අඞ්ගුත්තරනිකායො

ඡක්ක නිපාතය

2. දුතිය පණ්ණාසකය

11. තික වර්‍ගය

10. උද්‍ධච්චපහාණ සූත්‍රය

’’මහණෙනි, මේ ධර්ම තුනකි. කිනම් තුනක්ද යත්? සිතේ නොසන්සුන් කම, සංවර නොවීම, ප්‍රමාදය, යන තුනයි. මහණෙනි, මේ ධර්ම තුනය.

’’මහණෙනි, මේ ධර්ම තුන ප්‍රහීණ කිරීම පිණිස ධර්‍ම තුනක් වැඩිය යුත්තාහ.

’’කිනම් තුනක්ද යත්? සිතේ නොසන්සුන් කම ප්‍රහීණ කිරීම පිණිස කෙලෙස් ඔබා තැබීම වැඩිය යුතුයි. අසංවරය ප්‍රහීණ කිරීම පිණිස සංවරය වැඩිය යුතුයි. ප්‍රමාදය ප්‍රහීණ කිරීම පිණිස අප්‍රමාදය වැඩිය යුතුයි. මහණෙනි, මේ ධර්ම තුන ප්‍රහීණ කිරීම පිණිස ධර්‍ම තුනක් වැඩිය යුත්තාහ.

එකොලොස් වැනි තික වර්‍ගය නිමි.