අඞ්ගුත්තරනිකායො
ඡක්ක නිපාතය
2. දුතිය පණ්ණාසකය
11. තික වර්‍ගය
6. අස්සාදදිට්ඨි සූත්‍රය
’’මහණෙනි, මේ ධර්ම තුනකි. කිනම් තුනක්ද යත්? සැප වශයෙන් දැකීම, ආත්මය වශයෙන් දැකීම, වැරදි දැකීම යන තුනයි. මහණෙනි, මේ ධර්ම තුනය.
’’මහණෙනි, මේ ධර්ම තුනම ප්‍රහීණ කිරීම පිණිස ධර්‍ම තුනක් වැඩිය යුතුය.
’’කිනම් තුනක්ද යත්? සැප වශයෙන් දැකීම ප්‍රහාණය කිරීම පිණිස අනිත්‍යය යන හැඟීම වැඩිය යුතුයි. ආත්මය යන හැඟීම ප්‍රහීණ කිරීම පිණිස අනාත්ම යන හැඟීම වැඩිය යුතුය. වැරදි දැකීම ප්‍රහීණ කිරීම පිණිස හරි දැකීම වැඩිය යුතුයි. මහණෙනි, මේ ධර්ම තුනම ප්‍රහීණ කිරීම පිණිස ධර්‍ම තුනක් වැඩිය යුතුය.