අඞ්ගුත්තරනිකායො

ඡක්ක නිපාතය

1. පළමුවෙනි පණ්ණාසකය

3. අනුත්තරිය වර්‍ගය

6. මහාකච්චාන ඔකාසාධිගම සූත්‍රය

’’ඉක්බිත්තෙන් ආයුෂ්මත් මහාකාත්ත්‍යායයන් වහන්සේ, ’ඇවැත් භික්‍ෂූනි’ යි භික්‍ෂූන් ඇමැතීය.

’ඇවැත්ති’ යි ඒ භික්‍ෂූහු ආයුෂ්මත් මහාකාත්ත්‍යායයන් වහන්සේට පිළිතුරු දුන්හ. ආයුෂ්මත් මහාකාත්ත්‍යායයන් වහන්සේ මෙය වදාළ සේක.

’’භාග්‍යවත්වූ, දන්නාවූ, දක්නාවූ, අර්‍හත්වූ ඒ සම්මා සම්බුදුන් විසින් යම්තාක් මෙය මනාකොට කියන ලදද (එය) ඇවැත්නි අසිරියි, ඇවැත්නි පුදුමයි. යම් මේ අනුස්මෘති කාරණ සයෙක් වේද, සත්ත්‍වයන්ගේ පිරිසිදුබවට, හැඬීම් වැලපීම් නැතිකිරීමට, දුක් දොම්නස් අස්තංගත කිරීමට, දතයුත්ත දැනගැනීමට, නිවන අත්කිරීමට, මද අවකාශයෙහි අවසරය පරිදි තේරුම් ගත යුතුය. අනුව අවබෝධ කළ යුතුයි.

’’කවර සයක්ද යත් ? ඇවැත්නි මේ ශාසනයෙහි ආර්‍ය්‍ය ශ්‍රාවක තෙම මෙසේද ඒ භගවත් තෙමේ ඒ භාග්‍යවතුන් වහන්සේ මේ කාරණයෙන්ද අර්හත්ය, සම්‍යක් සම්බුද්‍ධය, විද්‍යාචරණයන්ගෙන් යුක්තය, සුගතය, ලෝකය දත්තේය. පුරුෂයන් දමනය කරන ශ්‍රෙෂ්ඨ උත්තමයාය, දෙවි මිනිසුන්ගේ ශාස්තෲවරයාය, බුද්‍ධය, භාග්‍ය ඇත්තේයයි තථාගතයන් අනුස්මරණය කරයි.

’’මහණෙනි, යම්විටක ආර්ය ශ්‍රාවක තෙමේ තථාගයන් අනුස්මරණය කෙරේද, එසමයෙහි ඔහුගේ සිත රාගයෙන් නැගිටුණේ නොවේ. කෝපයෙන් නැගිටුණේ නොවේ. මෝහයෙන් නැගිටුනේ නොවේ. එසමයෙහි ඔහුගේ සිත කෙළින් සිටියේම වේ. (කාම ගුණයන්හි) ගිජුකමින් නික්මුණේ, මිදුණේ, නැඟිටියේම වේ. මහණෙනි, ගිජුකම යනු පස්කම් ගුණයනටම නම්. මහණෙනි, මෙයම අරමුණුකොට මේ ලෝකයෙහි ඇතැම් සත්ත්‍ව කෙනෙක් පිරිසිදු වෙත්මය.

’’මහණෙනි, නැවතද වනාහි ආර්ය ශ්‍රාවක තෙමේ භාග්‍යවතුන් වහන්සේ විසින් ධර්‍මය මනාකොට වදාරණ ලදී. ඇස් ඉදිරිපිට දැක්ක හැකි ගුණ ඇත්තේය. කල් නොයවා දෙන විපාක ඇත්තේය. එව බලවයි කීමට සුදුසුය. තමා වෙත පමුණුවා ගතයුතු ගුණ ඇත්තේය.. නුවණැත්තන් තමා විසින්ම දත යුත්තේයයි ධර්‍මය අනුස්මරණය කරයි.

’’මහණෙනි, නැවතද ආර්‍ය්‍ය ශ්‍රාවක තෙම භාග්‍යවතුන් වහන්සේ විසින් ධර්‍මය මනාකොට වදාරණ ලදී. ඇස් ඉදිරිපිට දැක්ක හැකි ගුණ ඇත්තේය. කල් නොයවා දෙන විපාක ඇත්තේය. එව බලවයි කීමට සුදුසුය. තමා වෙත පමුණුවා ගතයුතු ගුණ ඇත්තේය.. නුවණැත්තන් තමා විසින්ම දත යුත්තේයයි ධර්‍මය අනුස්මරණය කරයි. මහානාමය, යම් කලෙක්හි ආර්‍ය්‍යශ්‍රාවක තෙම ධර්‍මය සිහි කරයිද, ඒ කාලයෙහි ඔහුගේ සිත රාගයෙන් මැඩ පැවැත්වූයේ නොවේ. ද්වේෂයෙන් මැඩ පැවැත්වූයේ නොවේ. මෝහයෙන් මැඩ පැවැත්වූයේ නොවේ. ඒ කාලයේ ඔහුගේ සිත ඇද නැති බවට ගියේ වේ. මහානාමය, ධර්‍මය අරභයා ඇද නැති බවට ගිය සිත් ඇති ආර්‍ය්‍ය ශ්‍රාවකතෙම ප්‍රතිපදාවන්ගෙන් සතුට ලබයි. නව ලොකෝත්තර ධර්‍මයෙන් සතුට ලබයි. ධර්‍මය හා මිශ්‍රවූ ප්‍රමෝදය ලබයි. ප්‍රමෝද වූවහුට ප්‍රීතිය උපදියි. ප්‍රීති සිත් ඇත්තහුගේ ශරීරය බර ඇරෙයි. බර ඇරුනු ශරීරය ඇත්තා සැපක් විඳී. සැප ඇත්තාගේ සිත එකඟ වෙයි. මහානාමය, ආර්‍ය්‍යශ්‍රාවක තෙම විෂමවූ සත්ත්‍වයන් අතර සමව පවතිමින් වාසය කරයි. ක්‍රොධ සහිත සත්ත්‍වයන් අතර ක්‍රොධ නැතිව වාසය කරයි. ධර්‍ම නැමැති සැඩපහරට බැස්සේ ධර්‍මය අරමුණුකොට ඇති සිහිය වඩයි. පස්කම් සැපට ගිජුකමින් නික්මුණේය. මිදුණේය. නැගී සිටියේය. මහණෙනි, ගෙධය යනු පස්කම් සැපට නමකි. මහණෙනි, මෙයද අරමුණුකොට මෙසේ මේ ලෝකයෙහි ඇතැම් සත්ත්‍වයෝ පිරිසිදු වෙත්.

’’ඇවැත්නි, ඒ මේ ආර්‍ය්‍යශ්‍රාවකතෙමේ හැම අතින්ම අහස සමවූ, මහත්වූ මහත්භාවයට පැමිණි අප්‍රමාණවූ වෛර නැත්තාවූ, ක්‍රොධ නැත්තාවූ, සිතින් වාසය කරයිද, ඇවැත්නි මෙයද අරමුණුකොට මෙසේ මේ ලෝකයෙහි ඇතැම් සත්ත්‍වයෝ පිරිසිදු ස්වභාව ඇත්තෝ වෙත්.

’’ඇවැත්ති, නැවත ආර්‍ය්‍යශ්‍රාවක තෙම භාග්‍යවතුන් වහන්සේ විසින් ධර්‍මය මනාකොට වදාරණ ලදී. ඇස් ඉදිරිපිට දැක්ක හැකි ගුණ ඇත්තේය. කල් නොයවා දෙන විපාක ඇත්තේය. එව බලවයි කීමට සුදුසුය. තමා වෙත පමුණුවා ගතයුතු ගුණ ඇත්තේය.. නුවණැත්තන් තමා විසින්ම දත යුත්තේයයි ධර්‍මය සිහි කරයි.

’’මහානාමය, යම් කලෙක්හි ආර්‍ය්‍යශ්‍රාවක තෙම ධර්‍මය සිහි කරයිද, ඒ කාලයෙහි ඔහුගේ සිත රාගයෙන් මැඩ පැවැත්වූයේ නොවේ. ද්වේෂයෙන් මැඩ පැවැත්වූයේ නොවේ. මෝහයෙන් මැඩ පැවැත්වූයේ නොවේ. ඒ කාලයේ ඔහුගේ සිත ඇද නැති බවට ගියේ වේ. මහානාමය, ධර්‍මය අරභයා ඇද නැති බවට ගිය සිත් ඇති ආර්‍ය්‍ය ශ්‍රාවකතෙම ප්‍රතිපදාවන්ගෙන් සතුට ලබයි. නව ලොකෝත්තර ධර්‍මයෙන් සතුට ලබයි. ධර්‍මය හා මිශ්‍රවූ ප්‍රමෝදය ලබයි. ප්‍රමෝද වූවහුට ප්‍රීතිය උපදියි. ප්‍රීති සිත් ඇත්තහුගේ ශරීරය බර ඇරෙයි. බර ඇරුනු ශරීරය ඇත්තා සැපක් විඳී. සැප ඇත්තාගේ සිත එකඟ වෙයි. මහානාමය, ආර්‍ය්‍යශ්‍රාවක තෙම විෂමවූ සත්ත්‍වයන් අතර සමව පවතිමින් වාසය කරයි. ක්‍රොධ සහිත සත්ත්‍වයන් අතර ක්‍රොධ නැතිව වාසය කරයි. ධර්‍ම නැමැති සැඩපහරට බැස්සේ ධර්‍මය අරමුණුකොට ඇති සිහිය වඩයි.

’’ඇවැත්නි, නැවත ආර්‍ය්‍යශ්‍රාවක තෙම භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා යහපත්ව පිළිපන්නේය. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා ඇද නැතිව පිළිපන්නේය. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා ආර්‍ය්‍ය අෂ්ඨාංගික මාර්‍ගයට පිළිපන්නේය. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා සතුටු සාමීචි කථාවට පිළිපන්නේය.යම් මේ පුරුෂ යුග සතරක් වෙත්ද, පුද්ගලයින් අට දෙනෙක් වෙත්ද, මේ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා දුරසිට ගෙනා දෙය පිළිගැනීමට සුදුසුය. ඈතට ගෙන යා යුතු දේ පිළිගැනීමට සුදුසුය. දන්දීමට සුදුසුය. දොහොත් මුදුන් දී වැඳීමට සුදුසුය. ලෝකයාගේ ශ්‍රෙෂ්ඨ පින් කෙතයයි සංඝයා සිහි කරයි. මහානාමය, යම් කාලයක ආර්‍ය්‍ය ශ්‍රාවකතෙම සංඝයා සිහි කරයිද, ඒ කාලයෙහි ඔහුගේ සිත රාගයෙන් මැඩ පැවැත්වූයේ නොවේ. ද්වේෂයෙන් මැඩ පැවැත්වූයේ නොවේ. මෝහයෙන් මැඩ පැවැත්වූයේ නොවේ. ඒ කාලයේ ඔහුගේ සිත ඇද නැති බවට ගියේ වේ. මහානාමය, සංඝයා අරභයා ඇද නැති බවට ගිය සිත් ඇති ආර්‍ය්‍ය ශ්‍රාවකතෙම ප්‍රතිපදාවන්ගෙන් සතුට ලබයි. නව ලොකෝත්තර ධර්‍මයෙන් සතුට ලබයි. ධර්‍මය හා මිශ්‍රවූ ප්‍රමෝදය ලබයි. ප්‍රමෝද වූවහුට ප්‍රීතිය උපදියි. ප්‍රීති සිත් ඇත්තහුගේ ශරීරය බර ඇරෙයි. බර ඇරුනු ශරීරය ඇත්තා සැපක් විඳී. සැප ඇත්තාගේ සිත එකඟ වෙයි. මහානාමය, ආර්‍ය්‍යශ්‍රාවක තෙම විෂමවූ සත්ත්‍වයන් අතර සමව පවතිමින් වාසය කරයි. ක්‍රොධ සහිත සත්ත්‍වයන් අතර ක්‍රොධ නැතිව වාසය කරයි. ධර්‍ම නැමැති සැඩපහරට බැස්සේ සංඝයා් අරමුණුකොට ඇති සිහිය වඩයි.

’’ඇවැත්නි, නැවත ආර්‍ය්‍යශ්‍රාවක තෙම තමාගේ නොකැඩුනු, සිදුරු නොවූ, පුල්ලි නොගැසුනු, කිලිටි නොවූ, නිදහස් නුවණැත්තන් විසින් ප්‍රශංසා කළ, තණ්හා මාන දෘෂ්ටිවලට අසු නොවූ, සමාධිය පිනිස පවත්නා සීලයත් සිහි කරයිද, මහානාමය, යම් කාලයක ආර්‍ය්‍ය ශ්‍රාවකතෙම ශීලය සිහි කරයිද, ඒ කාලයෙහි ඔහුගේ සිත රාගයෙන් මැඩ පැවැත්වූයේ නොවේ. ද්වේෂයෙන් මැඩ පැවැත්වූයේ නොවේ. මෝහයෙන් මැඩ පැවැත්වූයේ නොවේ. ඒ කාලයේ ඔහුගේ සිත ඇද නැති බවට ගියේ වේ. මහානාමය, ශීලය අරභයා ඇද නැති බවට ගිය සිත් ඇති ආර්‍ය්‍ය ශ්‍රාවකතෙම ප්‍රතිපදාවන්ගෙන් සතුට ලබයි. නව ලොකෝත්තර ධර්‍මයෙන් සතුට ලබයි. ධර්‍මය හා මිශ්‍රවූ ප්‍රමෝදය ලබයි. ප්‍රමෝද වූවහුට ප්‍රීතිය උපදියි. ප්‍රීති සිත් ඇත්තහුගේ ශරීරය බර ඇරෙයි. බර ඇරුනු ශරීරය ඇත්තා සැපක් විඳී. සැප ඇත්තාගේ සිත එකඟ වෙයි. මහානාමය, ආර්‍ය්‍යශ්‍රාවක තෙම විෂමවූ සත්ත්‍වයන් අතර සමව පවතිමින් වාසය කරයි. ක්‍රොධ සහිත සත්ත්‍වයන් අතර ක්‍රොධ නැතිව වාසය කරයි. ධර්‍ම නැමැති සැඩපහරට බැස්සේ සීලය අරමුණුකොට ඇති සිහිය වඩයි.

’’ඇවැත්ති, නැවත ආර්‍ය්‍ය ශ්‍රාවක තෙම මට ඒකාන්තයෙන් ලාභයත. මා විසින් ඒකාන්තයෙන් මනාකොට ලබන ලදී. යම්බඳුවූ මම මසුරු මලින් මැඩගත් සත්ත්‍වයන් අතරෙහි පහවූ කිළුටෙන් හා මසුරු කමෙන් යුත් සිතින් ගිහිගෙයි වසමි. ත්‍යාගය පිණිස මුදන ලද්දේ, සෝදන ලද අත්ල ඇත්තේ, නිවනෙහි ඇළුනේ, ඉල්ලීමට සුදුසුවූයේ, බෙදාදීමෙහි ඇළුනේයයි තමාගේ ත්‍යාග ගුණය සිහි කරයි. මහානාමය, යම් කාලයක ආර්‍ය්‍ය ශ්‍රාවකතෙම ත්‍යාග සිහි කරයිද, ඒ කාලයෙහි ඔහුගේ සිත රාගයෙන් මැඩ පැවැත්වූයේ නොවේ. ද්වේෂයෙන් මැඩ පැවැත්වූයේ නොවේ. මෝහයෙන් මැඩ පැවැත්වූයේ නොවේ. ඒ කාලයේ ඔහුගේ සිත ඇද නැති බවට ගියේ වේ. මහානාමය, ත්‍යාග අරභයා ඇද නැති බවට ගිය සිත් ඇති ආර්‍ය්‍ය ශ්‍රාවකතෙම ප්‍රතිපදාවන්ගෙන් සතුට ලබයි. නව ලොකෝත්තර ධර්‍මයෙන් සතුට ලබයි. ධර්‍මය හා මිශ්‍රවූ ප්‍රමෝදය ලබයි. ප්‍රමෝද වූවහුට ප්‍රීතිය උපදියි. ප්‍රීති සිත් ඇත්තහුගේ ශරීරය බර ඇරෙයි. බර ඇරුනු ශරීරය ඇත්තා සැපක් විඳී. සැප ඇත්තාගේ සිත එකඟ වෙයි. මහානාමය, ආර්‍ය්‍යශ්‍රාවක තෙම විෂමවූ සත්ත්‍වයන් අතර සමව පවතිමින් වාසය කරයි. ක්‍රොධ සහිත සත්ත්‍වයන් අතර ක්‍රොධ නැතිව වාසය කරයි. ධර්‍ම නැමැති සැඩපහරට බැස්සේ ත්‍යාගය අරමුණුකොට ඇති සිහිය වඩයි.

’’ඇවැත්නි, නැවත ආර්‍ය්‍ය ශ්‍රාවක තෙම ’චාතුර් මහා රාජිකවූ දෙවියෝ ඇත්තාහ. තව්තිසා වැසි දෙවියෝ ඇත්තාහ. යාම දෙවියෝ ඇත්තාහ. තුෂිත දෙවියෝ ඇත්තාහ. නිර්මානරතී දෙවියෝ ඇත්තාහ. පරනිර්මිත වසවර්ති දෙවියෝ ඇත්තාහ. බ්‍රහ්ම කාය ඇති දෙවියෝ ඇත්තාහ. ඊටත් උසස් දෙවියෝ ඇත්තාහ. යම්බඳු ශ්‍රද්‍ධාවකින් යුක්තවූ ඒ දෙවියෝ මෙයින් චුතවූවාහු එහි උපන්නාහුද, මමද එබඳු ශ්‍රද්‍ධාවක් විද්‍යමාන වේ. මෙබඳු ශීලයකින් යුක්තවූ ඒ දෙවියෝ මින් චුතවූවාහු, එහි උපන්නාහුද, මටද එබඳු සීලයක් ඇත්තේය. යම්බඳු ඇසීමකින් යුක්තවූ ඒ දෙවියෝ මින් චුතවූවාහු එහි උපන්නාහුද, මටද එබඳු ඇසීමක් ඇත්තේය. යම්බඳු ත්‍යාගයකින් යුක්තවූ ඒ දෙවියෝ මින් චුතවූවාහුද මටද එබඳු ත්‍යාගයක් ඇත්තේය. යම්බඳු ප්‍රඥාවකින් යුත් ඒ දෙවියෝ මින් චුතවූවාහු, එහි උපන්නාහුද, මටද එබඳු ප්‍රඥාවක් ඇත. මහානාමය, යම් කාලයෙක්හි ආර්‍ය්‍ය ශ්‍රාවක තෙම තමාගේද, ඒ දෙවියන්ගේද, ශ්‍රද්‍ධාවද, සීලයද, ඇසීමද, ත්‍යාගයද, ප්‍රඥාවද සිහිකරයිද, මහානාමය, යම් කාලයක ආර්‍ය්‍ය ශ්‍රාවකතෙම දේවතාවුන් සිහි කරයිද, ඒ කාලයෙහි ඔහුගේ සිත රාගයෙන් මැඩ පැවැත්වූයේ නොවේ. ද්වේෂයෙන් මැඩ පැවැත්වූයේ නොවේ. මෝහයෙන් මැඩ පැවැත්වූයේ නොවේ. ඒ කාලයේ ඔහුගේ සිත ඇද නැති බවට ගියේ වේ. මහානාමය, දේවතාවුන් අරභයා ඇද නැති බවට ගිය සිත් ඇති ආර්‍ය්‍ය ශ්‍රාවකතෙම ප්‍රතිපදාවන්ගෙන් සතුට ලබයි. නව ලොකෝත්තර ධර්‍මයෙන් සතුට ලබයි. ධර්‍මය හා මිශ්‍රවූ ප්‍රමෝදය ලබයි. ප්‍රමෝද වූවහුට ප්‍රීතිය උපදියි. ප්‍රීති සිත් ඇත්තහුගේ ශරීරය බර ඇරෙයි. බර ඇරුනු ශරීරය ඇත්තා සැපක් විඳී. සැප ඇත්තාගේ සිත එකඟ වෙයි. මහානාමය, ආර්‍ය්‍යශ්‍රාවක තෙම විෂමවූ සත්ත්‍වයන් අතර සමව පවතිමින් වාසය කරයි. ක්‍රොධ සහිත සත්ත්‍වයන් අතර ක්‍රොධ නැතිව වාසය කරයි. ධර්‍ම නැමැති සැඩපහරට බැස්සේ දේවතාවුන් අරමුණුකොට ඇති සිහිය වඩයි.

’’භාග්‍යවත්වූ, දන්නාවූ, දක්නාවූ, අර්‍හත්වූ ඒ සම්මා සම්බුදුන් විසින් යම්තාක් මෙය මනාකොට කියන ලදද (එය) ඇවැත්නි අසිරියි, ඇවැත්නි පුදුමයි. යම් මේ අනුස්මෘති කාරණ සයෙක් වේද, සත්ත්‍වයන්ගේ පිරිසිදුබවට, හැඬීම් වැලපීම් නැතිකිරීමට, දුක් දොම්නස් අස්තංගත කිරීමට, දතයුත්ත දැනගැනීමට, නිවන අත්කිරීමට, මද අවකාශයෙහි අවසරය පරිදි තේරුම් ගත යුතුය. අනුව අවබෝධ කළ යුතුයි.