අඞ්ගුත්තරනිකායො
අඨක නිපාතය
2. දුතිය පණ්ණාසකය
(9) 4. සති වර්‍ගය
6. මායස්ස මාගම සූත්‍රය
’’එක් සමයෙක භාග්‍යවතුන් වහන්සේ මහත්වූ භික්‍ෂු සමූහයා හා කොශල ජනපදයෙහි චාරිකාවෙහි හැසිරෙනුයේ කොසල වැස්සන්ගේ ඉච්ඡානංගල නම් බමුණු ගමට පැමිණි සේක. භාග්‍යවතුන් වහන්සේ වනාහි ඉච්ඡානංගල ගම්හි, ඉච්ඡානංගල වන ලැහැබේ වසන සේක.
ඉච්ඡානංගල වැසි බමුණු සිටුවරු ශාක්‍ය කුලයෙන් පැවිදිවූ, ශාක්‍ය පුත්‍රවූ, ශ්‍රමණ භවත් ගෞතම තෙමේ ඉච්ඡානංගලයට පැමිණියේ, ඉච්ඡානංගලයට පැමිණ එහි ඉච්ඡානංගල වන ලැහැබෙහි වෙසේයයි ඇසුහ. ඒ භාග්‍යවත් ගෞතමයන්ගෙන් මෙබඳු කීර්ති ඝෝෂයක් පැන නැංගේය. ඒ භාග්‍යවතුන් වහන්සේ මේ කාරණයෙන්ද අර්‍හත්ය, සම්‍යක් සම්බුද්‍ධය, විද්‍යාචරණයන්ගෙන් යුක්තය, සුගතය, ලෝකය දත්තේය, පුරුෂයන් දමණය කරණ ශ්‍රේෂ්ඨ උත්තමයාය, දෙව් මිනිසුන්ගේ ශාස්තෲවරයාය, බුද්‍ධය, භාග්‍ය ඇත්තේයයි එබඳුවූ රහතුන්ගේ දැකීම වේ නම් මනාමය (කියාය.)
ඉක්බිති වනාහි ඉච්ඡානංගල වැසි බමුණු සිටුවරු ඒ රැය ඇවෑමෙන් බොහෝ කෑම් පීම් ගෙන, ඉච්ඡානංගල වන ලැහැබ කරා පැමුණුණෝය. පැමිණ, උස් හඬ ඇත්තෝ, මහා ශබ්ද ඇත්තෝ, පිටි දොර සිටියෝය.
එසමයෙහි වනාහි ආයුෂ්මත් නාගිත තෙම භාග්‍යවතුන් වහන්සේට උපස්ථාන කරන්නේ විය. ඉක්බිත්තෙන් වනාහි භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් නාගිතයන්ට කථා කළ සේක.
’’නාගිතය, ඒ උස්වූ ශබ්ද, මහත් ශබ්ද කවරේද? මස් මරන්නෝ මසුන් උදුරතියි සිතමි.’’
’’ස්වාමීනි, මොවුහු ඉච්ඡානංගල වැසි බමුණන් හා සිටුවරුය. බොහෝ කෑම් බීම් ගෙන පිටත දොරටුයෙහි භාග්‍යවතුන් වහන්සේද, භික්‍ෂු සංඝයාද උදෙසා සිටියෝය.’’
’’නාගිතය, මම යසසින් වන සමාගමය නොපතමි. මා කරණ කොට යසසක්ද නොපතමි.
’’නාගිතය, යමෙක් වනාහි මේ නිෂ්කාම මහණකමේ සැපය, දැඩි විවේක සැපය, සිත සන්සිඳීමේ සැපය, මනා අවබෝධයෙන්වූ සැපය, පහසුවෙන් ලබන්නේ නොවේද, නිදුකින් ලබන්නේ නොවේද, හිරිහැර නැතිව ලබන්නේ නොවේද, මම යම් ඒ නිෂ්කාම සැපය, දැඩි විවේක සැපය, සිත සන්සිඳීමේ සැපය, මනා අවබෝධයෙන්වු සැපය, පහසුවෙන් ලබන්නේ වෙම්ද, නිදුකින් ලබන්නේ වෙම්ද, හිරිහැර නැතිව ලබන්නේ වෙම්ද, හෙතෙම ඒ අපවිත්‍රවූ සැපය, නිදීමේ සැපය, ලැබීම සැලකිලි ප්‍රශංසා සැපය ඉවසන්නේය.’’
’’ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ දැන් ඉවසාවා. ස්වාමීනි, දැන් භාග්‍යවතුන් වහන්සේහට ඉවසීමේ කාලයයි. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ යම් යම් පරිද්දෙකින් එයට වඩින්නේද, බමුණු සිටුවරුද, නියම් ගම්මුද, ජනපද වැස්සෝද, නැමුණෝම වන්නෝය.
’’ස්වාමීනි, යම්සේ මහත් බින්දු ඇති වැස්ස වසිත්ම පහත් (නැමුණු) තැන් වශයෙන් ජලය පවතිත්ද, ස්වාමිනි, එසේම වනාහි භාග්‍යවතුන් වහන්සේ යම් යම් පරිද්දකින් එයට වඩින්නේද, බමුණු සිටුවරුද, නියම් ගම්මුද, ජනපද වැස්සෝද, නැමුණෝ වෙත්. එයට හේතු කවරේද? ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේගේ ශීල ප්‍රඥාව එසේමැයි.’’
’’නාගිතය, මම යසසින් වන සමාගමය නොපතමි. මා කරණ කොට යසසක්ද නොපතමි.
’’නාගිතය, යමෙක් වනාහි මේ නිෂ්කාම මහණකමේ සැපය, දැඩි විවේක සැපය, සිත සන්සිඳීමේ සැපය, මනා අවබෝධයෙන්වූ සැපය, පහසුවෙන් ලබන්නේ නොවේද, නිදුකින් ලබන්නේ නොවේද, හිරිහැර නැතිව ලබන්නේ නොවේද, මම යම් ඒ නිෂ්කාම සැපය, දැඩි විවේක සැපය, සිත සන්සිඳීමේ සැපය, මනා අවබෝධයෙන්වු සැපය, පහසුවෙන් ලබන්නේ වෙම්ද, නිදුකින් ලබන්නේ වෙම්ද, හිරිහැර නැතිව ලබන්නේ වෙම්ද, හෙතෙම ඒ අපවිත්‍රවූ සැපය, නිදීමේ සැපය, ලැබීම සැලකිලි ප්‍රශංසා සැපය ඉවසන්නේය.’’
’’නාගිත, ඇතැම් දේවතාවෝද වනාහි මහණකමේ සැපය, දැඩි විවේක සැපය, සිත සන්සිඳීමේ සැපය, මනා අවබෝධයෙන්වූ සැපය, පහසුවෙන් ලබන්නේ නොවේද, නිදුකින් ලබන්නේ නොවේද, හිරිහැර නැතිව ලබන්නේ නොවේද, යම් ඒ නිෂ්කාම සැපය, දැඩි විවේක සැපය, සිත සන්සිඳීමේ සැපය, මනා අවබෝධයෙන්වු සැපය, පහසුවෙන් ලබන්නේ වෙම්ද, නිදුකින් ලබන්නේ වෙම්ද, හිරිහැර නැතිව ලබන්නේ වෙම්ද, නාගිතය, එක්ව, රැස්ව, කාංඩ ගැසී කල් යැවීමෙන් වසන තොපටද මෙසේ සිතෙක් වෙයි.
’මේ ආයුෂ්මත්වරු මහණකමේ සැපය, දැඩි විවේක සැපය, සිත සන්සිඳීමේ සැපය, මනා අවබෝධයෙන්වූ සැපය, පහසුවෙන් ලබන්නේ නොවේද, නිදුකින් ලබන්නේ නොවේද, හිරිහැර නැතිව ලබන්නේ නොවේද, මම යම් ඒ නිෂ්කාම සැපය, දැඩි විවේක සැපය, සිත සන්සිඳීමේ සැපය, මනා අවබෝධයෙන්වු සැපය, පහසුවෙන් ලබන්නේ වෙම්ද, නිදුකින් ලබන්නේ වෙම්ද, හිරිහැර නැතිව ලබන්නේ වෙම්ද, මම යම් මේ නිෂ්කාම සැපය, දැඩි විවේක සැපය, සිත සන්සිඳීමේ සැපය, මනා අවබෝධයෙන්වු සැපය, පහසුවෙන් ලබන්නේ වෙම්ද, නිදුකින් ලබන්නේ වෙම්ද, එසේම මේ ආයුෂ්මත්හු එක්ව, රැස්ව, කාණ්ඩ ගැසී කල් යැවීමෙන් වසත්.
’’නාගිතය, මම මෙහි උනුන් ඇඟිලි දික් කිරීමෙන් එක්ව සිනාසෙන, එක්ව සෙල්ලම් කරන භික්‍ෂූන් දකිමි. නාගිතය, ඒ මට මේ සිත වෙයි. ’මේ ආයුෂ්මත්වරු මහණකමේ සැපය, දැඩි විවේක සැපය, සිත සන්සිඳීමේ සැපය, මනා අවබෝධයෙන්වූ සැපය, පහසුවෙන් ලබන්නේ නොවේද, නිදුකින් ලබන්නේ නොවේද, හිරිහැර නැතිව ලබන්නේ නොවේද, මම යම් මේ නිෂ්කාම සැපය, දැඩි විවේක සැපය, සිත සන්සිඳීමේ සැපය, මනා අවබෝධයෙන්වු සැපය, පහසුවෙන් ලබන්නේ වෙමි, නිදුකින් ලබන්නේ වෙමි, හිරිහැර නැතිව ලබන්නේ වෙමි,’ (කියාය.)
’’නාගිතය, ඇති පමණ බඩ තද වන තුරු කා, හෝනා සැපයෙහි, පහසේ සැපයෙහි, නින්දේ සැපයෙහි, නිතර යෙදුනු භික්‍ෂූන් මම දකිමි. නාගිත, ඒ මට මේ සිත වෙයි.
’මේ ආයුෂ්මත්වරු මේ නිෂ්කාම සැපය, දැඩි විවේක සැපය, සිත සන්සිඳීමේ සැපය, මනා අවබෝධයෙන්වූ සැපය, පහසුවෙන් ලබන්නෝ ඇත්තෝ නොවෙත්ද, නිදුකින් ලබන්නෝ ඇත්තෝ නොවෙත්ද, හිරිහැර නැතිව ලබන්නෝ ඇත්තෝ නොවෙත්ද, ’මේ ආයුෂ්මත්වරු මහණකමේ සැපය, දැඩි විවේක සැපය, සිත සන්සිඳීමේ සැපය, මනා අවබෝධයෙන්වූ සැපය, පහසුවෙන් ලබන්නේ නොවේද, නිදුකින් ලබන්නේ නොවේද, හිරිහැර නැතිව ලබන්නේ නොවේද, මම යම් මේ නිෂ්කාම සැපය, දැඩි විවේක සැපය, සිත සන්සිඳීමේ සැපය, මනා අවබෝධයෙන්වු සැපය, පහසුවෙන් ලබන්නේ වෙමි, නිදුකින් ලබන්නේ වෙමි, හිරිහැර නැතිව ලබන්නේ වෙමි,’ (කියාය.) එසේම මේ ආයුෂ්මත්වරු ඇති පමණ බඩ තද වන තුරු කා, හෝනා සැපයේ, පහසේ සැපයේ, නින්දේ සැපයේ, නිතර යෙදුණෝ වෙසෙත්, (කියාය).
’’නාගිත, මේ ගම් කෙළවරක වසන සිත එකඟව හුන් භික්‍ෂුවක් මම දකිමි. නාගිත, ඒ මට මේ සිත වෙයි. ’දැන් මේ ආයුෂ්මත්හු අරම් වැස්සෙක් තෙමේ සොයයි. හෙරණෙක් තෙමේ හෝ ඔහු ඒ සිත එකඟ කමින් මුදවාය’ යි (කියාය.) නාගිත, ඒ ගම් කෙළවර විසීමෙන් මම ඒ භික්‍ෂුවට නොසතුටු වෙමි.
’’නාගිත, මෙහි කැලෑවෙහි නිදිකිරන අරණ්‍යවාසී භික්‍ෂුවක් මම දකිමි. නාගිත, ඒ මට මේ සිත වෙයි. ’දැන් මේ ආයුෂ්මත් තෙම මේ නිද්‍රා ක්ලාන්තය දුරු කර, එකලාවූ කැලෑවය යන වැටහීමම මෙනෙහි කෙරේය (යනුයි.) නාගිත, මම ඒ භික්‍ෂුවට ඒ කැලෑ වාසයෙන් සතුටු වෙමි.’’
’’නාගිත, මෙහි කැලෑවෙහි සිත එකඟ කමක් නැතිව හුන් ආරණ්‍යවාසී භික්‍ෂුවක් මම දකිමි. නාගිත, ඒ මට මේ සිත වේ. ’දැන් මේ ආයුෂ්මත් තෙමේ එකඟ නොවූ සිත එකඟ කරන්නේ හෝ වේ. එකඟවූ සිත අනුරක්‍ෂා කරන්නේ වේ.’ නාගිත, මම ඒ භික්‍ෂුවට ඒ කැලෑබද වාසයෙන් සතුටු වෙමි.’’
’’නාගිත, මේ කැලෑවෙහි සිත එකඟව හුන් ආරණ්‍යවාසී භික්‍ෂුවක් මම දකිමි. නාගිත, ඒ මට මේ සිත වේ. ’දැන් මේ ආයුෂ්මත් තෙම නොමිදුණු සිත (කෙලෙසුන්ගෙන්) මුදන්නේය. මිදුණු හෝ සිත අනුරකින්නේය. (කියාය.) නාගිත, මම ඒ භික්‍ෂුවට ඒ කැලෑ වාසයෙන් සතුටු වෙමි.
’’නාගිත, මම යම් විටක මහ මගට බටුයේ ඉදිරියෙහි හෝ පස්සෙහි හෝ යම් කිසිවකු නොදකිම්ද, එසමයෙහි මට යටත් පිරිසෙයින් මල මූත්‍ර කිරීමටද පහසුවක් වේ.’