අඞ්ගුත්තරනිකායො
පඤ්චක නිපාතය
2. දෙවැනි පණ්ණාසකය
(8) 3. යොධාජීව වර්‍ගය (අනාගතභය වර්‍ගය)
3. පඨම ධම්ම විහාරී සූත්‍රය
’’ඉක්බිති එක්තරා භික්‍ෂුවක් තෙම භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේට වැඳ, එකත්පස්ව හුන්නේය. එකත්පස්ව හුන්නාවූම ඒ භික්‍ෂු තෙම භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කෙළේය. ’’ස්වාමීනි, ’දැහැමි’ විහරණ ඇත්තේය. දැහැමි විහරණ ඇත්තේය’ යි කියනු ලැබේ. ස්වාමීනි, කොපමණකින් වනාහි භික්‍ෂු තෙම දැහැමි විහරණ ඇත්තේ වේද?’’
’’මහණ, මේ ශාසනයෙහි භික්‍ෂු තෙම සූත්‍රය, ගෙය්‍යය, වෙය්‍යාකරණය, ගාථාය, උදානය, ඉතිවුත්තකය, ජාතකය, අද්භූත ධර්මය, වේදල්ලය යන ධර්මය හදාරයිද,
’’හෙතෙම ඒ ධර්මය හැදෑරීමෙන් දවස ඉක්මවාද, විවේකය දුරු කෙර්ද, තමන් කෙරෙහි සිත එකඟ කිරීමෙහි නොයෙදේද, මහණ, මේ භික්‍ෂු තෙම පර්‍ය්‍යාප්තිය බහුල කොට ඇත්තේය. ධර්ම විහරණ ඇත්තේ නොව්යයි කියනු ලැබේ.
’’මහණ, නැවත අනිකක්ද කියමි. භික්‍ෂු තෙම අසන ලද පරිදි, පිරිවහණ ලද පරිදි, ධර්මය විස්තර වශයෙන් අනුන්ට දේශනා කෙරේද,
’’හෙතෙම ඒ ධර්මය හැඟවීමෙන් දවස ඉක්මවාද, විවේකය හිස් කෙරේද, තමන් කෙරෙහි සිත සංසිඳවීමෙහි නොයෙදේද, මහණ, මේ භික්‍ෂු තෙම හැඟවීම් බහුල කොට ඇත්තේය. දැහැමි විහරණ ඇත්තේ නොවේයයි කියනු ලැබේ.
’’මහණ, නැවත අනිකක්ද කියමි. භික්‍ෂු තෙම අසන ලද පරිදි, පිරිවහණ ලද පරිදි, ධර්මය විස්තර වශයෙන් හැදෑරීම කෙරේද,
’’හෙතෙම ඒ හැදෑරීමෙන් දවස ඉක්මවාද, විවේකය සිස් කෙරේද, තමන් කෙරෙහි සිත සංසිඳවීමෙහි නොයෙදේද, මහණ, මේ භික්‍ෂු තෙම හැදෑරුම් බහුල කොට ඇත්තේය. දැහැමි විහරණ ඇත්තේ නොවේයයි කියනු ලැබේ.
’’මහණ, නැවත අනිකක්ද කියමි. භික්‍ෂු තෙම අසන ලද පරිදි, පිරිවහණ ලද පරිදි, ධර්මය සිතින් අනුව කල්පනා කෙරේද, අනුව හසුරුවාද, සිතින් සලකා බලාද,
’’හෙතෙම ඒ ධර්ම විතර්‍කවලින් දවස ඉක්මවාද, විවේකය සිස් කෙරේද, තමන් කෙරෙහි සිත සංසිඳුවීමෙහි නොයෙදේද, මහණ, මේ භික්‍ෂු තෙම විතර්‍ක බහුල කොට ඇත්තේ, දැහැමි විහරණ ඇත්තේ නොවේයයි කියනු ලැබේ.
’’හෙතෙම ඒ ධර්මය හැදෑරීමෙන් දවස ඉක්මවාද, විවේකය දුරු කෙර්ද, තමන් කෙරෙහි සිත එකඟ කිරීමෙහි නොයෙදේද, මහණ, මේ භික්‍ෂු තෙම පර්‍ය්‍යාප්තිය බහුල කොට ඇත්තේය. ධර්ම විහරණ ඇත්තේ නොව්යයි කියනු ලැබේ.
’’හෙතෙම ඒ ධර්මය පිරිවැහීමෙන් දවස නොඉක්මවාද, විවේකය සිස් නොකෙර්ද, තමන් කෙරෙහිවූ සිත් සංසිඳවීමෙහි යෙදේද, මහණ, මෙසේ වනාහි භික්‍ෂු තෙම දැහැමි විහරණ ඇත්තේ වේ.
’’මහණ, මෙසේ වනාහි පර්‍ය්‍යාප්ති බහුල කොට ඇත්තේ, මා විසින් දේශනා කරණ ලදී. සඤ්ඤත්ති බහුල කොට ඇත්තේ, මා විසින් දේශනා කරණ ලදී. සජ්ඣාය බහුල කොට ඇත්තේ, දේශනා කරණ ලදී. විතර්‍ක බහුල කොට ඇත්තේ, දේශනා කරණ ලදී. දැහැමි විහරණ ඇත්තේ දේශනා කරණ ලදී.
’’මහණ, යමක් වනාහි වැඩ කැමතිවූ, අනුකම්පා ඇත්තාවූ, ශාස්තෲහු විසින් ශ්‍රාවකයන්ට අනුකම්පා පිණිස කටයුතුද, මා විසින් තොපට එය කරණ ලදී. මහණ, මේ රුක් මුල් ඇත්තාහ. මේ හිස් ගෙවල් ඇත්තාහ. මහණ, ධ්‍යාන කරව්. ප්‍රමාද නොවව්. පසුව විපිළිසර ඇත්තෝ නොවව්. මෙය තොපට අපගේ අනුශාසනාවය’’ යි වදාළ සේක.