අඞ්ගුත්තරනිකායො

ඡක්ක නිපාතය

2. දුතිය පණ්ණාසකය

11. තික වර්‍ගය

8. අසන්තුඨතා පහාණ සූත්‍රය

’’මහණෙනි, මේ ධර්ම තුනකි. කිනම් තුනක්ද යත්? නොසතුටු බව, යහපත් නුවණ නැති බව, බොහෝ කැමති බව, යන තුනයි. මහණෙනි, මේ ධර්ම තුනය.

’’මහණෙනි, මේ ධර්ම තුන ප්‍රහීණ කිරීම පිණිස ධර්‍ම තුනක් වැඩිය යුත්තාහ.

’’කිනම් තුනක්ද යත්? නොසතුටු බව ප්‍රහීණ කිරීම පිණිස සතුටුවීම වැඩිය යුතුයි. යහපත් නුවණ නැති බව ප්‍රහීණ කිරීම පිණිස යහපත් ප්‍රඥාව වැඩිය යුතුයි. බොහෝ කැමති බව ප්‍රහීණ කිරීම පිණිස බොහෝ කැමති නැති බව වැඩිය යුතුයි. මහණෙනි, මේ ධර්ම තුන ප්‍රහීණ කිරීම පිණිස ධර්‍ම තුනක් වැඩිය යුත්තාහ.