අඞ්ගුත්තරනිකායො
ඡක්ක නිපාතය
2. දුතිය පණ්ණාසකය
12. සාමඤ්ඤ වර්‍ගය
2. ධම්මානුපස්සීසුත්තං
අජ්ඣත්තං කායානුපස්සී සූත්‍රය
’’මහණෙනි, ධර්‍ම සයක් අත්හැර ශරීරයෙහි ශරීරය අනුව බලන්නට සුදුසුය. කිනම් සයක්ද යත්? කර්‍මාන්තයෙහි ඇලුන බව, කථාවෙහි ඇලුන බව, නිදීමෙහි ඇලුන බව, පිරිසෙහි ඇලුන බව, ඉන්‍ද්‍රියයන්හි නොවසන ලද දොරටු ඇති බව, බොජුනෙහි ප්‍රමාණ නොදන්නා බව යන සයයි. මහණෙනි, මේ ධර්‍ම සය අත් හැර ශරීරයේ ශරීරය අනුව බැලීම බලමින් වසන්නට සුදුසුය.
බහිද්‍ධා කායානුපස්සී සූත්‍රය
’’මහණෙනි, ධර්‍ම සයක් අත් නොහැර ස්වකිය ශරීරයෙහි ශරීරය අනුව බලන්නට නුසුදුසුය. කිනම් සයක්ද යත්? කර්‍මාන්තයෙහි ඇලුන බව, කථාවෙහි ඇලුන බව, නිදීමෙහි ඇලුන බව, පිරිසෙහි ඇලුන බව, ඉන්‍ද්‍රියයන්හි නොවසන ලද දොරටු ඇති බව, බොජුනෙහි ප්‍රමාණ නොදන්නා බව යන සයයි. මහණෙනි, මේ ධර්‍ම සය අත් නොහැර ශරීරයේ ශරීරය අනුව බැලීම බලමින් වසන්නට නුසුදුසුය.
අජ්ඣත්ත බහිද්‍ධා කායානුපස්සී සූත්‍රය
(මෙහි මේ වර්‍ගයේ 1 වෙනි සූත්‍රයෙහි ’ශරීරයෙහි’ යන්නට පිටත්හිවූ, තමාතුළ හා පිටත්හිවූ, වේදනාවන්හි වේදනාව, තමාතුළ ඇති වේදනාවන්හි, පිටත්හිවූ වේදනාවන්හි, ඇතුළත පිටත වේදනාවන්හි, සිතෙහි සිත, තම සිතෙහි, පිටත්හිවූ සිතෙහි, ඇතුළත පිටත සිතෙහි, ධර්මයන්හි ධර්මය, තමාතුළ ඇති ධර්මයන්හි, පිටත්හිවූ ධර්මයන්හි, ඇතුළත පිටත ධර්‍මයන්හි, කියා වෙනස්කරද, 1 සූත්‍රයේ ’දුරු නොකර’ යන්නට ’දුරු කර’ කියා යොදාද, සූත්‍ර 30ක් යොදාගත යුතුයි.)