අඞ්ගුත්තරනිකායො

ඡක්ක නිපාතය

2. දුතිය පණ්ණාසකය

9. සීති වර්‍ගය

8. ඡඅභබ්බට්ඨාන සූත්‍රය

’’මහණෙනි, මේ නුසුදුසු කරුණු සයක් වෙති.

’’කවර සයක්ද? සෝවාන් පුද්ගලයා ශාස්තෲන් වහන්සේ කෙරෙහි ගෞරව නැතිව, නොකීකරුව වාසය කරන්නට නුසුදුසුය. සෝවාන් පුද්ගලයා ධර්‍මය කෙරෙහි ගෞරව නැතිව, නොකීකරුව වාසය කරන්නට නුසුදුසුය. සෝවාන් පුද්ගලයා සංඝයා කෙරෙහි ගෞරව නැතිව, නොකීකරුව වාසය කරන්නට නුසුදුසුය. සෝවාන් පුද්ගලයා හික්‍ෂාව කෙරෙහි ගෞරව නැතිව, නොකීකරුව වාසය කරන්නට නුසුදුසුය. සෝවාන් පුද්ගලයා සංඝයා කෙරෙහි ගෞරව නැතිව, වාසය කරන්ට නුසුදුසුය. සෝවාන් පුද්ගලයා ශික්‍ෂාව කෙරෙහි ගෞරව නැතිව, නොකීකරුව වාසය කරන්නට නුසුදුසුය. සෝවාන් පුද්ගලයා නොපැමිණෙන ස්ථානයට හැරී ඒමට නුසුදුසුය. සෝවාන් පුද්ගලයා අටවෙනි භවයක් උපදවන්නට නුසුදුසුය. මහණෙනි, මේ නුසුදුසු කරුණු සයක් වෙති.