අඞ්ගුත්තරනිකායො

ඡක්ක නිපාතය

2. දුතිය පණ්ණාසකය

9. සීති වර්‍ගය

3. සම්මත්ත සූත්‍රය

’’මහණෙනි, කරුණු සයකින් යුක්තවූ තැනැත්තේ, බණ අසන්නේ නමුදු කුශල ධර්මයන්හි තැන්පත්වූ නියම කළ දෙයට බැසගන්නට නොහැක්කේ වෙයි.

’’කවර සයකින්ද? මව මරණ ලද්දේ වේද, පියා මරණ ලද්දේ වේද, රහතුන් වහන්සේ මරන ලද්දේ වේද, දුෂ්ටවූ සිතින් තථාගතයන් වහන්සේගේ ශරීරයෙන් ලේ සොල්වන ලද්දේ වේද, සංඝ භේදය කරණ ලද්දේ වේද, ප්‍රඥා නැත්තේ වේද. මෝඩවූ. කෙළතොලු කෙනෙක් වේද, යන මේ කරුණු සයින් යුක්තවූ තැනැත්තේ මහණෙනි, කරුණු සයකින් යුක්තවූ තැනැත්තේ, බණ අසන්නේ නමුදු කුශල ධර්මයන්හි තැන්පත්වූ නියම කළ දෙයට බැසගන්නට නොහැක්කේ වෙයි.

’’මහණෙනි, කරුණු සයකින් යුක්තවූ තැනැත්තේ, බණ අසන්නේ නමුදු කුශල ධර්මයන්හි තැන්පත්වූ නියම කළ දෙයට බැසගන්නට හැක්කේ වෙයි.

’’කවර සයකින්ද? මව නොමරණ ලද්දේ වේද, පියා නොමරණ ලද්දේ වේද, රහතන් වහන්සේ නොමරණ ලද්දේ වේද, දුෂ්ටවූ සිතින් තථාගතයන් වහන්සේගේ ශරීරයෙන් ලේ නොසොල්වන ලද්දේ වේද, සංඝ භේදය නොකරණ ලද්දේ වේද, ප්‍රඥා ඇත්තේ වේද. මෝඩවූ. කෙළතොලු කෙනෙක් නොවූයේද, මහණෙනි, කරුණු සයකින් යුක්තවූ තැනැත්තේ, බණ අසන්නේ නමුදු කුශල ධර්මයන්හි තැන්පත්වූ නියම කළ දෙයට බැසගන්නට හැක්කේ වෙයි.