ඛුද්දක නිකාය
ඉතිවුත්තකය
1. එකක නිපාතය
2. බහුපකාර වර්ගය
4. අවිජ්ජානීවරණ සූත්‍රය
“මහණෙනි, යම් නීවරණයකින් වැසුනාවූ සත්වයෝ දීර්ඝකාලයක් මුලුල්ලෙහි සර්වප්‍රකාරයෙන් දුවද්ද, සැරිසරද්ද මහණෙනි, මේ අවිද්‍යා නීවරණය යම්සේද, (මින්) අන්‍යවූ එකනීවරණයකුදු මම නොමදකිමි. මහණෙනි, අවිද්‍යානීවරණයෙන් වැසුණු සත්වයෝ බොහෝකලක් (සසර) නැවත නැවත දුවති, සැරිසරති’යි.
මේ අර්ථය භාග්‍යවතුන් වහන්සේ වදාළසේක. එහි මේ අර්ථය මෙසේ කියනු ලැබේ. “යම් නීවරණයකින් සත්වයෝ මෙසේ වැසුණාහුද, යම් ප්‍රකාරයකින් මොහයෙන් වැසුණාවූ (සත්වයෝ) රෑ දාවල්හි සසර සැරිසරද්ද, එබඳු මෙයින් අනාථවූ එකද ස්වභාවයෙක් (නීවරණයක්) නැත්තේමය.
යම් (“ආර්යශ්‍රාවක) කෙනෙක් වනාහි මොහය පහකොට මොහ නමැති අඳුරු රැස ගැසුවාහුද, ඔහු තුමූ නැවත සසර) සැරිනොසරති. ඔවුන්ගේ (සැරිසැරීමට මුල්) කාරණයක් වේද, නැත්තේ යයි