සංයුත්තනිකායො

මහා වර්ගය

2. බොජ්ඣංග සංයුත්තය

4. නීවරණ වර්ගය

2. යොනිසොමනිසිකාර මූලක සූත්‍රය

(මේ වර්ගයේ සූත්‍ර සියල්ලම පළමුවෙනි සූත්‍රය මෙන් ජේතවනාරාමයේදී දේශනා කරන ලදී.)

“මහණෙනි, කුසල කොට්ඨාශයෙහිවූ, කුසල පාක්ෂිකවූ යම්කිසි කුසල ධර්ම කෙනෙක් වෙත්ද, ඒ සියල්ල නුවණින් මෙනෙහි කිරීම මුල්කොට ඇත්තාහ. නුවණින් මෙනෙහි කිරීම හැසිරීම්කොට ඇත්තාහ. නුවණින් මෙනෙහි කිරීම ඒ ධර්මයන්ට ප්‍රධානයයි කියනු ලැබේ. මහණෙනි, නුවණින් මෙනෙහි කරන්නාවූ භික්ෂුව සප්ත බොධ්‍යංගයන් වඩන්නේය. සප්ත බොධ්‍යංගයන් නැවත නැවත පුරුදු කරන්නේය යන මේ කාරණය කැමතිවිය යුතුය. නුවණින් මෙනෙහි කිරීමෙන් යුක්තවූ මහණතෙම කෙසේ සප්ත බොධ්‍යංගයන් වඩන්නේද? සප්ත බොධ්‍යංගයන් නැවත නැවත පුරුදු කරන්නේද?

(මේ ඡෙදය මේ වර්ගයේ 1 වෙනි සූත්‍රයේ 3 වෙනි ඡෙදය මෙනි.)

“මහණෙනි, මෙසේ වනාහි නුවණින් මෙනෙහි කිරීමෙන් යුක්තවූ මහණතෙම සප්ත බොජ්ඣංගයන් වඩන්නේය. සප්ත බොධ්‍යංගයන් නැවත නැවත පුරුදු කරන්නේය.”