අඞ්ගුත්තරනිකායො
අඨක නිපාතය
2. දුතිය පණ්ණාසකය
(9) 4. සති වර්‍ගය
5. තථාගතාධි වචන සූත්‍රය
’’මහණෙනි, ශ්‍රමණ යනු අර්හත්වූ, සම්මාසම්බුද්ධවූ, තථාගතයන්ට නමෙකි. මහණෙනි, බ්‍රාහ්මණ යනු අර්හත්වූ, සම්මාසම්බුද්ධවූ, තථාගතයන්ට නමෙකි. මහණෙනි, වෙදගූ (වේදය දත්තේ) යනු අර්හත්වූ, සම්මාසම්බුද්ධවූ, තථාගතයන්ට නමෙකි. මහණෙනි, හිසක්ක (වෙදා) යනු අර්හත්වූ, සම්මාසම්බුද්ධවූ, තථාගතයන්ට නමෙකි. මහණෙනි, නිම්මල (කුණු නැත්තා) යනු අර්හත්වූ, සම්මාසම්බුද්ධවූ, තථාගතයන්ට නමෙකි. මහණෙනි, විමල (කුණු නැත්තා) යනු අර්හත්වූ, සම්මාසම්බුද්ධවූ, තථාගතයන්ට නමෙකි. මහණෙනි, ඤාණී (දන්නේ) යනු අර්හත්වූ, සම්මාසම්බුද්ධවූ, තථාගතයන්ට නමෙකි. මහණෙනි, විමුක්ත (මිදුනේ) යනු අර්හත්වූ, සම්මාසම්බුද්ධවූ, තථාගතයන්ට මේ නමෙකි.
(1) ’’බ්‍රාහ්මණයකු විසින්, වශීවූ ශ්‍රමණයකු විසින්, යමකට පැමිණිය යුතුද, වෙදය දත්තකු විසින්, වෙදකු විසින් අති උතුම්වූ යමකට පැමිණිය යුතුද,
(2) ’’නිර්මලයකු විසින්, විමලයකු විසින්, නුවණැත්තෙකු විසින් අති උතුම්වූ යමකට පැමැණිය යුතුද,
’’ඒ මම දිනූ යුද ඇත්තේ, මිදුණේ, බැඳුම්වලින් මුදමි. අතිශයින් ප්‍රමොද වන ශික්‍ෂා අවසන් කළ පිරිනිවීම් ඇත්තෙක් වෙමි.’’