිනි.

--------

’’මහණෙනි, කරුණු පසකින් යුක්තවූ භත්තුද්දේසක තෙම සම්මත නොකටයුතුයි. සම්මත කරණ ලද්දේද නොයැවිය යුතුවේ.

’’කවර පසකින්ද යත්? ඡන්‍දයෙන් අගතියට යේද, ද්වේෂයෙන් අගතියට යේද, මොහයෙන් අගතියට යේද, භයින් අගතියට යේද, දක්වන ලද්ද හා නොදක්වන ලද්ද නොදනීද යන පසිනි.

’’මහණෙනි, කරුණු පසකින් යුක්තවූ භත්තුද්දේසක තෙම සම්මත නොකටයුතුයි. සම්මත කරණ ලද්දේද නොයැවිය යුතුවේ.

’’මහණෙනි, කරුණු පසකින් යුක්තවූ භත්තුද්දේසක තෙම සම්මත කටයුතුවේ. සම්මත කරණ ලද්දේ යැවිය යුතුවේ.

’’කවර පසකින්ද යත්? ඡන්‍දයෙන් අගතියට නොයේද, ද්වේෂයෙන් අගතියට නොයේද, මොහයෙන් අගතියට නොයේද, භයින් අගතියට නොයේද, දක්වන ලද්ද හා නොදක්වන ලද්ද දනීද යන පසිනි.

’’මහණෙනි, කරුණු පසකින් යුක්තවූ භත්තුද්දේසක තෙම සම්මත කටයුතුවේ. සම්මත කරණ ලද්දේ යැවිය යුතුවේ.

--------

’’මහණෙනි, කරුණු පසකින් යුක්තවූ භත්තුද්දේසක තෙම අඥානයායයි දත යුතු වේ.

’’කවර පසකින්ද යත්? ඡන්‍දයෙන් අගතියට යේද, ද්වේෂයෙන් අගතියට යේද, මොහයෙන් අගතියට යේද, භයින් අගතියට යේද, දක්වන ලද්ද හා නොදක්වන ලද්ද නොදනීද යන පසිනි.

’’මහණෙනි, කරුණු පසකින් යුක්තවූ භත්තුද්දේසක තෙම අඥානයායයි දත යුතු වේ.

’’මහණෙනි, කරුණු පසකින් යුක්තවූ භත්තුද්දේසක තෙම පණ්ඩිතයායයි දත යුතු වේ.යුතුවේ.

’’කවර පසකින්ද යත්? ඡන්‍දයෙන් අගතියට නොයේද, ද්වේෂයෙන් අගතියට නොයේද, මොහයෙන් අගතියට නොයේද, භයින් අගතියට නොයේද, දක්වන ලද්ද හා නොදක්වන ලද්ද දනීද යන පසිනි.

’’මහණෙනි, කරුණු පසකින් යුක්තවූ භත්තුද්දේසක තෙම පණ්ඩිතයායයි දත යුතු වේ.යුතුවේ.

--------

’’මහණෙනි, කරුණු පසකින් යුක්තවූ භත්තුද්දේසක තෙම සාරා දමන ලද ගුණ ඇති, නසන ලද ගුණ ඇති තමා පරිහරණය කරයි.

’’කවර පසකින්ද යත්? ඡන්‍දයෙන් අගතියට යේද, ද්වේෂයෙන් අගතියට යේද, මොහයෙන් අගතියට යේද, භයින් අගතියට යේද, දක්වන ලද්ද හා නොදක්වන ලද්ද නොදනීද යන පසිනි.

’’මහණෙනි, කරුණු පසකින් යුක්තවූ භත්තුද්දේසක තෙම සාරා දමන ලද ගුණ ඇති, නසන ලද ගුණ ඇති තමා පරිහරණය කරයි.

’’මහණෙනි, කරුණු පසකින් යුක්තවූ භත්තුද්දේසක තෙම නොසාරා දමන ලද ගුණ ඇති, නොනසන ලද ගුණ ඇති තමා පරිහරණය කරයි.

’’කවර පසකින්ද යත්? ඡන්‍දයෙන් අගතියට නොයේද, ද්වේෂයෙන් අගතියට නොයේද, මොහයෙන් අගතියට නොයේද, භයින් අගතියට නොයේද, දක්වන ලද්ද හා නොදක්වන ලද්ද දනීද යන පසිනි.

’’මහණෙනි, කරුණු පසකින් යුක්තවූ භත්තුද්දේසක තෙම නොසාරා දමන ලද ගුණ ඇති, නොනසන ලද ගුණ ඇති තමා පරිහරණය කරයි.

--------

’’මහණෙනි, කරුණු පසකින් යුක්තවූ භත්තුද්දේසක තෙම ගෙනෙන ලද බරක් බහා තබන ලද්දේ යම්සේද, එමෙන් නරකයෙහි උපදියි.

’’කවර පසකින්ද යත්? ඡන්‍දයෙන් අගතියට යේද, ද්වේෂයෙන් අගතියට යේද, මොහයෙන් අගතියට යේද, භයින් අගතියට යේද, දක්වන ලද්ද හා නොදක්වන ලද්ද නොදනීද යන පසිනි.

’’මහණෙනි, කරුණු පසකින් යුක්තවූ භත්තුද්දේසක තෙම ගෙනෙන ලද බරක් බහා තබන ලද්දේ යම්සේද, එමෙන් නරකයෙහි උපදියි.

’’මහණෙනි, කරුණු පසකින් යුක්තවූ භත්තුද්දේසක තෙම ගෙනෙන ලද බරක් බහා තබන ලද්දේ යම්සේද, එමෙන් ස්වර්‍ගයෙහි උපදියි.