අඞ්ගුත්තරනිකායො
ඡක්ක නිපාතය
2. දුතිය පණ්ණාසකය
12. සාමඤ්ඤ වර්‍ගය
1. කායානුපස්සී විහරණ සූත්‍රය
’’මහණෙනි, ධර්ම සයක් දුරු නොකර ශරීරයෙහි ශරීරය අනුව බලන්නට නුසුදුසුය.
’’කිනම් සයක්ද යත්? කර්‍මාන්තයෙහි ඇලුන බව, කථාවෙහි ඇලුන බව, නිදීමෙහි ඇලුන බව, පිරිසෙහි ඇලුන බව, ඉන්‍ද්‍රියයන්හි නොවසන ලද දොරටු ඇති බව, බොජුනෙහි ප්‍රමාණ නොදන්නා බව යන සයයි. මහණෙනි, මේ ධර්‍ම සය අත් නොහැර ශරීරයේ ශරීරය අනුව බැලීම බලමින් වසන්නට නුසුදුසුය.