අඞ්ගුත්තරනිකායො
පඤ්චක නිපාතය
5. පඤ්චම පණ්ණාසකය
2. සික්ඛාපදපෙය්‍යාලං
8. ආජීවකසුත්තං
’’මහණෙනි, කරුණු පසකින් වනාහි යුක්තවූ ආජීවක තෙම ගෙනෙන ලද බරක් බහා තබන ලද්දේ යම් සේද, එමෙන් නරකයෙහි උපදියි.
’’කවර පසකින්ද යත්? සතුන් මරන්නේ වේද, සොරකම් කරන්නේ වේද, අබ්‍රහ්මචාරී වේද, බොරු කියන්නේ වේද, මදයට හා ප්‍රමාදයට කරුණුවූ රහමෙර පානය කරන්නේ වේද යන පසිනි.
’’මහණෙනි, කරුණු පසකින් වනාහි යුක්තවූ ආජීවක තෙම ගෙනෙන ලද බරක් බහා තබන ලද්දේ යම් සේද, එමෙන් නරකයෙහි උපදියි.