අඞ්ගුත්තරනිකායො
ඡක්ක නිපාතය
2. දුතිය පණ්ණාසකය
9. සීති වර්‍ගය
11. සයංකත සුඛදුක්ඛ සූත්‍රය
’’මහණෙනි, නුසුදුසු කරුණු සයක් වෙති. කවර සයක්ද?
’’මහණෙනි. සෝවාන් පුද්ගලයා තමා විසින් කරණ ලද සුවදුක් වලට ආපසු හැරී ඒමට නුසුදුසුය. අනුන් විසින් කරණ ලද සැපදුක් වලට ආපසු හැරී ඒමට නුසුදුසුය. තමා විසින්ද, අනුන් විසින්ද කළ සැප දුක්වලට ආපසු හැරී ඒමට නුසුදුසුය. තමා විසින් නොකරණ ලද හේතුවක් නැතිව හටගත් සැප දුක් වලට හැරී ඒමට නුසුදුසුය.
’’සෝවාන් පුද්ගලයා තමා විසින්ද. අනුන් විසින්ද නොකරණ ලද හේතුවක් නැතිව හටගත් සුවදුක්වලට ආපසු හැරී ඒමට නුසුදුසුය.
’’එයට හේතු කවරේද? මහණෙනි, එසේමය. සෝවාන් පුද්ගලයා විසින් හේතුව දක්නා ලදී. හේතුවෙන් යුක්ත ධර්මයෝද දක්නා ලදී. මහණෙනි, නුසුදුසු කරුණු සයක් වෙති. කවර සයක්ද?
නවවැනි සීති වර්‍ගය නිමි.