අඞ්ගුත්තරනිකායො

පඤ්චක නිපාතය

2. දෙවැනි පණ්ණාසකය

(10) 5. කකුධ වර්‍ගය

3. අඤ්ඤාව්‍යාකරණ සූත්‍රය

’’මහණෙනි, මේ රහත් බැව් ප්‍රකාශ කිරීම් පසක් වෙත්. කවර පසක්ද යත්? නුවණ මඳ බැවින් මුළා බැවින් අර්හත්වය ප්‍රකාශ කරයි. ලාමක ආසා ඇත්තේ, ආශාව ස්වභාව කොට ඇත්තේ අර්හත්වය ප්‍රකාශ කරයි. උමතු බැවින් සිත් පෙරලීමෙන් රහත් බව ප්‍රකාශ කරයි. අධිකවූ මානයෙන් රහත් බව ප්‍රකාශ කරයි. මනාකොටම රහත් බව ප්‍රකාශ කරයි. යන පසයි. මහණෙනි, මොහු වනාහි රහත් බැව් ප්‍රකාශ කිරීම් පස වෙත්ය’’ යි වදාළ සේක.