අඞ්ගුත්තරනිකායො

ඡක්ක නිපාතය

2. දුතිය පණ්ණාසකය

8. අරහන්ත වර්‍ගය

9. අග්ගධම්ම සච්ඡිකරණ සූත්‍රය

’’මහණෙනි, කරුණු සයකින් යුත් භික්‍ෂුව අග්‍රවූ, ධාර්මිකවූ, රහත් බව අත් කරන්නට නුසුදුසුය.

’’කවර සයකින්ද යත්? මහණෙනි, මෙහි භික්‍ෂුතෙම පැහැදුණේ නොවේද, පවට ලජ්ජා නැත්තේද, පවට බිය නැත්තේද, කුසීතද අනුවණද, කයෙහි ජීවිතයෙහිද බලාපොරොත්තු අධික වේද, (යනුය)මහණෙනි, කරුණු සයකින් යුත් භික්‍ෂුව අග්‍රවූ, ධාර්මිකවූ, රහත් බව අත් කරන්නට නුසුදුසුය.

’’ මහණෙනි, කරුණු සයකින් යුත් භික්‍ෂුව අග්‍රවූ, ධාර්මිකවූ, රහත් බව අත් කරන්නට සුදුසුය.

’’කවර සයෙකින්ද යත්? මහණෙනි, මෙහි භික්‍ෂුව සැදැහැවත් නොවේද, පවට ලජ්ජා ඇත්තේද, පවට භය ඇත්තේද, පටන්ගත් වීර්ය ඇත්තේද, නුවණැත්තේද, කයෙහිද ජීවිතයෙහි බලාපොරොත්තුවක් නැත්තේද, (යනුය) මහණෙනි, කරුණු සයකින් යුත් භික්‍ෂුව අග්‍රවූ, ධාර්මිකවූ, රහත් බව අත් කරන්නට සුදුසුය.