සංයුත්තනිකායො
සළායතන වර්‍ගය
2. වේදනා සංයුත්තය
3. අට්ඨසත පරියාය වර්‍ගය
5. ඤාණ සූත්‍රය
මා විසින් මෙසේ අසන ලදී. එක් කාලක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වාසය කරණ සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි,’යි කියා භික්‍ෂූන් ඇමතූ සේක. ‘ස්වාමීනි’යි කියා ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.
’’මහණෙනි, මට මේ වේදනාවෝයයි පෙර නොඇසූවිරූ ධර්‍මයෙහි ප්‍රඥාචක්‍ෂූස උපන්නේය. ඤාණය පහළවිය. ප්‍රඥාව පහළවිය. විද්‍යාව පහළවිය. ආලෝකය පහළවිය. මහණෙනි, මට මේ වේදනා හේතුවයයි පෙර නොඇසූවිරූ ධර්‍මයෙහි ප්‍රඥාචක්‍ෂූස උපන්නේය. ඤාණය පහළවිය. ප්‍රඥාව පහළවිය. විද්‍යාව පහළවිය. ආලෝකය පහළවිය.
’’ මහණෙනි, මට මේ වේදනා පහළවීම කරා පැමිණෙන ප්‍රතිපදාවයයි පෙර නොඇසූවිරූ ධර්‍මයෙහි ප්‍රඥාචක්‍ෂූස උපන්නේය. ඤාණය පහළවිය. ප්‍රඥාව පහළවිය. විද්‍යාව පහළවිය. ආලෝකය පහළවිය. , මහණෙනි, මට මේ වේදනා නිරෝධයයි පෙර නොඇසූවිරූ ධර්‍මයෙහි ප්‍රඥාචක්‍ෂූස උපන්නේය. ඤාණය පහළවිය. ප්‍රඥාව පහළවිය. විද්‍යාව පහළවිය. ආලෝකය පහළවිය.
’’ මහණෙනි, මට මේ වේදනා නිරෝධයට යන ප්‍රතිපදාවයයි පෙර නොඇසූවිරූ ධර්‍මයෙහි ප්‍රඥාචක්‍ෂූස උපන්නේය. ඤාණය පහළවිය. ප්‍රඥාව පහළවිය. විද්‍යාව පහළවිය. ආලෝකය පහළවිය.
’’ මහණෙනි, මට මේ වේදනාවගේ ආශ්වාදයයි. මහණෙනි, පෙර නොඇසූවිරූ ධර්‍මයෙහි ප්‍රඥාචක්‍ෂූස උපන්නේය. ඤාණය පහළවිය. ප්‍රඥාව පහළවිය. විද්‍යාව පහළවිය. ආලෝකය පහළවිය.
’’ මහණෙනි, මට මේ වේදනාවගේ ආදීනවයයි, පෙර නොඇසූවිරූ ධර්‍මයෙහි ප්‍රඥාචක්‍ෂූස උපන්නේය. ඤාණය පහළවිය. ප්‍රඥාව පහළවිය. විද්‍යාව පහළවිය. ආලෝකය පහළවිය.
’’ මහණෙනි, මට මේ වේදනාවගේ නිස්සරණයයි පෙර නොඇසූවිරූ ධර්‍මයෙහි ප්‍රඥාචක්‍ෂූස උපන්නේය. ඤාණය පහළවිය. ප්‍රඥාව පහළවිය. විද්‍යාව පහළවිය. ආලෝකය පහළවිය.