අඞ්ගුත්තරනිකායො
ඡක්ක නිපාතය
1. පළමුවෙනි පණ්ණාසකය
3. අනුත්තරිය වර්‍ගය
8. දුතිය උපගමන සමය සූත්‍රය
’’එක් සමයෙක බරණැස මෘගයන්ට අභය ස්ථානවූ ඉසිපතන (විහාර) යෙහි බෝහෝ භික්‍ෂූහු වෙසෙත්.
ඉක්බිති වනාහි පස්වරුයෙහි පිණ්ඩපාතයෙන් වැළකුණාහු කවාකාර මලුයෙහි රැස්ව වැඩහුන් ඒ ස්ථවිරයන් වහන්සේලා අතර මේ අතුරු කථාව පහළවූවාය. ’ඇවැත්නි, සිත වැඩියයුතු භික්‍ෂුවගේ දැකීම පිණිස එළඹීමට අවස්ථාව කවරේද?’’
’’මෙසේ කීකල, එක්තරා භික්‍ෂුවක් ඒ භික්‍ෂූන්ට මෙය කීය. ’’ඇවැත්නි, සිත වැඩියයුතු භික්‍ෂුතෙමේ පස් වරුයෙහි අහරින් වැළකුනේ යම් විටෙක පා සෝදා පළඟ බැඳ කය කෙළින් පිහිටුවා, සිහිය පෙරමුණු කොට හුන්නේවේද, ඒ වනාහි සිත වැඩියයුතු භික්‍ෂුවගේ දැකීම පිණිස එළඹීමට කාලයයි.’’
’’මෙසේ කීකල, එක්තරා භික්‍ෂුවක් ඒ භික්‍ෂුවට මෙය කීය. ’’ඇවැත්නි, සිත වැඩියයුතු භික්‍ෂුවගේ දැකීමට එළඹියයුතු අවස්ථාව මෙය නොවේ.
’’ඇවැත්නි, යම් විටෙක සිත වැඩියයුතු භික්‍ෂුව ’’ඇවැත්නි, සිත වැඩියයුතු භික්‍ෂුතෙමේ පස් වරුයෙහි අහරින් වැළකුනේ යම් විටෙක පා සෝදා පළඟ බැඳ කය කෙළින් පිහිටුවා, සිහිය පෙරමුණු කොට හුන්නේවේද, ඒ වනාහි සිත වැඩියයුතු භික්‍ෂුවගේ දැකීම පිණිස එළඹීමට කාලයයි.’’
එසමයෙහි ඔහුගේ චාරිත්‍රය නිසාවූ ක්ලාන්තයද නොසංසිඳුණේ වෙයි. ඔහුගේ ආහාරය නිසාවූ ක්ලාන්තයද නොසන්සිඳුණේ වෙයි. එහෙයින් සිත වැඩියයුතු භික්‍ෂුවගේ දැකීම පිණිස එළඹීමට ඒ අකාලයයි.’’
’’ඇවැත්නි, සිත වැඩියයුතු භික්‍ෂුව යම් විටෙක සවස් කාල විවේකයෙන් නැගිටියේ වෙහෙර පස සෙවණැල්ලෙහි පළක් බැඳ, කය කෙලින් තබා සිහිය පෙරමුණුකොට හුන්නේ වේද, සිත වැඩියයුතු භික්‍ෂුව දැකීම පිණිස එළඹීමට ඒ කාලයයි.’’
’’මෙසේ කී කල්හි එක්තරා භික්‍ෂුවක් ඒ භික්‍ෂුවට මෙය කීවේය. ’’සිත වැඩියයුතු භික්‍ෂුව දකිණු පිණිස පැමිණීමට ඒ් අකාලයයි. ඇවැත්නි, යමි විටක සිත වැඩියයුතු භික්‍ෂුව පා සෝදා පළඟ බැඳ, කය කෙළින් සිටුවා සිහිය පෙරටුකොට හුන්නේ වේද, දහවල් ඔහු යම් සමාධියක් සඳහා නිමිත්තක් මෙහෙයීම කරණ ලද්දේද, ඒම ඔහුට ඒ අවස්ථාවෙහිද පවතියි. එහෙයින් සිත වැඩියයුතු භික්‍ෂුව දැකීමට ඒ අකාලයයි.
’’යම් කාලයක සිත වැඩියයුතු භික්‍ෂුව රාත්‍රි අළුයම් කාලයෙහි නැගිට පළක් බැඳ, කය කෙලින් තබා සිහිය පෙරමුණුකොට හුන්නේ වේද, සිත වැඩියයුතු භික්‍ෂුව දැකීම පිණිස එළඹීමට ඒ කාලයයි.’’
’’මෙසේ කී කල්හි එක්තරා භික්‍ෂුවක් ඒ භික්‍ෂුවට මෙය කීවේය. ’’සිත වැඩියයුතු භික්‍ෂුව දකිණු පිණිස පැමිණීමට ඒ අකාලයයි. එසමයෙහි ඔහුගේ කය ඕජසෙහි සිටියේ වේද, එසමයෙහි බුදු සස්න මෙනෙහි කරන්නට පහසුවේ. එහෙයින් සිත වැඩියයුතු භික්‍ෂුව දකිණු පිණිස පැමිණීමට ඒ අකාලයයි.’’
මෙසේ කී කල්හි ආයුෂ්මත් මහා කාත්‍යායනයන් වහන්සේ ස්ථවිර භික්‍ෂූන්ට මෙසේ කීහ. ’’ඇවැත්නි, මෙය භාග්‍යවතුන් වහන්සේ හමුවෙහි අසන ලදී. උන්වහන්සේගේ හමුවෙහිදී පිළිගන්නා ලදී.
’’මහණෙනි, සිත වැඩියයුතු භික්‍ෂුවගේ දැකුමට පැමිණීමට මේ අවස්ථා සයෙකි. කවර සයෙක්ද යත් ? ’’මේ ශාසනයෙහි මහණතෙම යම් කාලයක කාම ආශාවෙන් පෙළුනු සිතින් යුක්තව වාසය කරයිද, කාමාශාවට භාජනවූ ඔහු විසින් උපන් කාමරාගයෙන් නික්මීම තත්වූ පරිද්දෙන් නොදනීද, ඒ කාලයෙහි සිත දියුණු කළ යතු භික්‍ෂුව වෙත පැමිණ, ’ඇවැත්නි, මම වනාහි කාමාශාවෙන් පෙළුනු සිතින් වාසය කරමි. කාමාශාවට භාජනවූ මා විසින් උපන් කාමරාගයෙන් නික්මීම තත්වූ පරිද්දෙන් නොදනිමි. ඒකාන්තයෙන් ආයුෂමත්තෙමේ මට කාමරාගය ප්‍රහීන කිරීමට බණ වදාරණු මැනව’ යි මෙසේ කිව යුතුය. උන්වහන්සේට සිත වැඩියයුතු මහණතෙම කාමාශාව ප්‍රහීණ කිරීම පිණිස බණ වදාරයි. මහණ, සිත වැඩියයුතු භික්‍ෂුව දැකීමට පැමිණීමට පළමුවෙනි කාලය මෙයයි.
’’මහණ, නැවතද යම් කාලයක මහණතෙම ව්‍යාපාදයෙන් පෙළුණු සිතින් යුක්තව වාසය කරයිද, ව්‍යාපාදයට භාජනවූ ඔහු විසින් උපන් ව්‍යාපාදයෙන් නික්මීම තත්වූ පරිද්දෙන් නොදනීද, ඒ කාලයෙහි සිත දියුණු කළ යතු භික්‍ෂුව වෙත පැමිණ, ’ඇවැත්නි, මම වනාහි ව්‍යාපාදයෙන් පෙළුනු සිතින් වාසය කරමි. ව්‍යාපාදයට භාජනවූ මා විසින් උපන් ව්‍යාපාදයෙන් නික්මීම තත්වූ පරිද්දෙන් නොදනිමි. ඒකාන්තයෙන් ආයුෂමත්තෙමේ මට ව්‍යාපාදය ප්‍රහීන කිරීමට බණ වදාරණු මැනව’ යි මෙසේ කිව යුතුය. උන්වහන්සේට සිත වැඩියයුතු මහණතෙම ව්‍යාපාදය ප්‍රහීණ කිරීම පිණිස බණ වදාරයි. මහණ, සිත වැඩියයුතු භික්‍ෂුව දැකීමට පැමිණීමට පළමුවෙනි කාලය මෙයයි.
’’මහණ, නැවතද යම් කාලයක මහණතෙම ථීනම්ද්‍ධයෙන් (සිතේ, කයේ නිදිමත ගතියෙන්) පෙළුණු සිතින් යුක්තව වාසය කරයිද ථීනම්ද්‍ධයට (සිතේ, කයේ නිදිමත ගතියට) භාජනවූ ඔහු විසින් උපන් ථීනම්ද්‍ධයෙන් (සිතේ, කයේ නිදිමත ගතියෙන්) නික්මීම තත්වූ පරිද්දෙන් නොදනීද, ඒ කාලයෙහි සිත දියුණු කළ යතු භික්‍ෂුව වෙත පැමිණ, ’ඇවැත්නි, මම වනාහි ථීනම්ද්‍ධයෙන් (සිතේ, කයේ නිදිමත ගතියෙන්) පෙළුනු සිතින් වාසය කරමි. ථීනම්ද්‍ධයට (සිතේ, කයේ නිදිමත ගතියට) භාජනවූ මා විසින් උපන් ථීනම්ද්‍ධයෙන් (සිතේ, කයේ නිදිමත ගතියෙන්) නික්මීම තත්වූ පරිද්දෙන් නොදනිමි. ඒකාන්තයෙන් ආයුෂමත්තෙමේ මට ථීනම්ද්‍ධය (සිතේ, කයේ නිදිමත ගතිය) ප්‍රහීන කිරීමට බණ වදාරණු මැනව’ යි මෙසේ කිව යුතුය. උන්වහන්සේට සිත වැඩියයුතු මහණතෙම ථීනම්ද්‍ධය (සිතේ, කයේ නිදිමත ගතිය) ප්‍රහීණ කිරීම පිණිස බණ වදාරයි. මහණ, සිත වැඩියයුතු භික්‍ෂුව දැකීමට පැමිණීමට පළමුවෙනි කාලය මෙයයි.
’’මහණ, නැවතද යම් කාලයක මහණතෙම උද්‍ධච්චකුක්කුච්චයෙන් පෙළුණු සිතින් යුක්තව වාසය කරයිද, උද්‍ධච්චකුක්කුච්චයට භාජනවූ ඔහු විසින් උපන් උද්‍ධච්චකුක්කුච්චයෙන් නික්මීම තත්වූ පරිද්දෙන් නොදනීද, ඒ කාලයෙහි සිත දියුණු කළ යතු භික්‍ෂුව වෙත පැමිණ, ’ඇවැත්නි, මම වනාහි උද්‍ධච්චකුක්කුච්චයෙන් පෙළුනු සිතින් වාසය කරමි. උද්‍ධච්චකුක්කුච්චයට භාජනවූ මා විසින් උපන් උද්‍ධච්චකුක්කුච්චයෙන් නික්මීම තත්වූ පරිද්දෙන් නොදනිමි. ඒකාන්තයෙන් ආයුෂමත්තෙමේ මට උද්‍ධච්චකුක්කුච්චය ප්‍රහීන කිරීමට බණ වදාරණු මැනව’ යි මෙසේ කිව යුතුය. උන්වහන්සේට සිත වැඩියයුතු මහණතෙම උද්‍ධච්චකුක්කුච්චය ප්‍රහීණ කිරීම පිණිස බණ වදාරයි. මහණ, සිත වැඩියයුතු භික්‍ෂුව දැකීමට පැමිණීමට පළමුවෙනි කාලය මෙයයි.
’’මහණ, නැවතද වනාහි භික්‍ෂු තෙමේ යම් නිමිත්තක් මෙණෙහි කරණ විට (සිතෙහි) ඇතුළත වැගිරෙන පව්බල ගෙවී යාම වේද, ඒ (ජලය, ගින්න වැනි) ඒ නිමිත්ත නොදනීද, නොදකීද, එසමයෙහි ඒ කාලයෙහි සිත දියුණු කළ යතු භික්‍ෂුව වෙත පැමිණ, ’ඇවැත්නි, මම වනාහි ව්‍යාපාදයෙන් පෙළුනු සිතින් වාසය කරමි. ව්‍යාපාදයට භාජනවූ මා විසින් උපන් ව්‍යාපාදයෙන් නික්මීම තත්වූ පරිද්දෙන් නොදනිමි. ඒකාන්තයෙන් ආයුෂ්මත්තෙමේ මට ව්‍යාපාදය ප්‍රහීන කිරීමට බණ වදාරණු මැනව’ යි මෙසේ කිව යුතුය.
’’ඇවැත්නි, මම වනාහි යම් නිමිත්තකට පැමිණ යම් නිමිත්තක් මෙනෙහි කරන්නාහට (මට) (සිතෙහි) ඇතුළත වැගිරෙන පව්බල ගෙවී යාම වේද, ඒ (ජලය, ගින්න වැනි) ඒ නිමිත්ත නොදනීද, නොදකීද, එසමයෙහි වැගිරෙන පව් ගෙවීයාමට බණ කියවා සිත වැඩියයුතු භික්‍ෂුව ආශ්‍රවයන් ගෙවීමට බණ කියයි. සටන උන්වහන්සේට සිත වැඩියයුතු මහණතෙම කාමාශාව ප්‍රහීණ කිරීම පිණිස බණ වදාරයි. මහණ, සිත වැඩියයුතු භික්‍ෂුව දැකීමට පැමිණීමට පළමුවෙනි කාලය මෙයයි.
’’මහණෙනි, සිත වැඩියයුතු භික්‍ෂුවගේ දැකීම සඳහා එළඹීමට මේ අවස්ථා සයයි.’’