ඛුද්දක නිකාය
ඉතිවුත්තකය
1. එකක නිපාතය
2. බහුපකාර වර්ගය
3. මක්ඛානභිජානන සූත්‍රය
“මහණෙනි, (අනුන්ගේ) ගුණමැකීම විශෙෂයෙන් නොදන්නේ පිරිසිඳ නොදන්නේ එහි සිත අලවන්නේ පහ නොකරන්නේ නිවණට අසමර්ථවේ, “මහණෙනි, (අනුන්ගේ) ගුණ මැකීමද, විශෙෂයෙන් දන්නේ පිරිසිඳ දන්නේ එහි සිත නොඅලවන්නේ පහකරන්නේ නිවනට සමර්ථවේ යයි.
මේ අර්ථය භාග්‍යවතුන් වහන්සේ වදාළසේක. එහි මේ අර්ථය මෙසේ කියනු ලැබේ.
“යම් (අනුන්ගේ) ගුණ මැකීමකින් මකුවූ සත්වයෝ දුගතියට යෙද්ද, නුවණැත්තෝ ඒ ගුණ මකන (ස්වභාවය) මනාකොට දැන දුරුකරත්, පහකොට මේ (කාම) ලොකයට නැවත කිසිකලෙකත් (ඉපදීම් වශයෙන්) නොපැමිණෙත් යයි.