අඞ්ගුත්තරනිකායො

ඡක්ක නිපාතය

2. දුතිය පණ්ණාසකය

11. තික වර්‍ගය

9. දොවචස්සතා පහාණ සූත්‍රය

’’මහණෙනි, මේ ධර්ම තුනකි. කවර තුනක්ද යත්? නපුරු වචන ඇති බව, පවිටු මිතුරන් ඇති බව, සිතේ විපිළිසර බව, යන තුනයි. මහණෙනි, මේ ධර්ම තුනය.

’’මහණෙනි, මේ ධර්ම තුන ප්‍රහීණ කිරීම පිණිස ධර්‍ම තුනක් වැඩිය යුත්තාහ.

’’කිනම් තුනක්ද යත්? නපුරු වචන ඇති බව ප්‍රහීණ කිරීම පිණිස කීකරු බව වැඩිය යුතුයි. පවිටු මිත්‍රයන් ඇති බව ප්‍රහීණ කිරීම පිණිස යහපත් මිත්‍රයන් ඇති බව වැඩිය යුතුයි. සිතේ අවුල ප්‍රහීණ කිරීම පිණිස ආශ්වාස ප්‍රශ්වාස සිහිය වැඩිය යුතුයි. මහණෙනි, මේ ධර්ම තුන ප්‍රහීණ කිරීම පිණිස ධර්‍ම තුනක් වැඩිය යුත්තාහ.