සංයුත්තනිකායො

මහා වර්ගය

2. බොජ්ඣංග සංයුත්තය

7. ආනාපාන වර්ගය

1. අට්ඨික සඤ්ඤා සූත්‍රය

(මේ සූත්‍ර සියල්ලේම 1 වෙනි ඡෙද බොජ්ඣංග වර්ගයේ 1 සූත්‍රයේ 1 වෙනි ඡෙදය මෙනි.)

“මහණෙනි, වඩන ලද්දාවූ බහුල කරන ලද්දාවූ අට්ඨික සඤ්ඤාව (ඇටය යන හැඟීම) මහත් ඵල ඇත්තී වෙයි. මහත් අනුසස් ඇත්තීවෙයි. මහණෙනි, කෙසේ වඩන ලද්දාවූ කෙසේ බහුල කරන ලද්දාවූ අට්ඨික සඤ්ඤාව මහත්ඵල ඇත්තී වෙයිද, මහත් අනුසස් ඇත්තී වෙයිද?

“මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම විවෙකය ඇසුරු කළ, විරාගය ඇසුරු කළ, නිරොධය ඇසුරුකළ නිවනට නැමුණාවූ අට්ඨිකසඤ්ඤාවෙන් යුක්තවූ සති සම්බොජ්ඣංගය වඩයිද,

“මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම විවෙකය ඇසුරුකළ, විරාගය ඇසුරුකළ, නිරොධය ඇසුරුකළ, නිවනට නැමුණාවූ අට්ඨිකසඤ්ඤාවෙන් යුක්තවූ ධම්මවිචය සම්බොජ්ඣංගය වඩයිද,

“මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම විවෙකය ඇසුරුකළ, විරාගය ඇසුරුකළ, නිරොධය ඇසුරුකළ නිවනට නැමුණාවූ අට්ඨිකසඤ්ඤාවෙන් යුක්තවූ විරිය සම්බොජ්ඣංගය වටයිද,

“මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම විවෙකය ඇසුරුකළ, විරාගය ඇසුරුකළ, නිරොධය ඇසුරුකළ නිවනට නැමුණාවූ අට්ඨිකසඤ්ඤාවෙන් යුක්තවූ පීති සම්බොජ්ඣංගය වඩයිද,

“මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම විවෙකය ඇසුරුකළ, විරාගය ඇසුරුකළ, නිරොධය ඇසුරුකළ නිවනට නැමුණාවූ අට්ඨිකසඤ්ඤාවෙන් යුක්තවූ පස්සද්ධි සම්බොජ්ඣංගය වඩයිද,

“මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම විවේකය ඇසුරුකළ, විරාගය ඇසුරුකළ, නිරොධය ඇසුරුකළ නිවනට නැමුණාවූ අට්ඨිකසඤ්ඤාවෙන් යුක්තවූ සමාධි සම්බොජ්ඣංගය වඩයිද,

“මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම විවෙකය ඇසුරුකළ, විරාගය ඇසුරුකළ, නිරොධය ඇසුරුකළ නිවනට නැමුණාවූ අට්ඨිකසඤ්ඤාවෙන් යුක්තවූ උපෙක්ඛා සම්බොජ්ඣංගය වඩයිද,

“මහණෙනි, මෙසේ වඩන ලද්දාවූ මෙසේ බහුල කරන ලද්දාවූ අට්ඨිකසඤ්ඤාව මහත්ඵල ඇත්තී වෙයි. මහත් අනුසස් ඇත්තීවෙයි.

අඤ්ඤතරඵලසුත්තං

“මහණෙනි, වඩන ලද්දාවූ බහුල වශයෙන් කරන ලද්දාවූ අට්ඨිකසඤ්ඤාවෙන් ඵල දෙකක් අතුරෙන් එක්තරා ඵලයක් කැමතිවිය යුතුය. මේ ආත්මභවයේදීම රහත්බව හෝ පංචස්කන්ධය ඉතිරිව ඇතිකල්හි අනාගාමි බව හෝ වෙයි. මහණෙනි, අට්ඨිකසඤ්ඤාව කෙසේ වැඩීමෙන් කෙසේ බහුල කිරීමෙන් මේ ආත්ම භාවයෙහි රහත්බව හෝ පඤ්චස්කන්ධය ඉතිරිව ඇතිකල්හි අනාගාමි බව හෝ යන ඵල දෙක අතුරෙන් එක්තරා ඵලයක් කැමතිවිය යුතුද?

“මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම විවේකය ඇසුරුකළ, විරාගය ඇසුරුකළ, නිරොධය ඇසුරුකළ නිවනට නැමුණාවූ අට්ඨිකසඤ්ඤාවෙන් යුත් සති සම්බොජ්ඣංගය වඩයිද,

මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම විවෙකය ඇසුරු කළ, විරාගය ඇසුරුකළ, නිරොධය ඇසුරුකළ, නිවනට නැමුණාවූ අට්ඨිකසඤ්ඤාවෙන් යුත් ධර්ම විචය සම්බොජ්ඣංගය වඩයිද,

“මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම විවේකය ඇසුරු කළ, විරාගය ඇසුරුකළ නිරොධය ඇසුරුකළ, නිවනට නැමුණාවූ අට්ඨිකසඤ්ඤාවෙන් යුත් විරිය සම්බොජ්ඣංගය වඩයිද,

“මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම විවේකය ඇසුරු කළ, විරාගය ඇසුරුකළ, නිරොධය ඇසුරුකළ, නිවනට නැමුණාවූ අඨිකසඤ්ඤාවෙන් යුත් පීති සම්බොජ්ඣංගය වඩයිද,

“මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම විවේකය ඇසුරු කළ, විරාගය ඇසුරුකළ, නිරොධය ඇසුරුකළ, නිවනට නැමුණාවූ අට්ඨිකසඤ්ඤාවෙන් යුත් පස්සද්ධි සම්බොජ්ඣංගය වඩයිද,

“මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම විවේකය ඇසුරු කළ, විරාගය ඇසුරුකළ, නිරොධය ඇසුරුකළ, නිවනට නැමුණාවූ අට්ඨිකසඤ්ඤාවෙන් යුත් සමාධි සම්බොජ්ඣංගය වඩයිද,

“මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම විවේකය ඇසුරුකළ විරාගය ඇසුරුකළ, නිරොධය ඇසුරුකළ නිවනට නැමුණාවූ අට්ඨිකසඤ්ඤාවෙන් යුත් උපෙක්ඛා සම්බොජ්ඣංගය වඩයිද, මහණෙනි, මෙසේ වඩනා ලද්දාවූ මෙසේ බහුල කරන ලද්දාවූ අට්ඨිකසඤ්ඤාවෙන් මේ ආත්මභාවයෙහිදීම රහත් බව පඤ්චස්කන්ධය ඉතිරිව ඇති කල්හි අනාගාමි බව හෝ යන ඵල දෙක අතුරෙන් එක්තරා ඵලයක් කැමති විය යුතුය.

මහත්ථසුත්තං

“මහණෙනි, වඩන ලද්දාවූ බහුලකරන ලද්දාවූ අට්ඨික සඤ්ඤාව මහත්වූ අර්ථය පිණිස පවතිත්. මහණෙනි, කෙසේ වඩනලද්දාවූ කෙසේ බහුල කරන ලද්දාවූ අට්ඨිකසඤ්ඤාව මහත්වූ අර්ථය පිණිස පවතියිද?

“මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙමේ විවේකය ඇසුරුකළ, විරාගය ඇසුරුකළ, නිරොධය ඇසුරුකළ නිවනට නැමුණාවූ අට්ඨිකසඤ්ඤාවෙන් යුත් සති සම්බොජ්ඣංගය වඩයිද,

“විවේකය ඇසුරුකළ, විරාගය ඇසුරුකළ, නිරොධය ඇසුරුකළ, නිවනට නැමුණාවූ අට්ඨිකසඤ්ඤාවෙන් යුත් ධර්ම විචය සම්බොජ්ඣංගය වඩයිද,

“විවේකය ඇසුරුකළ, විරාගය ඇසුරුකළ, නිරොධය ඇසුරුකළ, නිවනට නැමුණාවූ අට්ඨිකසඤ්ඤාවෙන් යුත් විරිය සම්බොජ්ඣංගය වඩයිද,

“විවේකය ඇසුරුකළ, විරාගය ඇසුරුකළ, නිරොධය ඇසුරුකළ, නිවනට නැමුණාවූ අට්ඨිකසඤ්ඤාවෙන් යුත් පීති සම්බොජ්ඣංගය වඩයිද,

“විවේකය ඇසුරුකළ, විරාගය ඇසුරුකළ, නිරොධය ඇසුරුකළ, නිවනට නැමුණාවූ අට්ඨිකසඤ්ඤාවෙන් යුත් පස්සද්ධි සම්බොජ්ඣංගය වඩයිද,

“විවේකය ඇසුරුකළ, විරාගය ඇසුරුකළ, නිරොධය ඇසුරුකළ, නිවනට නැමුණාවූ අට්ඨිකසඤ්ඤාවෙන් යුත් සමාධි සම්බොජ්ඣංගය වඩයිද,

“විවේකය ඇසුරුකළ, විරාගය ඇසුරුකළ, නිරොධය ඇසුරුකළ, නිවනට නැමුණාවූ අට්ඨිකසඤ්ඤාවෙන් යුත් උපෙක්ඛා සම්බොජ්ඣංගය වඩයිද, මහණෙනි, මෙසේ වඩන ලද්දාවූ මෙසේ බහුල කරන ලද්දාවූ අට්ඨිකසඤ්ඤාව මහත්වූ අර්ථය පිණිස පවතියි’

යොගක්ඛෙමසුත්තං

“මහණෙනි, වඩන ලද්දාවූ බහුල කරන ලද්දාවූ අඨික සඤ්ඤාව මහත්වූ සතරයොගයන්ගෙන් මිදීම පිණිස පවතියි. මහණෙනි, කෙසේ වඩන ලද්දාවූ කෙසේ බහුල කරන ලද්දාවූ අට්ඨිකසඤ්ඤාව මහත්වූ සතරයොගයන්ගෙන් මිදීම පිණිස පවතියිද?

“මහණෙනි, මේ සස්නෙහි මහණතෙමේ විවේකය ඇසුරුකළ, විරාගය ඇසුරුකළ, නිරොධය ඇසුරුකළ, නිවනට නැමුණාවූ අට්ඨිකසඤ්ඤාවෙන් යුත් සති සම්බොජ්ඣංගය වඩයිද,

“විවේකය ඇසුරුකළ, විරාගය ඇසුරුකළ, නිරොධය ඇසුරුකළ, නිවනට නැමුණාවූ අට්ඨික සඤ්ඤාවෙන් යුත් ධර්ම විචය සම්බොජ්ඣංගය වඩයිද,

“විවේකය ඇසුරුකළ, විරාගය ඇසුරුකළ, නිරොධය ඇසුරුකළ, නිවනට නැමුණාවූ අට්ඨික සඤ්ඤාවෙන් යුත් විරිය සම්බොජ්ඣංගය වඩයිද,

“විවේකය ඇසුරුකළ, විරාගය ඇසුරුකළ, නිරොධය ඇසුරුකළ, නිවනට නැමුණාවූ අට්ඨික සඤ්ඤාවෙන් යුත් පීති සම්බොජ්ඣංගය වඩයිද,

“විවේකය ඇසුරුකළ, විරාගය ඇසුරුකළ, නිරොධය ඇසුරුකළ, නිවනට නැමුණාවූ අට්ඨික සඤ්ඤාවෙන් යුත් පස්සද්ධි සම්බොජ්ඣංගය වඩයිද,

“විවේකය ඇසුරුකළ, විරාගය ඇසුරුකළ, නිරොධය ඇසුරුකළ, නිවනට නැමුණාවූ අට්ඨික සඤ්ඤාවෙන් යුත් සමාධි සම්බොජ්ඣංගය වඩයිද,

“විවේකය ඇසුරුකළ, විරාගය ඇසුරුකළ, නිරොධය ඇසුරුකළ, නිවනට නැමුණාවූ අඨික සඤ්ඤාවෙන් යුත් උපෙක්ඛා සම්බොජ්ඣංගය වඩයිද, මහණෙනි, මෙසේ කරන ලද අට්ඨික සඤ්ඤාව මහත්වූ සතර යෝගයන් ගෙන් මිදීම පිණිස පවතියි” යනුයි.

සංවෙගසුත්තං

“මහණෙනි, වඩන ලද්දාවූ බහුල කරණ ලද්දාවූ අට්ඨික සඤ්ඤාව මහත්වූ සංවේගය පිණිස පවතියි. මහණෙනි, කෙසේ වඩනා ලද කෙසේ බහුල වශයෙන් කරන ලද අට්ඨික සඤ්ඤාව මහත්වූ සංවේගය පිණිස පවතියිද?

“මහණෙනි මේ සස්නෙහි මහණතෙම විවේකය ඇසුරුකළ, විරාගය ඇසුරුකළ, නිරොධය ඇසුරුකළ, නිවනට නැමුණාවූ අට්ඨික සඤ්ඤාවෙන් යුත් සති සම්බොජ්ඣංගය වඩයිද,

“විවේකය ඇසුරුකළ, විරාගය ඇසුරුකළ, නිරොධය ඇසුරුකළ, නිවනට නැමුණාවූ අට්ඨික සඤ්ඤාවෙන් යුත් ධර්ම විචය සම්බොජ්ඣංගය වඩයිද,

“විවේකය ඇසුරුකළ, විරාගය ඇසුරුකළ, නිරොධය ඇසුරුකළ, නිවනට නැමුණාවූ අට්ඨික සඤ්ඤාවෙන් යුත් විරිය සම්බොජ්ඣංගය වඩයිද,

“විවේකය ඇසුරුකළ, විරාගය ඇසුරුකළ, නිරොධය ඇසුරුකළ, නිවනට නැමුණාවූ අට්ඨික සඤ්ඤාවෙන් යුත් පීති සම්බොජ්ඣංගය වඩයිද,

“විවේකය ඇසුරුකළ, විරාගය ඇසුරුකළ, නිරොධය ඇසුරුකළ, නිවනට නැමුණාවූ අට්ඨික සඤ්ඤාවෙන් යුත් පස්සද්ධි සම්බොජ්ඣංගය වඩයිද,

“විවේකය ඇසුරුකළ, විරාගය ඇසුරුකළ, නිරොධය ඇසුරුකළ, නිවනට නැමුණාවූ අට්ඨික සඤ්ඤාවෙන් යුත් සමාධි සම්බොජ්ඣංගය වඩයිද,

“විවේකය ඇසුරුකළ, විරාගය ඇසුරුකළ, නිරොධය ඇසුරුකළ, නිවනට නැමුණාවූ උපෙක්ඛා සම්බොජ්ඣංගය වඩයිද, මහණෙනි, මෙසේ වඩනා ලද්දාවූ, මෙසේ බහුල කරන ලද්දාවූ අට්ඨිකසඤ්ඤාව මහත්වූ සංවේගය පිණිස පවතියි.

ඵාසුවිහාරසුත්තං

“මහණෙනි, වඩන ලද්දාවූ බහුල කරන ලද්දාවූ අට්ඨිකසඤ්ඤාව මහත්වූ පහසු විහරණය පිණිස පවතියි. මහණෙනි, කෙසේ වඩන ලද, කෙසේ බහුල කරන ලද අට්ඨික සඤ්ඤාව මහත්වූ පහසු විහරණය පිණිස පවතියිද?

“මහණෙනි මේ සස්නෙහි මහණතෙමේ විවේකය ඇසුරුකළ, විරාගය ඇසුරුකළ, නිරොධය ඇසුරුකළ නිවනට නැමුණාවූ අට්ඨික සඤ්ඤාවෙන් යුත් සති සම්බොජ්ඣංගය වඩයිද,

“විවේකය ඇසුරුකළ, විරාගය ඇසුරුකළ, නිරොධය ඇසුරුකළ, නිවනට නැමුණාවූ අට්ඨික සඤ්ඤාවෙන් යුත් ධර්ම විචය සම්බොජ්ඣංගය වඩයිද,

“විවේකය ඇසුරුකළ, විරාගය ඇසුරුකළ, නිරොධය ඇසුරුකළ, නිවනට නැමුණාවූ අට්ඨික සඤ්ඤාවෙන් යුත් විරිය සම්බොජ්ඣංගය වඩයිද,

“විවේකය ඇසුරුකළ, විරාගය ඇසුරුකළ, නිරොධය ඇසුරුකළ, නිවනට නැමුණාවූ අට්ඨිකසඤ්ඤාවෙන් යුත් පීති සම්බොජ්ඣංගය වඩයිද,

“විවේකය ඇසුරුකළ, විරාගය ඇසුරුකළ, නිරොධය ඇසුරුකළ, නිවනට නැමුණාවූ අට්ඨික සඤ්ඤාවෙන් යුත් පස්සද්ධි සම්බොජ්ඣංගය වඩයිද,

“විවේකය ඇසුරුකළ, විරාගය ඇසුරුකළ, නිරොධය ඇසුරුකළ, නිවනට නැමුණාවූ අට්ඨික සඤ්ඤාවෙන් යුත් සමාධි සම්බොජ්ඣංගය වඩයිද,

“විවේකය ඇසුරුකළ, විරාගය ඇසුරුකළ, නිරොධය ඇසුරු කළ, නිවනට නැමුණාවූ අට්ඨික සඤ්ඤාවෙන් යුත් උපෙක්ඛා සම්බොජ්ඣංගය වඩයිද, මහණෙනි, මෙසේ ලද්දාවූ මෙසේ බහුල කරන ලද්දාවූ අට්ඨිකසඤ්ඤාව මහත්වූ පහසු විහරණය පිණිස පවතියි.”