අඞ්ගුත්තරනිකායො
පඤ්චක නිපාතය
5. පඤ්චම පණ්ණාසකය
1. සම්මුතිපෙය්‍යාලං
2-14. සෙනාසනපඤ්ඤාපකසුත්තාදිතෙරසකං
සේනාසන පඤ්ඤප්ති සූත්‍රය
’’මහණෙනි, මේ කරුණු පසකින් යුක්තවූ සෙනසුන් පනවන්නෙක් සම්මත නොකටයුතුයි.
’’කවර පසකින්ද යත්? ඡන්‍දයෙන් අගතියට යේද, ද්වේෂයෙන් අගතියට යේද, මොහයෙන් අගතියට යේද, භයින් අගතියට යේද, දක්වන ලද්ද හා නොදක්වන ලද්ද නොදනීද යන පසිනි.
’’මහණෙනි, මේ කරුණු පසකින් යුක්තවූ සෙනසුන් පනවන්නෙක් සම්මත නොකටයුතුයි.
’’මහණෙනි, මේ කරුණු පසකින් යුක්තවූ සෙනසුන් පනවන්නෙක් සම්මත කටයුතුයි.
’’කවර පසකින්ද යත්? ඡන්‍දයෙන් අගතියට නොයේද, ද්වේෂයෙන් අගතියට නොයේද, මොහයෙන් අගතියට නොයේද, භයින් අගතියට නොයේද, දක්වන ලද්ද හා නොදක්වන ලද්ද දනීද යන පසිනි.
’’මහණෙනි, මේ කරුණු පසකින් යුක්තවූ සෙනසුන් පනවන්නෙක් සම්මත කටයුතුයි.
--------
’’මහණෙනි, මේ කරුණු පසකින් යුක්තවූ සෙනසුන් පනවන්නෙක් සම්මත නොකටයුතුයි.
’’කවර පසකින්ද යත්? ඡන්‍දයෙන් අගතියට යේද, ද්වේෂයෙන් අගතියට යේද, මොහයෙන් අගතියට යේද, භයින් අගතියට යේද, පනවන ලද්ද හා නොපනවන ලද්ද නොදනීද යන පසිනි

’’කවර පසකින්ද යත්? ඡන්‍දයෙන් අගතියට නොයේද, ද්වේෂයෙන් අගතියට නොයේද, මොහයෙන් අගතියට නොයේද, භයින් අගතියට නොයේද, පනවන ලද්ද හා නොපනවවන ලද්ද දනීද යන පසිනි.
’’මහණෙනි, මේ කරුණු පසකින් යුක්තවූ සෙනසුන් පනවන්නෙක් සම්මත කටයුතුයි.
--------
’’මහණෙනි, මේ කරුණු පසකින් යුක්තවූ සෙනසුන් ගන්වන්නෙක් සම්මත නොකටයුතුයි.
’’කවර පසකින්ද යත්? ඡන්‍දයෙන් අගතියට යේද, ද්වේෂයෙන් අගතියට යේද, මොහයෙන් අගතියට යේද, භයින් අගතියට යේද, පනවන ලද්ද හා නොපනවන ලද්ද නොදනීද යන පසිනි
’’මහණෙනි, මේ කරුණු පසකින් යුක්තවූ සෙනසුන් ගන්වන්නෙක් සම්මත නොකටයුතුයි.
’’මහණෙනි, මේ කරුණු පසකින් යුක්තවූ සෙනසුන් ගන්වන්නෙක් සම්මත කටයුතුයි.

භාණ්ඩාගාරික සූත්‍රය
’’මහණෙනි, මේ කරුණු පසකින් යුක්තවූ භාණ්ඩාගාරික තෙම සම්මත නොකටයුතුයි.

’’මහණෙනි, මේ කරුණු පසකින් යුක්තවූ භාණ්ඩාගාරික තෙම සම්මත කටයුතුයි.

’’කවර පසකින්ද යත්? ඡන්‍දයෙන් අගතියට යේද, ද්වේෂයෙන් අගතියට යේද, මොහයෙන් අගතියට යේද, භයින් අගතියට යේද, රක්නා ලද්ද, නොරක්නා ලද්ද නොදනීද යන පසිනි

’’කවර පසකින්ද යත්? ඡන්‍දයෙන් අගතියට නොයේද, ද්වේෂයෙන් අගතියට නොයේද, මොහයෙන් අගතියට නොයේද, භයින් අගතියට නොයේද, රක්නා ලද්ද, නොරක්නා ලද්ද දනීද යන පසිනි.

චීවර පටිග්ගාහක සූත්‍රය
’’මහණෙනි, මේ කරුණු පසකින් යුක්තවූ සිව්රු පිළිගන්නෙක් සම්මත නොකටයුතුයි.
’’කවර පසකින්ද යත්? ඡන්‍දයෙන් අගතියට යේද, ද්වේෂයෙන් අගතියට යේද, මොහයෙන් අගතියට යේද, භයින් අගතියට යේද, රක්නා ලද්ද, නොරක්නා ලද්ද නොදනීද යන පසිනි
’’මහණෙනි, මේ කරුණු පසකින් යුක්තවූ සිවුරු පිළිගන්නෙක් සම්මත නොකටයුතුයි.
’’මහණෙනි, මේ කරුණු පසකින් යුක්තවූ සිව්රු පිළිගන්නෙක් සම්මත කටයුතුයි.
’’කවර පසකින්ද යත්? ඡන්‍දයෙන් අගතියට නොයේද, ද්වේෂයෙන් අගතියට නොයේද, මොහයෙන් අගතියට නොයේද, භයින් අගතියට නොයේද, රක්නා ලද්ද, නොරක්නා ලද්ද දනීද යන පසිනි.
’’මහණෙනි, මේ කරුණු පසකින් යුක්තවූ සිව්රු පිළිගන්නෙක් සම්මත කටයුතුයි.
--------
’’මහණෙනි, මේ කරුණු පසකින් යුක්තවූ සිව්රු පිළිගන්නෙක් සම්මත නොකටයුතුයි.
’’කවර පසකින්ද යත්? ඡන්‍දයෙන් අගතියට යේද, ද්වේෂයෙන් අගතියට යේද, මොහයෙන් අගතියට යේද, භයින් අගතියට යේද, ගන්නා ලද්ද, නොගන්නා ලද්ද නොදනීද යන පසිනි
’’මහණෙනි, මේ කරුණු පසකින් යුක්තවූ සිවුරු පිළිගන්නෙක් සම්මත නොකටයුතුයි.
’’මහණෙනි, මේ කරුණු පසකින් යුක්තවූ සිව්රු පිළිගන්නෙක් සම්මත කටයුතුයි.
’’කවර පසකින්ද යත්? ඡන්‍දයෙන් අගතියට නොයේද, ද්වේෂයෙන් අගතියට නොයේද, මොහයෙන් අගතියට නොයේද, භයින් අගතියට නොයේද, ගන්නා ලද්ද, නොගන්නා ලද්ද දනීද යන පසිනි.
’’මහණෙනි, මේ කරුණු පසකින් යුක්තවූ සිව්රු පිළිගන්නෙක් සම්මත කටයුතුයි.
--------
’’මහණෙනි, මේ කරුණු පසකින් යුක්තවූ සිව්රු බෙදන්නා සම්මත නොකටයුතුයි.
’’කවර පසකින්ද යත්? ඡන්‍දයෙන් අගතියට යේද, ද්වේෂයෙන් අගතියට යේද, මොහයෙන් අගතියට යේද, භයින් අගතියට යේද, ගන්නා ලද්ද, නොගන්නා ලද්ද නොදනීද යන පසිනි
’’මහණෙනි, මේ කරුණු පසකින් යුක්තවූ සිවුරු බෙදන්නා සම්මත නොකටයුතුයි.
’’මහණෙනි, මේ කරුණු පසකින් යුක්තවූ සිව්රු බෙදන්නා සම්මත කටයුතුයි.
’’කවර පසකින්ද යත්? ඡන්‍දයෙන් අගතියට නොයේද, ද්වේෂයෙන් අගතියට නොයේද, මොහයෙන් අගතියට නොයේද, භයින් අගතියට නොයේද, ගන්නා ලද්ද, නොගන්නා ලද්ද දනීද යන පසිනි.
’’මහණෙනි, මේ කරුණු පසකින් යුක්තවූ සිව්රු බෙදන්නා සම්මත කටයුතුයි.
--------
’’මහණෙනි, මේ කරුණු පසකින් යුක්තවූ කැඳ බෙදන්නා සම්මත නොකටයුතුයි.
’’කවර පසකින්ද යත්? ඡන්‍දයෙන් අගතියට යේද, ද්වේෂයෙන් අගතියට යේද, මොහයෙන් අගතියට යේද, භයින් අගතියට යේද, ගන්නා ලද්ද, නොගන්නා ලද්ද නොදනීද යන පසිනි
’’මහණෙනි, මේ කරුණු පසකින් යුක්තවූ කැඳ බෙදන්නා සම්මත නොකටයුතුයි.
’’මහණෙනි, මේ කරුණු පසකින් යුක්තවූ කැඳ බෙදන්නා සම්මත කටයුතුයි.
’’කවර පසකින්ද යත්? ඡන්‍දයෙන් අගතියට නොයේද, ද්වේෂයෙන් අගතියට නොයේද, මොහයෙන් අගතියට නොයේද, භයින් අගතියට නොයේද, ගන්නා ලද්ද, නොගන්නා ලද්ද දනීද යන පසිනි.
’’මහණෙනි, මේ කරුණු පසකින් යුක්තවූ කැඳ බෙදන්නා සම්මත කටයුතුයි.
--------
’’මහණෙනි, මේ කරුණු පසකින් යුක්තවූ පළතුරු බෙදන්නා සම්මත නොකටයුතුයි.
’’කවර පසකින්ද යත්? ඡන්‍දයෙන් අගතියට යේද, ද්වේෂයෙන් අගතියට යේද, මොහයෙන් අගතියට යේද, භයින් අගතියට යේද, ගන්නා ලද්ද, නොගන්නා ලද්ද නොදනීද යන පසිනි
’’මහණෙනි, මේ කරුණු පසකින් යුක්තවූ පළතුරු බෙදන්නා සම්මත නොකටයුතුයි.
’’මහණෙනි, මේ කරුණු පසකින් යුක්තවූ පළතුරු බෙදන්නා සම්මත කටයුතුයි.
’’කවර පසකින්ද යත්? ඡන්‍දයෙන් අගතියට නොයේද, ද්වේෂයෙන් අගතියට නොයේද, මොහයෙන් අගතියට නොයේද, භයින් අගතියට නොයේද, ගන්නා ලද්ද, නොගන්නා ලද්ද දනීද යන පසිනි.
’’මහණෙනි, මේ කරුණු පසකින් යුක්තවූ පළතුරු බෙදන්නා සම්මත කටයුතුයි.
--------
’’මහණෙනි, මේ කරුණු පසකින් යුක්තවූ කැවිලි බෙදන්නා සම්මත නොකටයුතුයි.
’’කවර පසකින්ද යත්? ඡන්‍දයෙන් අගතියට යේද, ද්වේෂයෙන් අගතියට යේද, මොහයෙන් අගතියට යේද, භයින් අගතියට යේද, ගන්නා ලද්ද, නොගන්නා ලද්ද නොදනීද යන පසිනි
’’මහණෙනි, මේ කරුණු පසකින් යුක්තවූ කැවිලි බෙදන්නා සම්මත නොකටයුතුයි.
’’මහණෙනි, මේ කරුණු පසකින් යුක්තවූ කැවිලි බෙදන්නා සම්මත කටයුතුයි.
’’කවර පසකින්ද යත්? ඡන්‍දයෙන් අගතියට නොයේද, ද්වේෂයෙන් අගතියට නොයේද, මොහයෙන් අගතියට නොයේද, භයින් අගතියට නොයේද, ගන්නා ලද්ද, නොගන්නා ලද්ද දනීද යන පසිනි.
’’මහණෙනි, මේ කරුණු පසකින් යුක්තවූ කැවිලි බෙදන්නා සම්මත කටයුතුයි.
--------
’’මහණෙනි, මේ කරුණු පසකින් යුක්තවූ ස්වල්ප තරමින් හැර දමන්නෙක් සම්මත නොකටයුතුයි.
’’කවර පසකින්ද යත්? ඡන්‍දයෙන් අගතියට යේද, ද්වේෂයෙන් අගතියට යේද, මොහයෙන් අගතියට යේද, භයින් අගතියට යේද, බෙදන ලද්ද, නොබෙදන ලද්ද නොදනීද යන පසිනි
’’මහණෙනි, මේ කරුණු පසකින් යුක්තවූ ස්වල්ප තරමින් හැර දමන්නෙක් සම්මත නොකටයුතුයි.
’’මහණෙනි, මේ කරුණු පසකින් යුක්තවූ ස්වල්ප තරමින් හැර දමන්නෙක් සම්මත කටයුතුයි.
’’කවර පසකින්ද යත්? ඡන්‍දයෙන් අගතියට නොයේද, ද්වේෂයෙන් අගතියට නොයේද, මොහයෙන් අගතියට නොයේද, භයින් අගතියට නොයේද, බෙදන ලද්ද, නොබෙදන ලද්ද දනීද යන පසිනි.
’’මහණෙනි, මේ කරුණු පසකින් යුක්තවූ ස්වල්ප තරමින් හැර දමන්නෙක් සම්මත කටයුතුයි.
--------
’’මහණෙනි, මේ කරුණු පසකින් යුක්තවූ ස්වල්ප තරමින් හැර දමන්නෙක් සම්මත නොකටයුතුයි.
’’කවර පසකින්ද යත්? ඡන්‍දයෙන් අගතියට යේද, ද්වේෂයෙන් අගතියට යේද, මොහයෙන් අගතියට යේද, භයින් අගතියට යේද, හැර දමන ලද්ද, හැර නොදමන ලද්ද නොදනීද යන පසිනි

’’කවර පසකින්ද යත්? ඡන්‍දයෙන් අගතියට නොයේද, ද්වේෂයෙන් අගතියට නොයේද, මොහයෙන් අගතියට නොයේද, භයින් අගතියට නොයේද හැර දමන ලද්ද, හැර නොදමන ලද්ද දනීද යන පසිනි.

’’මහණෙනි, මේ කරුණු පසකින් යුක්තවූ වැසි සළු ගන්වන්නෙක් සම්මත නොකටයුතුයි.

’’මහණෙනි, මේ කරුණු පසකින් යුක්තවූ වැසි සළු ගන්වන්නෙක් සම්මත කටයුතුයි.
’’කවර පසකින්ද යත්? ඡන්‍දයෙන් අගතියට නොයේද, ද්වේෂයෙන් අගතියට නොයේද, මොහයෙන් අගතියට නොයේද, භයින් අගතියට නොයේද හැර දමන ලද්ද, හැර නොදමන ලද්ද දනීද යන පසිනි.
’’මහණෙනි, මේ කරුණු පසකින් යුක්තවූ වැසි සළු ගන්වන්නෙක් සම්මත කටයුතුයි.
--------
’’මහණෙනි, මේ කරුණු පසකින් යුක්තවූ වැසි සළු ගන්වන්නෙක් සම්මත නොකටයුතුයි.
’’කවර පසකින්ද යත්? ඡන්‍දයෙන් අගතියට යේද, ද්වේෂයෙන් අගතියට යේද, මොහයෙන් අගතියට යේද, භයින් අගතියට යේද, ගන්නා ලද්ද, නොගන්නා ලද්ද නොදනීද යන පසිනි
’’මහණෙනි, මේ කරුණු පසකින් යුක්තවූ වැසි සළු ගන්වන්නෙක් සම්මත නොකටයුතුයි.
’’මහණෙනි, මේ කරුණු පසකින් යුක්තවූ වැසි සළු ගන්වන්නෙක් සම්මත කටයුතුයි.
’’කවර පසකින්ද යත්? ඡන්‍දයෙන් අගතියට නොයේද, ද්වේෂයෙන් අගතියට නොයේද, මොහයෙන් අගතියට නොයේද, භයින් අගතියට නොයේද ගන්නා ලද්ද, නොගන්නා ලද්ද දනීද යන පසිනි.
’’මහණෙනි, මේ කරුණු පසකින් යුක්තවූ වැසි සළු ගන්වන්නෙක් සම්මත කටයුතුයි.
--------
’’මහණෙනි, මේ කරුණු පසකින් යුක්තවූ පාත්‍රය ගන්වන්නෙක් සම්මත නොකටයුතුයි.
’’කවර පසකින්ද යත්? ඡන්‍දයෙන් අගතියට යේද, ද්වේෂයෙන් අගතියට යේද, මොහයෙන් අගතියට යේද, භයින් අගතියට යේද, ගන්නා ලද්ද, නොගන්නා ලද්ද නොදනීද යන පසිනි
’’මහණෙනි, මේ කරුණු පසකින් යුක්තවූ පාත්‍රය ගන්වන්නෙක් සම්මත නොකටයුතුයි.
’’මහණෙනි, මේ කරුණු පසකින් යුක්තවූ පාත්‍රය ගන්වන්නෙක් සම්මත කටයුතුයි.

’’මහණෙනි, මේ කරුණු පසකින් යුක්තවූ ආරාමිකයන් යවන්නෙක් සම්මත නොකටයුතුයි.

’’මහණෙනි, මේ කරුණු පසකින් යුක්තවූ ආරාමිකයන් යවන්නෙක් සම්මත කටයුතුයි.

’’කවර පසකින්ද යත්? ඡන්‍දයෙන් අගතියට යේද, ද්වේෂයෙන් අගතියට යේද, මොහයෙන් අගතියට යේද, භයින් අගතියට යේද, යවන ලද්ද, නොයවන ලද්ද නොදනීද යන පසිනි

’’කවර පසකින්ද යත්? ඡන්‍දයෙන් අගතියට නොයේද, ද්වේෂයෙන් අගතියට නොයේද, මොහයෙන් අගතියට නොයේද, භයින් අගතියට නොයේද යවන ලද්ද, නොයවන ලද්ද දනීද යන පසිනි.

’’මහණෙනි, මේ කරුණු පසකින් යුක්තවූ සාමණේරයන් මෙහෙයවන්නෙක් සම්මත නොකටයුතුයි.

’’මහණෙනි, මේ කරුණු පසකින් යුක්තවූ සාමණේරයන් මෙහෙයවන්නෙක් සම්මත කටයුතුයි.
’’කවර පසකින්ද යත්? ඡන්‍දයෙන් අගතියට නොයේද, ද්වේෂයෙන් අගතියට නොයේද, මොහයෙන් අගතියට නොයේද, භයින් අගතියට නොයේද යවන ලද්ද, නොයවන ලද්ද දනීද යන පසිනි.
’’මහණෙනි, මේ කරුණු පසකින් යුක්තවූ සාමණේරයන් මෙහෙයවන්නෙක් සම්මත කටයුතුයි.
--------
’’මහණෙනි, මේ කරුණු පසකින් යුක්තවූ සාමණේරයන් මෙහෙයවන්නෙක් සම්මත නොකටයුතුයි. සම්මත කරණ ලද්දේද, නොමෙහෙය විය යුත්තේය.
’’කවර පසකින්ද යත්? ඡන්‍දයෙන් අගතියට යේද, ද්වේෂයෙන් අගතියට යේද, මොහයෙන් අගතියට යේද, භයින් අගතියට යේද, යවන ලද්ද, නොයවන ලද්ද නොදනීද යන පසිනි
’’මහණෙනි, මේ කරුණු පසකින් යුක්තවූ සාමණේරයන් මෙහෙයවන්නෙක් සම්මත නොකටයුතුයි. සම්මත කරණ ලද්දේද, නොමෙහෙය විය යුත්තේය.
’’මහණෙනි, මේ කරුණු පසකින් යුක්තවූ සාමණේරයන් මෙහෙයවන්නෙක් සම්මත නොකටයුතුයි. සම්මත කරණ ලද්දේ, මෙහෙය විය යුතුයි.
’’කවර පසකින්ද යත්? ඡන්‍දයෙන් අගතියට නොයේද, ද්වේෂයෙන් අගතියට නොයේද, මොහයෙන් අගතියට නොයේද, භයින් අගතියට නොයේද යවන ලද්ද, නොයවන ලද්ද දනීද යන පසිනි.
’’මහණෙනි, මේ කරුණු පසකින් යුක්තවූ සාමණේරයන් මෙහෙයවන්නෙක් සම්මත නොකටයුතුයි. සම්මත කරණ ලද්දේ, මෙහෙය විය යුතුයි.
--------
’’මහණෙනි, මේ කරුණු පසකින් යුක්තවූ අඥාන තෙම දත යුතුයි.
’’කවර පසකින්ද යත්? ඡන්‍දයෙන් අගතියට යේද, ද්වේෂයෙන් අගතියට යේද, මොහයෙන් අගතියට යේද, භයින් අගතියට යේද, යවන ලද්ද, නොයවන ලද්ද නොදනීද යන පසිනි
’’මහණෙනි, මේ කරුණු පසකින් යුක්තවූ අඥාන තෙම දත යුතුයි.
’’මහණෙනි, මේ කරුණු පසකින් යුක්තවූ පණ්ඩිත තෙම දත යුතුයි.
’’කවර පසකින්ද යත්? ඡන්‍දයෙන් අගතියට නොයේද, ද්වේෂයෙන් අගතියට නොයේද, මොහයෙන් අගතියට නොයේද, භයින් අගතියට නොයේද යවන ලද්ද, නොයවන ලද්ද දනීද යන පසිනි.
’’මහණෙනි, මේ කරුණු පසකින් යුක්තවූ පණ්ඩිත තෙම දත යුතුයි.
--------
’’මහණෙනි, මේ කරුණු පසකින් යුක්තවූ අඥාන තෙම දත යුතුයි.
’’කවර පසකින්ද යත්? ඡන්‍දයෙන් අගතියට යේද, ද්වේෂයෙන් අගතියට යේද, මොහයෙන් අගතියට යේද, භයින් අගතියට යේද, සාරා දමන ලද, නසන ලද ගුණ ඇති තමා පරිහරණය කරයි.
’’මහණෙනි, මේ කරුණු පසකින් යුක්තවූ අඥාන තෙම දත යුතුයි.
’’මහණෙනි, මේ කරුණු පසකින් යුක්තවූ පණ්ඩිත තෙම දත යුතුයි.
’’කවර පසකින්ද යත්? ඡන්‍දයෙන් අගතියට නොයේද, ද්වේෂයෙන් අගතියට නොයේද, මොහයෙන් අගතියට නොයේද, භයින් අගතියට නොයේද නොසාරා දමන ලද, නොනසන ලද ගුණ ඇති තමා පරිහරණය කරයි.
’’මහණෙනි, මේ කරුණු පසකින් යුක්තවූ පණ්ඩිත තෙම දත යුතුයි.
--------
’’මහණෙනි, මේ කරුණු පසකින් යුක්තවූ අඥාන තෙම ගෙනෙන ලද බරක් බහා තබන ලද්දේ යම් සේද, එමෙන් නරකයෙහි උපදියි.
’’කවර පසකින්ද යත්? ඡන්‍දයෙන් අගතියට යේද, ද්වේෂයෙන් අගතියට යේද, මොහයෙන් අගතියට යේද, භයින් අගතියට යේද, මෙහෙයවන ලද්ද, නොමෙහෙයවන ලද්ද නොදනියි.

’’මහණෙනි, මේ කරුණු පසකින් යුක්තවූ පණ්ඩිත තෙම ගෙනෙන ලද බරක් බහා තබන ලද්දේ යම් සේද, එමෙන් ස්වර්‍ගයෙහි උපදියි.
’’කවර පසකින්ද යත්? ඡන්‍දයෙන් අගතියට යේද, ද්වේෂයෙන් අගතියට යේද, මොහයෙන් අගතියට යේද, භයින් අගතියට යේද, මෙහෙයවන ලද්ද, නොමෙහෙයවන ලද්ද දනියි.

සම්මුතිපෙය්‍යාලං නිට්ඨිතං.