සංයුත්තනිකායො
සළායතන වර්‍ගය
1. සළායතන සංයුත්තය
7. මිගජාල වර්‍ගය
10. ඡඵස්සායතන සූත්‍රය
මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර කලන්‍දකනිවාප නම් ලත් වේළුවනයෙහි (උණවනයෙහි) වාසය කරණ සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ, ’’මහණෙනි’’ යි කියා භික්‍ෂූන්හට කථා කළ සේක. ’’පින්වතුන් වහන්සැ’’ යි කියා ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය දේශනා කළ සේක.
’’මහණෙනි, යම්කිසි මහණෙක් වනාහි සවැදෑරුම්වූ ස්පර්‍ශායතනයන්ගේ හටගැණීමද, විනාශයද, ආශ්වාදයද, ආදීනවයද, නිස්සරණයද, තත්වූ පරිද්දෙන් නොදනීද, ඔහු විසින් බ්‍රහ්මචර්‍ය්‍යාව නොවසන ලදී. හෙතෙම මේ ධර්‍ම විනයෙන් ඈත්වූවෙක්ම වන්නේය.’’
’’මෙසේ වදාළ කල්හි එක්තරා භික්‍ෂුවක් භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කෙළේය. ’’ස්වාමීනි, මෙහි මම නැසුනෙමි. ස්වාමීනි, මම වනාහි සවැදෑරුම්වූ ස්පර්‍ශායතනයන්ගේ හටගැණීමද, විනාශයද, ආශ්වාදයද, ආදීනවයද, නිස්සරණයද, තත්වූ පරිද්දෙන් නොදනිමි’’ යි කීයේය.
’’මහණ, ඒ කුමකැයි හඟින්නෙහිද? ඇස ’මෙය මාගේ නොවෙයි, මෙය මම නොවෙමි, මෙය මාගේ ආත්මය නොවේයයි’ දක්නෙහිද?’’ - ’’එසේය, ස්වාමීනි,’’
’’මහණ, මැනව. මහණ, මෙහිද තා විසින් ඇස, ’මෙය මාගේ නොවෙයි, මෙය මම නොවෙමියි, මෙය මාගේ ආත්මය නොවේ යයි’ මෙසේ මෙය තත්වූ පරිද්දෙන්, මනා නුවණින් දක්නා ලද්දේ වන්නේය. මෙසේ තා විසින් මේ පළමුවන ස්පර්‍ශායතනය මත්තෙහි නැවත නොවීම පිණිස පහකරණ ලද්දේ වන්නේය.
’’කණ, ’මෙය මාගේ නොවෙයි, මෙය මම නොවෙමි, මෙය මාගේ ආත්මය නොවේයයි’ දක්නෙහිද?’’ - ’’එසේය, ස්වාමීනි,’’
’’මහණ, මැනව. මහණ, මෙහිද තා විසින් කණ, ’මෙය මාගේ නොවෙයි, මෙය මම නොවෙමියි, මෙය මාගේ ආත්මය නොවේයයි’ මෙසේ මෙය තත්වූ පරිද්දෙන්, මනා නුවණින් දක්නා ලද්දේ වන්නේය. මෙසේ තා විසින් මේ දෙවන ස්පර්‍ශායතනය මත්තෙහි නැවත නොවීම පිණිස පහකරණ ලද්දේ වන්නේය.
’’නාසය, ’මෙය මාගේ නොවෙයි, මෙය මම නොවෙමි, මෙය මාගේ ආත්මය නොවේයයි’ දක්නෙහිද?’’ - ’’එසේය, ස්වාමීනි,’’
’’මහණ, මැනව. මහණ, මෙහිද තා විසින් නාසය, ’මෙය මාගේ නොවෙයි, මෙය මම නොවෙමියි, මෙය මාගේ ආත්මය නොවේයයි’ මෙසේ මෙය තත්වූ පරිද්දෙන්, මනා නුවණින් දක්නා ලද්දේ වන්නේය. මෙසේ තා විසින් මේ තුන්වන ස්පර්‍ශායතනය මත්තෙහි නැවත නොවීම පිණිස පහකරණ ලද්දේ වන්නේය.
’’දිව, ’මෙය මාගේ නොවෙයි, මෙය මම නොවෙමි, මෙය මාගේ ආත්මය නොවේයයි’ දක්නෙහිද?’’ - ’’එසේය, ස්වාමීනි,’’
’’මහණ, මැනව. මහණ, මෙහිද තා විසින් දිව, ’මෙය මාගේ නොවෙයි, මෙය මම නොවෙමියි, මෙය මාගේ ආත්මය නොවේයයි’ මෙසේ මෙය තත්වූ පරිද්දෙන්, මනා නුවණින් දක්නා ලද්දේ වන්නේය. මෙසේ තා විසින් මේ සතරවන ස්පර්‍ශායතනය මත්තෙහි නැවත නොවීම පිණිස පහකරණ ලද්දේ වන්නේය.
’’කය, ’මෙය මාගේ නොවෙයි, මෙය මම නොවෙමි, මෙය මාගේ ආත්මය නොවේයයි’ දක්නෙහිද?’’ - ’’එසේය, ස්වාමීනි,’’
’’මහණ, මැනව. මහණ, මෙහිද තා විසින් කය, ’මෙය මාගේ නොවෙයි, මෙය මම නොවෙමියි, මෙය මාගේ ආත්මය නොවේයයි’ මෙසේ මෙය තත්වූ පරිද්දෙන්, මනා නුවණින් දක්නා ලද්දේ වන්නේය. මෙසේ තා විසින් මේ පසවන ස්පර්‍ශායතනය මත්තෙහි නැවත නොවීම පිණිස පහකරණ ලද්දේ වන්නේය.
’’සිත, ’මෙය මාගේ නොවෙයි, මෙය මම නොවෙමි, මෙය මාගේ ආත්මය නොවේයයි’ දක්නෙහිද?’’ - ’’එසේය, ස්වාමීනි,’’
’’මහණ, මැනව. මහණ, මෙහිද තා විසින් සිත, ’මෙය මාගේ නොවෙයි, මෙය මම නොවෙමියි, මෙය මාගේ ආත්මය නොවේයයි’ මෙසේ මෙය තත්වූ පරිද්දෙන්, මනා නුවණින් දක්නා ලද්දේ වන්නේය. මෙසේ තා විසින් මේ සවන ස්පර්‍ශායතනය මත්තෙහි නැවත නොවීම පිණිස පහකරණ ලද්දේ වන්නේය’’ යි (වදාළ සේක).