සංයුත්තනිකායො
සළායතන වර්‍ගය
1. සළායතන සංයුත්තය
11. යොගක්ඛෙමි වර්‍ගය
8. පරිජාන සූත්‍රය
මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහි වූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්‍ෂූන් ඇමතූ සේක. ‘සවාමීනි’යි කියා ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.
’’මහණෙනි, ඇස විශේෂයෙන් නොදන්නේ, පිරිසිඳ නොදන්නේ, විරාගයට නොපමුනුවන්නේ, මාර්‍ගඥානයෙන් පහ නොකරන්නේ දුක් නැතිකිරීම පිණිස සුදුසු නොවේ. කණ විශේෂයෙන් නොදන්නේ, පිරිසිඳ නොදන්නේ, විරාගයට නොපමුණුවන්නේ, මාර්‍ගඥානයෙන් පහ නොකරන්නේ දුක් නැතිකිරීම පිණිස සුදුසු නොවේ. නාසය විශේෂයෙන් නොදන්නේ, පිරිසිඳ නොදන්නේ, විරාගයට නොපමුණුවන්නේ, මාර්‍ගඥානයෙන් පහ නොකරන්නේ දුක් නැතිකිරීම පිණිස සුදුසු නොවේ. දිව විශේෂයෙන් නොදන්නේ, පිරිසිඳ නොදන්නේ, විරාගයට නොපමුණුවන්නේ, මාර්‍ගඥානයෙන් පහ නොකරන්නේ දුක් නැතිකිරීම පිණිස සුදුසු නොවේ. කය විශේෂයෙන් නොදන්නේ, පිරිසිඳ නොදන්නේ, විරාගයට නොපමුණුවන්නේ, මාර්‍ගඥානයෙන් පහ නොකරන්නේ දුක් නැතිකිරීම පිණිස සුදුසු නොවේ. සිත විශේෂයෙන් නොදන්නේ, පිරිසිඳ නොදන්නේ, විරාගයට නොපමුණුවන්නේ, මාර්‍ගඥානයෙන් පහ නොකරන්නේ දුක් නැතිකිරීම පිණිස සුදුසු නොවේ.
’’මහණෙනි, ඇසද, විශේෂයෙන් දන්නේ පිරිසිඳ දන්නේ විරාගයට පමුණුවන්නේ, මාර්‍ගඥානයෙන් දුරු කරන්නේ දුක් නැසීමට සුදුසු වේ. කණ විශේෂයෙන් දන්නේ පිරිසිඳ දන්නේ විරාගයට පමුණුවන්නේ, මාර්‍ගඥානයෙන් දුරු කරන්නේ දුක් නැසීමට සුදුසු වේ. නාසය විශේෂ යෙන් දන්නේ පිරිසිඳ දන්නේ විරාගයට පමුණුවන්නේ, මාර්‍ගඥානයෙන් දුරු කරන්නේ දුක් නැසීමට සුදුසු වේ. දිව විශේෂයෙන් දන්නේ පිරිසිඳ දන්නේ විරාගයට පමුණුවන්නේ, මාර්‍ගඥානයෙන් දුරු කරන්නේ දුක් නැසීමට සුදුසු වේ. කය විශේෂයෙන් දන්නේ පිරිසිඳ දන්නේ විරාගයට පමුණුවන්නේ, මාර්‍ගඥානයෙන් දුරු කරන්නේ දුක් නැසීමට සුදුසු වේ. සිත විශේෂයෙන් දන්නේ පිරිසිඳ දන්නේ විරාගයට පමුණුවන්නේ, මාර්‍ගඥානයෙන් දුරු කරන්නේ දුක් නැසීමට සුදුසු වේයයි, (වදාළ සේක.)