අඞ්ගුත්තරනිකායො
ඡක්ක නිපාතය
2. දුතිය පණ්ණාසකය
9. සීති වර්‍ගය
7. උප්පාදනායාභබ්බධම්ම සූත්‍රය
’’මහණෙනි, සෝවාන් පුද්ගලයා කරුණු සයක් උපදවන්නට නුසුදුසු වෙයි.
’’කවර සයක්ද? ආත්ම දෘෂ්ටිය, සැකය, අන්‍ය ශීල ව්‍රතයන් යහපත්යයි ගැනීම, අපායට යාමට හේතුවන රාගය, අපායට යාමට හේතුවන ද්වේෂය, අපායට යාමට හේතුවන මෝහය යන මේ සය වෙති, මහණෙනි, සෝවාන් පුද්ගලයා කරුණු සයක් උපදවන්නට නුසුදුසු වෙයි.