අඞ්ගුත්තරනිකායො

ඡක්ක නිපාතය

1. පළමුවෙනි පණ්ණාසකය

3. අනුත්තරිය වර්‍ගය

7. පඨම උපගමනසමය සූත්‍රය

’’ඉක්බිති එක්තරා භික්‍ෂුනමක් භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එහි පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක සිටියේය. එකත්පසෙක සිටි ඒ භික්‍ෂුතෙම භාග්‍යවතුන් වහන්සේට, ’’ ස්වාමීනි, සිත දියුණුකළ භික්‍ෂුව වෙත පැමිණීමට අවස්ථා කීයක් වේදැ’’ යි ඇසීය.

’’මහණ, සිත දියුණුකළ භික්‍ෂුව වෙත පැමිණීමට මේ අවස්ථා සයකි.

’’කවර සයක්ද යත් ?

’’මේ ශාසනයෙහි මහණතෙම යම් කාලයක කාම ආශාවෙන් පෙළුනු සිතින් යුක්තව වාසය කරයිද, කාමාශාවට භාජනවූ ඔහු විසින් උපන් කාමරාගයෙන් නික්මීම තත්වූ පරිද්දෙන් නොදනීද, ඒ කාලයෙහි සිත දියුණු කළ යතු භික්‍ෂුව වෙත පැමිණ, ’ඇවැත්නි, මම වනාහි කාමාශාවෙන් පෙළුනු සිතින් වාසය කරමි. කාමාශාවට භාජනවූ මා විසින් උපන් කාමරාගයෙන් නික්මීම තත්වූ පරිද්දෙන් නොදනිමි. ඒකාන්ත යෙන් ආයුෂමත්තෙමේ මට කාමරාගය ප්‍රහීන කිරීමට බණ වදාරණු මැනව’ යි මෙසේ කිව යුතුය. උන්වහන්සේට සිත වැඩියයුතු මහණතෙම කාමාශාව ප්‍රහීණ කිරීම පිණිස බණ වදාරයි. මහණ, සිත වැඩියයුතු භික්‍ෂුව දැකීමට පැමිණීමට පළමුවෙනි කාලය මෙයයි.

’’මහණ, නැවතද යම් කාලයක මහණතෙම ව්‍යාපාදයෙන් පෙළුණු සිතින් යුක්තව වාසය කරයිද, ව්‍යාපාදයට භාජනවූ ඔහු විසින් උපන් ව්‍යාපාදයෙන් නික්මීම තත්වූ පරිද්දෙන් නොදනීද, ඒ කාලයෙහි සිත දියුණු කළ යතු භික්‍ෂුව වෙත පැමිණ, ’ඇවැත්නි, මම වනාහි ව්‍යාපාදයෙන් පෙළුනු සිතින් වාසය කරමි. ව්‍යාපාදයට භාජනවූ මා විසින් උපන් ව්‍යාපාදයෙන් නික්මීම තත්වූ පරිද්දෙන් නොදනිමි. ඒකාන්තයෙන් ආයුෂමත්තෙමේ මට ව්‍යාපාදය ප්‍රහීන කිරීමට බණ වදාරණු මැනව’ යි මෙසේ කිව යුතුය. උන්වහන්සේට සිත වැඩියයුතු මහණතෙම ව්‍යාපාදය ප්‍රහීණ කිරීම පිණිස බණ වදාරයි. මහණ, සිත වැඩියයුතු භික්‍ෂුව දැකීමට පැමිණීමට පළමුවෙනි කාලය මෙයයි.

’’මහණ, නැවතද යම් කාලයක මහණතෙම ථීනම්ද්‍ධයෙන් (සිතේ, කයේ නිදිමත ගතියෙන්) පෙළුණු සිතින් යුක්තව වාසය කරයිද ථීනම්ද්‍ධයට (සිතේ, කයේ නිදිමත ගතියට) භාජනවූ ඔහු විසින් උපන් ථීනම්ද්‍ධයෙන් (සිතේ, කයේ නිදිමත ගතියෙන්) නික්මීම තත්වූ පරිද්දෙන් නොදනීද, ඒ කාලයෙහි සිත දියුණු කළ යතු භික්‍ෂුව වෙත පැමිණ, ’ඇවැත්නි, මම වනාහි ථීනම්ද්‍ධයෙන් (සිතේ, කයේ නිදිමත ගතියෙන්) පෙළුනු සිතින් වාසය කරමි. ථීනම්ද්‍ධයට (සිතේ, කයේ නිදිමත ගතියට) භාජනවූ මා විසින් උපන් ථීනම්ද්‍ධයෙන් (සිතේ, කයේ නිදිමත ගතියෙන්) නික්මීම තත්වූ පරිද්දෙන් නොදනිමි. ඒකාන්තයෙන් ආයුෂමත්තෙමේ මට ථීනම්ද්‍ධය (සිතේ, කයේ නිදිමත ගතිය) ප්‍රහීන කිරීමට බණ වදාරණු මැනව’ යි මෙසේ කිව යුතුය. උන්වහන්සේට සිත වැඩියයුතු මහණතෙම ථීනම්ද්‍ධය (සිතේ, කයේ නිදිමත ගතිය) ප්‍රහීණ කිරීම පිණිස බණ වදාරයි. මහණ, සිත වැඩියයුතු භික්‍ෂුව දැකීමට පැමිණීමට පළමුවෙනි කාලය මෙයයි.

’’මහණ, නැවතද යම් කාලයක මහණතෙම උද්‍ධච්චකුක්කුච්චයෙන් පෙළුණු සිතින් යුක්තව වාසය කරයිද, උද්‍ධච්චකුක්කුච්චයට භාජනවූ ඔහු විසින් උපන් උද්‍ධච්චකුක්කුච්චයෙන් නික්මීම තත්වූ පරිද්දෙන් නොදනීද, ඒ කාලයෙහි සිත දියුණු කළ යතු භික්‍ෂුව වෙත පැමිණ, ’ඇවැත්නි, මම වනාහි උද්‍ධච්චකුක්කුච්චයෙන් පෙළුනු සිතින් වාසය කරමි. උද්‍ධච්චකුක්කුච්චයට භාජනවූ මා විසින් උපන් උද්‍ධච්චකුක්කුච්චයෙන් නික්මීම තත්වූ පරිද්දෙන් නොදනිමි. ඒකාන්තයෙන් ආයුෂමත්තෙමේ මට උද්‍ධච්චකුක්කුච්චය ප්‍රහීන කිරීමට බණ වදාරණු මැනව’ යි මෙසේ කිව යුතුය. උන්වහන්සේට සිත වැඩියයුතු මහණතෙම උද්‍ධච්චකුක්කුච්චය ප්‍රහීණ කිරීම පිණිස බණ වදාරයි. මහණ, සිත වැඩියයුතු භික්‍ෂුව දැකීමට පැමිණීමට පළමුවෙනි කාලය මෙයයි.

’’මහණ, නැවතද වනාහි භික්‍ෂු තෙමේ යම් නිමිත්තක් මෙණෙහි කරණ විට (සිතෙහි) ඇතුළත වැගිරෙන පව්බල ගෙවී යාම වේද, ඒ (ජලය, ගින්න වැනි) ඒ නිමිත්ත නොදනීද, නොදකීද, එසමයෙහි ඒ කාලයෙහි සිත දියුණු කළ යතු භික්‍ෂුව වෙත පැමිණ, ’ඇවැත්නි, මම වනාහි ව්‍යාපාදයෙන් පෙළුනු සිතින් වාසය කරමි. ව්‍යාපාදයට භාජනවූ මා විසින් උපන් ව්‍යාපාදයෙන් නික්මීම තත්වූ පරිද්දෙන් නොදනිමි. ඒකාන්තයෙන් ආයුෂ්මත්තෙමේ මට ව්‍යාපාදය ප්‍රහීන කිරීමට බණ වදාරණු මැනව’ යි මෙසේ කිව යුතුය.

’’ඇවැත්නි, මම වනාහි යම් නිමිත්තකට පැමිණ යම් නිමිත්තක් මෙනෙහි කරන්නාහට (මට) (සිතෙහි) ඇතුළත වැගිරෙන පව්බල ගෙවී යාම වේද, ඒ (ජලය, ගින්න වැනි) ඒ නිමිත්ත නොදනීද, නොදකීද, එසමයෙහි වැගිරෙන පව් ගෙවීයාමට බණ කියවා සිත වැඩියයුතු භික්‍ෂුව ආශ්‍රවයන් ගෙවීමට බණ කියයි. සටන උන්වහන්සේට සිත වැඩියයුතු මහණතෙම කාමාශාව ප්‍රහීණ කිරීම පිණිස බණ වදාරයි. මහණ, සිත වැඩියයුතු භික්‍ෂුව දැකීමට පැමිණීමට පළමුවෙනි කාලය මෙයයි.

’’මහණෙනි, සිත වැඩියයුතු භික්‍ෂුවගේ දැකීම සඳහා එළඹීමට මේ අවස්ථා සයයි.’’