අඞ්ගුත්තරනිකායො

ඡක්ක නිපාතය

2. දුතිය පණ්ණාසකය

11. තික වර්‍ගය

5. ධාතුත්තය පහාණ සූත්‍රය

’’මහණෙනි, මේ ධර්ම තුනකි. කිනම් තුනක්ද යත්? කාම ධාතුවය, ව්‍යාපාද ධාතුවය, , විහිංසා ධාතුවය, යන තුනයි. මහණෙනි, මේ ධර්ම තුනය.

’’මහණෙනි, මේ ධර්ම තුන ප්‍රහීණ කිරීම පිණිස ධර්‍ම තුනක් වැඩිය යුත්තාහ.

’’කිනම් තුනක්ද යත්? කාම ධාතුව ප්‍රහීණ කිරීම පිණිස නෛෂ්කාම්‍ය ධාතුව වැඩිය යුතුයි. ව්‍යාපාද ධාතුව ප්‍රහීණ කිරීම පිණිස මෛත්‍රී ධාතුව වැඩිය යුතුයි. හිංසා ධාතුව ප්‍රහීණ කිරීම පිණිස අවිහිංසා ධාතුව වැඩිය යුතුයි. මහණෙනි, මේ ධර්ම තුන ප්‍රහීණ කිරීම පිණිස ධර්‍ම තුනක් වැඩිය යුත්තාහ.