අඞ්ගුත්තරනිකායො
පඤ්චක නිපාතය
5. පඤ්චම පණ්ණාසකය
2. සික්ඛාපදපෙය්‍යාලං
9-17. නිගණ්ඨසුත්තාදිනවකං
’’මහණෙනි, කරුණු පසකින් වනාහි යුක්තවූ නිඝණ්ඨ තෙම ගෙනෙන ලද බරක් බහා තබන ලද්දේ යම් සේද, එමෙන් නරකයෙහි උපදියි.
’’කවර පසකින්ද යත්? සතුන් මරන්නේ වේද, සොරකම් කරන්නේ වේද, අබ්‍රහ්මචාරී වේද, බොරු කියන්නේ වේද, මදයට හා ප්‍රමාදයට කරුණුවූ රහමෙර පානය කරන්නේ වේද යන පසිනි.

--------
’’මහණෙනි, කරුණු පසකින් වනාහි යුක්තවූ නිඝණ්ඨ ශ්‍රාවක තෙම ගෙනෙන ලද බරක් බහා තබන ලද්දේ යම් සේද, එමෙන් නරකයෙහි උපදියි.

’’මහණෙනි, කරුණු පසකින් වනාහි යුක්තවූ තාපස තෙම ගෙනෙන ලද බරක් බහා තබන ලද්දේ යම් සේද, එමෙන් නරකයෙහි උපදියි.

’’මහණෙනි, කරුණු පසකින් වනාහි යුක්තවූ පරිබ්‍රාජක තෙම ගෙනෙන ලද බරක් බහා තබන ලද්දේ යම් සේද, එමෙන් නරකයෙහි උපදියි.

’’මහණෙනි, කරුණු පසකින් වනාහි යුක්තවූ මාගන්‍දික තෙම ගෙනෙන ලද බරක් බහා තබන ලද්දේ යම් සේද, එමෙන් නරකයෙහි උපදියි.

’’මහණෙනි, කරුණු පසකින් වනාහි යුක්තවූ තෙදණ්ඩික තෙම ගෙනෙන ලද බරක් බහා තබන ලද්දේ යම් සේද, එමෙන් නරකයෙහි උපදියි.

’’මහණෙනි, කරුණු පසකින් වනාහි යුක්තවූ අරුද්‍ධක තෙම ගෙනෙන ලද බරක් බහා තබන ලද්දේ යම් සේද, එමෙන් නරකයෙහි උපදියි.

’’මහණෙනි, කරුණු පසකින් වනාහි යුක්තවූ ගොතමක තෙම ගෙනෙන ලද බරක් බහා තබන ලද්දේ යම් සේද, එමෙන් නරකයෙහි උපදියි.

’’මහණෙනි, කරුණු පසකින් වනාහි යුක්තවූ දෙව ධර්මික තෙම ගෙනෙන ලද බරක් බහා තබන ලද්දේ යම් සේද, එමෙන් නරකයෙහි උපදියි.

සික්ඛාපදපෙය්‍යාලං නිට්ඨිතං.