අඞ්ගුත්තරනිකායො
පඤ්චක නිපාතය
5. පඤ්චම පණ්ණාසකය
2. සික්ඛාපදපෙය්‍යාලං
1. භික්ඛුසුත්තං
’’මහණෙනි, කරුණු පසකින් යුක්තවූ භික්‍ෂුතෙම ගෙනෙන ලද බරක් බහා තබන ලද්දේ යම් සේද, එමෙන් නරකයෙහි උපදියි.
’’කවර පසකින්ද යත්? සතුන් මරන්නේ වේද, සොරකම් කරන්නේ වේද, අබ්‍රහ්මචාරී වේද, බොරු කියන්නේ වේද, මදයට හා ප්‍රමාදයට කරුණුවූ රහමෙර පානය කරන්නේ වේද යන පසිනි.
’’මහණෙනි, කරුණු පසකින් යුක්තවූ භික්‍ෂුතෙම ගෙනෙන ලද බරක් බහා තබන ලද්දේ යම් සේද, එමෙන් නරකයෙහි උපදියි.
’’මහණෙනි, කරුණු පසකින් යුක්තවූ භික්‍ෂුතෙම ගෙනෙන ලද බරක් බහා තබන ලද්දේ යම් සේද, එමෙන් ස්වර්‍ගයෙහි උපදියි.
’’කවර පසකින්ද යත්? සතුන් මැරීමෙන් වැළකුණේ වේද, සොරකම් කිරීමෙන් වැළකුණේ වේද, අබ්‍රහ්මචර්‍ය්‍යාවෙන් වැළකුණේ වේද, බොරු කීමෙන් වැළකුණේ වේද, මදයට හා ප්‍රමාදයට කරුණුවූ රහමෙර පානයෙන් වැළකුණේ වේද යන පසිනි.
’’මහණෙනි, කරුණු පසකින් යුක්තවූ භික්‍ෂුතෙම ගෙනෙන ලද බරක් බහා තබන ලද්දේ යම් සේද, එමෙන් ස්වර්‍ගයෙහි උපදියි.