සංයුත්තනිකායො

සළායතන වර්‍ගය

1. සළායතන සංයුත්තය

8. ගිලාන වර්‍ගය

2. ගිලාන සූත්‍රය

මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වාසය කරණ සේක.

ඉක්බිති එක්තරා භික්‍ෂුවක් තෙම භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේට වැඳ, එක් පසෙක හුන්නේය. එකත් පසෙක උන්නාවු ඒ භික්‍ෂු තෙම භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කෙළේය. ’’ස්වාමීනි, අසවල් විහාරයෙහි අලුත පැවිදිවූ අප්‍රසිද්‍ධ භික්‍ෂුවක් තෙම හටගත් ආබාධ ඇත්තේ, දුකින් පෙළුනේ, දැඩි ගිලන්වූයේ වෙයි. ස්වාමිනි, භාග්‍යවතුන් වහන්සේ ඒ භික්‍ෂු තෙම යම් තැනෙක්හිද, අනුකම්පා පිණිස එතැනට වඩින සේක් නම් යහපතියි’’ කියායි.

එකල්හි භාග්‍යවතුන් වහන්සේ අලුත පැවිදිවූවෙකැයිද, ගිලනෙකැයිද අසා අප්‍රසිද්‍ධ භික්‍ෂුවෙකැයි මෙසේ දැන, ඒ භික්‍ෂුතෙම යම් තැනෙක්හිද, එතැනට වැඩි සේක. ඒ භික්‍ෂුතෙම දුරදීම වඩින්නාවූ භාග්‍යවතුන් වහන්සේ දුටුවේමය. දැක ඇඳෙන් නැගිටින ආකාරයක් දැක්වීය. එකල්හි භාග්‍යවතුන් වහන්සේ ඒ භික්‍ෂුවට, ’’මහණ, කම් නැත. නුඹ ඇඳෙන් නොනැගිටුව. පණවන ලද මේ ආසන ඇත්තාහ. එහි මම හිඳගන්නෙමි’’ යි වදාළ සේක.

භාග්‍යවතුන් වහන්සේ වැඩහිඳ, ඒ භික්‍ෂුවට මෙය වදාළ සේක. ’’මහණ, කිමෙක්ද, තොපට ඉවසිය හැකිද? කිම, යැපිය හැකිද, කිමෙක්ද, තොපගේ දුක්වූ වේදනාවෝ අඩුවෙත්ද? වැඩි නොවෙත්ද? අඩුවන බවක් පෙනේද? වැඩිවන බවක් නොපෙනේදැ’’ යි ඇසූහ.

’’ස්වාමීනි, මට ඉවසිය හැකි නොවේ. යැපිය හැකි නොවේ. මාගේ දැඩිවූ දුක් වේදනාවෝ වැඩිවෙති. අඩු නොවෙත්. වැඩිවන බවම පෙනේ. අඩුවන බවක් නොපෙනේය’’ යයි කිය.

’’මහණ, කිමෙක්ද, තොපට කිසි කුකුසක් නැත්තේද, පසුතැවිමක් නැත්තේද?’’

’’ස්වාමීනි, මට ඒකාන්තයෙන් ස්වල්ප නොවූ කුකුසක් ඇත්තේය. ස්වල්ප නොවූ පසුතැවීමක් ඇත්තේය’’ යි කීය.

’’මහණ, කිමෙක්ද, නුඹ තමාම ශීලයෙන් චෝදනා කෙරේද?’’ - ’’ස්වාමීනි, මට තමාම ශීලයෙන් චෝදනා නොකෙරේයයි’’ කීය.

’’මහණ, ඉදින් වනාහි නුඹ තමාම ශීලයෙන් චෝදනා නොකෙරේනම් එසේ ඇති කල්හි කවර කරුණකින් කුකුසක් වේද, පසුතැවිමක් වේද?’’ - ’’ස්වාමීනි, මම භාග්‍යවතුන් වහන්සේ විසින් ශීලවිසුද්‍ධිය පිණිස ධර්මය දේශනා නොකරණ ලද බව දනිමි’’

’’මහණ, ඉදින් වනාහි නුඹ මා විසින් ශීලවිසුද්‍ධිය පිණිස ධර්මය දේශනා නොකරණ ලද බව දන්නෙහි නම්, මහණ, එකල්හි කුමක් සඳහා මා විසින් ධර්මය දේශනා කරණ ලදැයි දන්නෙහිද?’’ - ’’ස්වාමීනි, මම උපාදාන රහිතව පිරිණිවීම පිණිස භාග්‍යවතුන් වහන්සේ විසින් ධර්මය දේශනා කරණ ලදැයි දනිමි’’ යි කීය.

’’යහපත, යහපත, මහණ, මහණ, නුඹ උපාදාන රහිතව පිරිණිවීම පිණිස මා විසින් ධර්මය දේශනා කරණ ලදැයි දන්නෙහි. එය මැනව. මහණ, මා විසින් උපාදාන රහිතව පිරිණිවීම පිණිස ධර්මය දේශනා කරණ ලදී.’’

’’මහණ, නුඹ ඒ කුමකැයි හඟින්නෙහිද? ඇස නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?’’ - ’’ස්වාමීනි, අනිත්‍යය.’’

’’යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ සැප හෝ වේද?’’ - ’’ස්වාමීනි, දුකය.’’

’’යමක් වනාහි අනිත්‍යද, දුකද, වෙනස්වන ස්වභාවද, එය, ’මෙය මාගේය, මෙය මම වෙමියි, මෙය මාගේ ආත්මයයි’ දකින්ට සුදුසුද?’’ - ’’ස්වාමිනි, එය සුදුසු නොවේමැයි’’

’’රූපය නිත්‍ය හෝ අනිත්‍ය හෝ වෙත්ද?’’ - ’’ස්වාමීනි, අනිත්‍යයහ.’’

’’යමක් වනාහි අනිත්‍යයද, එය දුක් හෝ සැප හෝ වේද?’’ - ’’ස්වාමීනි, දුකය.’’

’’යමක් වනාහි අනිත්‍යද, දුකද, වෙනස්වන ස්වභාව ඇත්තේද, එය, ’මෙය මාගේය, මෙතෙම මම වෙමියි, මෙය මාගේ ආත්මයයි’ දකින්ට සුදුසුද?’’ - ’’ස්වාමිනි, මෙය සුදුසු නොවේමැයි’’

’’චක්ඛුවිඤ්ඤාණය නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?’’ - ’’ස්වාමීනි, අනිත්‍යය.’’ ’’යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ සැප හෝ වේද?’’ - ’’ස්වාමීනි, දුකය.’’

’’යමක් වනාහි අනිත්‍යද, දුකද, වෙනස්වන ස්වභාව ඇත්ත්ද, එය, ’මෙය මාගේය, මෙතෙම මම වෙමි, මෙතෙම මාගේ ආත්මයයි’ දකින්ට සුදුසුද?’’ - ’’ස්වාමිනි, මෙය සුදුසු නොවේමැයි’’

’’චක්ඛුසම්ඵස්සය නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?’’ - ’’ස්වාමීනි, අනිත්‍යය.’’

’’යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ සැප හෝ වේද?’’ - ’’ස්වාමීනි, දුක්ය.’’

’’යමක් වනාහි අනිත්‍යද, දුකද, වෙනස්වන ස්වභාව ඇත්තේද, එය, ’මෙය මාගේය, මෙතෙම මම වෙමි, මෙතෙම මාගේ ආත්මයයි’ දකින්ට සුදුසුද?’’ - ’’ස්වාමිනි, එය සුදුසු නොවේමැයි’’

’’චක්ඛුසම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ, යම් මේ වේදනාවකුත් උපදීද, එයද නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?’’ - ’’ස්වාමීනි, අනිත්‍යය.’’

’’යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ සැප හෝ වේද?’’ - ’’ස්වාමීනි, දුක්ය.’’

’’යමක් වනාහි අනිත්‍යද, දුකද, වෙනස්වන ස්වභාව ඇත්තේද, එය, ’මෙය මාගේය, මෙතෙම මම වෙමි, මෙතෙම මාගේ ආත්මයයි’ දකින්ට සුදුසුද?’’ - ’’ස්වාමිනි, මෙය සුදුසු නොවේමැයි’’

’’මහණෙනි, කණ නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?’’ - ’’ස්වාමීනි, අනිත්‍යය.’’

’’යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ සැප හෝ වේද?’’ - ’’ස්වාමීනි, දුක්ය.’’

’’යමක් වනාහි අනිත්‍යද, දුකද, වෙනස්වන ස්වභාව ඇත්තේද, එය, ’මෙය මාගේය, මෙතෙම මම වෙමියි, මෙතෙම මාගේ ආත්මයයි’ දකින්ට සුදුසුද?’’ - ’’ස්වාමිනි, මෙය සුදුසු නොවේමැයි’’ ’’ශබ්දයෝ නිත්‍ය හෝ අනිත්‍ය හෝ වෙත්ද?’’ - ’’ස්වාමීනි, අනිත්‍යයහ.’’

’’යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ සැප හෝ වේද?’’ - ’’ස්වාමීනි, දුක්ය.’’

’’යමක් වනාහි අනිත්‍යද, දුකද, වෙනස්වන ස්වභාව ඇත්තේද, එය, ’මෙය මාගේය, මෙතෙම මම වෙමි, මෙතෙම මාගේ ආත්මයයි’ දකින්ට සුදුසුද?’’ - ’’ස්වාමිනි, මෙය සුදුසු නොවේමැයි’’

’’සෝතවිඤ්ඤාණය නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?’’ - ’’ස්වාමීනි, අනිත්‍යය.’’

’’යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ සැප හෝ වේද?’’ - ’’ස්වාමීනි, දුක්ය.’’

’’යමක් වනාහි අනිත්‍යද, දුක්ද, වෙනස්වන ස්වභාව ඇත්තේද, එය, ’මෙය මාගේය, මෙතෙම මම වෙමි, මෙතෙම මාගේ ආත්මයයි’ දකින්ට සුදුසුද?’’ - ’’ස්වාමිනි, මෙය සුදුසු නොවේමැයි’’

’’සෝතසම්ඵස්සය නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?’’ - ’’ස්වාමීනි, අනිත්‍යය.’’

’’යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ සැප හෝ වේද?’’ - ’’ස්වාමීනි, දුක්ය.’’

’’යමක් වනාහි අනිත්‍යද, දුක්ද, වෙනස්වන ස්වභාව ඇත්තේද, එය, ’මෙය මාගේය, මෙතෙම මම වෙමි, මෙතෙම මාගේ ආත්මයයි’ දකින්ට සුදුසුද?’’ - ’’ස්වාමිනි, මෙය සුදුසු නොවේමැයි’’

’’සෝතසම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවකුත් උපදීද, එයද නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?’’ - ’’ස්වාමීනි, අනිත්‍යය.’’

’’යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ සැප හෝ වේද?’’ - ’’ස්වාමීනි, දුක්ය.’’ ’’යමක් වනාහි අනිත්‍යද, දුක්ද, වෙනස්වන ස්වභාව ඇත්තේද, එය, ’මෙය මාගේය, මෙතෙම මම වෙමි, මෙතෙම මාගේ ආත්මයයි’ දකින්ට සුදුසුද?’’ - ’’ස්වාමිනි, මෙය සුදුසු නොවේමැයි’’

’’මහණෙනි, නාසය නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?’’ - ’’ස්වාමීනි, අනිත්‍යය.’’

’’යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ සැප හෝ වේද?’’ - ’’ස්වාමීනි, දුක්ය.’’

’’යමක් වනාහි අනිත්‍යද, දුක්ද, වෙනස්වන ස්වභාව ඇත්තේද, එය, ’මෙය මාගේය, මෙතෙම මම වෙමි, මෙතෙම මාගේ ආත්මයයි’ දකින්ට සුදුසුද?’’ - ’’ස්වාමිනි, මෙය සුදුසු නොවේමැයි’’

’’ගන්‍ධයෝ නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?’’ - ’’ස්වාමීනි, අනිත්‍යයහ.’’

’’යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ සැප හෝ වේද?’’ - ’’ස්වාමීනි, දුක්ය.’’

’’යමක් වනාහි අනිත්‍යද, දුක්ද, වෙනස්වන ස්වභාව ඇත්තේද, එය, ’මෙය මාගේය, මෙතෙම මම වෙමි, මෙතෙම මාගේ ආත්මයයි’ දකින්ට සුදුසුද?’’ - ’’ස්වාමිනි, මෙය සුදුසු නොවේමැයි’’

’’ඝාණවිඤ්ඤාණය නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?’’ - ’’ස්වාමීනි, අනිත්‍යය.’’

’’යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ සැප හෝ වේද?’’ - ’’ස්වාමීනි, දුක්ය.’’

’’යමක් වනාහි අනිත්‍යද, දුක්ද, වෙනස්වන ස්වභාව ඇත්තේද, එය, ’මෙය මාගේය, මෙතෙම මම වෙමි, මෙතෙම මාගේ ආත්මයයි’ දකින්ට සුදුසුද?’’ - ’’ස්වාමිනි, මෙය සුදුසු නොවේමැයි’’

’’ඝාණසම්ඵස්සය නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?’’ - ’’ස්වාමීනි, අනිත්‍යය.’’ ’’යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ සැප හෝ වේද?’’ - ’’ස්වාමීනි, දුක්ය.’’

’’යමක් වනාහි අනිත්‍යද, දුක්ද, වෙනස්වන ස්වභාව ඇත්තේද, එය, ’මෙය මාගේය, මෙතෙම මම වෙමි, මෙතෙම මාගේ ආත්මයයි’ දකින්ට සුදුසුද?’’ - ’’ස්වාමිනි, මෙය සුදුසු නොවේමැයි’’

’’ඝාණසම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවකුත් උපදීද, එය නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?’’ - ’’ස්වාමීනි, අනිත්‍යය.’’

’’යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ සැප හෝ වේද?’’ - ’’ස්වාමීනි, දුක්ය.’’

’’යමක් වනාහි අනිත්‍යද, දුක්ද, වෙනස්වන ස්වභාව ඇත්තේද, එය, ’මෙය මාගේය, මෙතෙම මම වෙමි, මෙතෙම මාගේ ආත්මයයි’ දකින්ට සුදුසුද?’’ - ’’ස්වාමිනි, මෙය සුදුසු නොවේමැයි’’

’’මහණෙනි, දිව නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?’’ - ’’ස්වාමීනි, අනිත්‍යය.’’

’’යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ සැප හෝ වේද?’’ - ’’ස්වාමීනි, දුක්ය.’’

’’යමක් වනාහි අනිත්‍යද, දුක්ද, වෙනස්වන ස්වභාව ඇත්තේද, එය, ’මෙය මාගේය, මෙතෙම මම වෙමි, මෙතෙම මාගේ ආත්මයයි’ දකින්ට සුදුසුද?’’ - ’’ස්වාමිනි, මෙය සුදුසු නොවේමැයි’’

’’රසයෝ නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?’’ - ’’ස්වාමීනි, අනිත්‍යයහ.’’

’’යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ සැප හෝ වේද?’’ - ’’ස්වාමීනි, දුක්ය.’’

’’යමක් වනාහි අනිත්‍යද, දුක්ද, වෙනස්වන ස්වභාව ඇත්තේද, එය, ’මෙය මාගේය, මෙතෙම මම වෙමි, මෙතෙම මාගේ ආත්මයයි’ දකින්ට සුදුසුද?’’ - ’’ස්වාමිනි, මෙය සුදුසු නොවේමැයි’’

’’ජිව්හාවිඤ්ඤාණය නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?’’ - ’’ස්වාමීනි, අනිත්‍යය.’’

’’යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ සැප හෝ වේද?’’ - ’’ස්වාමීනි, දුක්ය.’’

’’යමක් වනාහි අනිත්‍යද, දුක්ද, වෙනස්වන ස්වභාව ඇත්තේද, එය, ’මෙය මාගේය, මෙතෙම මම වෙමි, මෙතෙම මාගේ ආත්මයයි’ දකින්ට සුදුසුද?’’ - ’’ස්වාමිනි, මෙය සුදුසු නොවේමැයි’’

’’ජිව්හාසම්ඵස්සය නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?’’ - ’’ස්වාමීනි, අනිත්‍යය.’’

’’යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ සැප හෝ වේද?’’ - ’’ස්වාමීනි, දුක්ය.’’

’’යමක් වනාහි අනිත්‍යද, දුක්ද, වෙනස්වන ස්වභාව ඇත්තේද, එය, ’මෙය මාගේය, මෙතෙම මම වෙමි, මෙතෙම මාගේ ආත්මයයි’ දකින්ට සුදුසුද?’’ - ’’ස්වාමිනි, මෙය සුදුසු නොවේමැයි’’

’’ජිව්හාසම්ඵස්සය හේතුකොටගෙණ සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවකුත් උපදීද, එය නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?’’ - ’’ස්වාමීනි, අනිත්‍යය.’’

’’යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ සැප හෝ වේද?’’ - ’’ස්වාමීනි, දුක්ය.’’

’’යමක් වනාහි අනිත්‍යද, දුක්ද, වෙනස්වන ස්වභාව ඇත්තේද, එය, ’මෙය මාගේය, මෙතෙම මම වෙමි, මෙතෙම මාගේ ආත්මයයි’ දකින්ට සුදුසුද?’’ - ’’ස්වාමිනි, මෙය සුදුසු නොවේමැයි’’

’’මහණෙනි, කය නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?’’ - ’’ස්වාමීනි, අනිත්‍යය.’’

’’යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ සැප හෝ වේද?’’ - ’’ස්වාමීනි, දුක්ය.’’

’’යමක් වනාහි අනිත්‍යද, දුක්ද, වෙනස්වන ස්වභාව ඇත්තේද, එය, ’මෙය මාගේය, මෙතෙම මම වෙමි, මෙතෙම මාගේ ආත්මයයි’ දකින්ට සුදුසුද?’’ - ’’ස්වාමිනි, මෙය සුදුසු නොවේමැයි’’ ’’ස්පර්‍ශයෝ නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?’’ - ’’ස්වාමීනි, අනිත්‍යයහ.’’

’’යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ සැප හෝ වේද?’’ - ’’ස්වාමීනි, දුක්ය.’’

’’යමක් වනාහි අනිත්‍යද, දුක්ද, වෙනස්වන ස්වභාව ඇත්තේද, එය, ’මෙය මාගේය, මෙතෙම මම වෙමි, මෙතෙම මාගේ ආත්මයයි’ දකින්ට සුදුසුද?’’ - ’’ස්වාමිනි, මෙය සුදුසු නොවේමැයි’’

’’කායවිඤ්ඤාණය නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?’’ - ’’ස්වාමීනි, අනිත්‍යය.’’

’’යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ සැප හෝ වේද?’’ - ’’ස්වාමීනි, දුක්ය.’’

’’යමක් වනාහි අනිත්‍යද, දුක්ද, වෙනස්වන ස්වභාව ඇත්තේද, එය, ’මෙය මාගේය, මෙතෙම මම වෙමි, මෙතෙම මාගේ ආත්මයයි’ දකින්ට සුදුසුද?’’ - ’’ස්වාමිනි, මෙය සුදුසු නොවේමැයි’’

’’කායසම්ඵස්සය නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?’’ - ’’ස්වාමීනි, අනිත්‍යය.’’

’’යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ සැප හෝ වේද?’’ - ’’ස්වාමීනි, දුක්ය.’’

’’යමක් වනාහි අනිත්‍යද, දුක්ද, වෙනස්වන ස්වභාව ඇත්තේද, එය, ’මෙය මාගේය, මෙතෙම මම වෙමි, මෙතෙම මාගේ ආත්මයයි’ දකින්ට සුදුසුද?’’ - ’’ස්වාමිනි, මෙය සුදුසු නොවේමැයි’’

’’කායසම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවකුත් උපදීද, එය නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?’’ - ’’ස්වාමීනි, අනිත්‍යය.’’

’’යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ සැප හෝ වේද?’’ - ’’ස්වාමීනි, දුක්ය.’’ ’’යමක් වනාහි අනිත්‍යද, දුක්ද, වෙනස්වන ස්වභාව ඇත්තේද, එය, ’මෙය මාගේය, මෙතෙම මම වෙමි, මෙතෙම මාගේ ආත්මයයි’ දකින්ට සුදුසුද?’’ - ’’ස්වාමිනි, මෙය සුදුසු නොවේමැයි’’

’’මහණෙනි, සිත නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?’’ - ’’ස්වාමීනි, අනිත්‍යය.’’

’’යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ සැප හෝ වේද?’’ - ’’ස්වාමීනි, දුක්ය.’’

’’යමක් වනාහි අනිත්‍යද, දුක්ද, වෙනස්වන ස්වභාව ඇත්තේද, එය, ’මෙය මාගේය, මෙතෙම මම වෙමි, මෙතෙම මාගේ ආත්මයයි’ දකින්ට සුදුසුද?’’ - ’’ස්වාමිනි, මෙය සුදුසු නොවේමැයි’’

’’ධර්‍මයෝ නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?’’ - ’’ස්වාමීනි, අනිත්‍යයහ.’’

’’යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ සැප හෝ වේද?’’ - ’’ස්වාමීනි, දුක්ය.’’

’’යමක් වනාහි අනිත්‍යද, දුක්ද, වෙනස්වන ස්වභාව ඇත්තේද, එය, ’මෙය මාගේය, මෙතෙම මම වෙමි, මෙතෙම මාගේ ආත්මයයි’ දකින්ට සුදුසුද?’’ - ’’ස්වාමිනි, මෙය සුදුසු නොවේමැයි’’

’’මනෝවිඤ්ඤාණය නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?’’ - ’’ස්වාමීනි, අනිත්‍යය.’’

’’යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ සැප හෝ වේද?’’ - ’’ස්වාමීනි, දුක්ය.’’

’’යමක් වනාහි අනිත්‍යද, දුක්ද, වෙනස්වන ස්වභාව ඇත්තේද, එය, ’මෙය මාගේය, මෙතෙම මම වෙමි, මෙතෙම මාගේ ආත්මයයි’ දකින්ට සුදුසුද?’’ - ’’ස්වාමිනි, මෙය සුදුසු නොවේමැයි’’

’’මනෝ සම්ඵස්සය නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?’’ - ’’ස්වාමීනි, අනිත්‍යය.’’ ’’යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ සැප හෝ වේද?’’ - ’’ස්වාමීනි, දුක්ය.’’

’’යමක් වනාහි අනිත්‍යද, දුක්ද, වෙනස්වන ස්වභාව ඇත්තේද, එය, ’මෙය මාගේය, මෙතෙම මම වෙමි, මෙතෙම මාගේ ආත්මයයි’ දකින්ට සුදුසුද?’’ - ’’ස්වාමිනි, මෙය සුදුසු නොවේමැයි’’

’’මනෝ සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවකුත් උපදීද, එය නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?’’ - ’’ස්වාමීනි, අනිත්‍යය.’’

’’යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ සැප හෝ වේද?’’ - ’’ස්වාමීනි, දුක්ය.’’

’’යමක් වනාහි අනිත්‍යද, දුක්ද, වෙනස්වන ස්වභාව ඇත්තේද, එය, ’මෙය මාගේය, මෙතෙම මම වෙමි, මෙතෙම මාගේ ආත්මයයි’ දකින්ට සුදුසුද?’’ - ’’ස්වාමිනි, මෙය සුදුසු නොවේමැයි’’

’’මහණෙනි, මෙසේ දක්නාවූ ශ්‍රුතවත් ආර්‍ය්‍යශ්‍රාවකතෙම ඇස කෙරෙහිද කලකිරෙයි. රූපය කෙරෙහිද කලකිරෙයි. චක්ඛුවිඤ්ඤාණය කෙරෙහිද කලකිරෙයි. චක්ඛුසම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි. චක්ඛු සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවකුත් උපදීද, එය කෙරෙහිද කලකිරෙයි.

’’ කණ කෙරෙහිද කලකිරෙයි. ශබ්දය කෙරෙහිද කලකිරෙයි. සෝතවිඤ්ඤාණය කෙරෙහිද කලකිරෙයි. සෝතසම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි. සෝත සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවකුත් උපදීද, එය කෙරෙහිද කලකිරෙයි.

’’නාසය කෙරෙහිද කලකිරෙයි. ගන්‍ධය කෙරෙහිද කලකිරෙයි. ඝාණ විඤ්ඤාණය කෙරෙහිද කලකිරෙයි. ඝාණ සම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි. ඝාණ සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවකුත් උපදීද, එය කෙරෙහිද කලකිරෙයි.

’’දිව කෙරෙහිද කලකිරෙයි. රසය කෙරෙහිද කලකිරෙයි. ජිව්හා විඤ්ඤාණය කෙරෙහිද කලකිරෙයි. ජිව්හා සම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි. ජිව්හා සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවකුත් උපදීද, එය කෙරෙහිද කලකිරෙයි.

’’කය කෙරෙහිද කලකිරෙයි. ස්පර්‍ශය කෙරෙහිද කලකිරෙයි. කාය විඤ්ඤාණය කෙරෙහිද කලකිරෙයි. කාය සම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි. කාය සම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවකුත් උපදීද, එය කෙරෙහිද කලකිරෙයි.

’’සිත කෙරෙහිද කලකිරෙයි. ධර්‍මයන් කෙරෙහිද කලකිරෙයි. මනෝ විඤ්ඤාණය කෙරෙහිද කලකිරෙයි. මනොසම්ඵස්සය කෙරෙහිද කලකිරෙයි. මනොසම්ඵස්සය නිසා සැපවූ හෝ, දුක්වූ හෝ, දුක්ද නොවූ සැපද නොවූ හෝ යම් මේ වේදනාවකුත් උපදීද, එය කෙරෙහිද කලකිරෙයි. කලකිරෙන්නේ නොඇලෙයි. නොඇල්මෙන් මිදෙයි. මිදුනු කල්හි මිදුණේය යන දැනීම වේ. ’’ජාතිය ක්‍ෂය විය. බ්‍රහ්මචර්‍ය්‍යාවෙහි වැස නිමවන ලද්දේය. සතර මාර්‍ගයෙන් කළ යුත්ත කරණ ලදී. මේ ආත්ම භාවය පිණිස කළයුතු අනිකක් නැතැයි දැනගනී’’ භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. සතුටු සිත් ඇත්තාවූ ඒ භික්‍ෂුතෙම භාග්‍යවතුන් වහන්සේ ගේ දේශනාව සතුටින් පිළිගත්තේය. මේ දේශනාව කරණු ලබන කල්හි ඒ භික්‍ෂූහුගේ සිත උපාදාන රහිතව ආශ්‍රවයන්ගෙන් මිදුනේයයි වදාළ සේක.’’