සංයුත්තනිකායො
මහා වර්ගය
7. ඉද්ධිපාද සංයුත්තය
2. පාසාද කම්පන වර්ගය
3. ඡන්ද සමාධි සූත්‍රය
(මේ ඡෙදය මේ වර්ගයේ 1 වෙනි සූත්‍රයේ 1 වෙනි ඡෙදය මෙනි)
“මහණෙනි, මහණතෙමේ ඉදින් ඡන්දය නිසා (අධිපති) සමාධියක් සිතේ එකඟකමක් ලබයිද, එය ඡන්ද සමාධියයයි කියනු ලැබේ. හෙතෙම නූපන් ලාමක අකුසල ධර්මයන්ගේ නූපදීම පිණිස කැමැත්ත උපදියිද, වෑයම්කරයිද, වීර්‍ය්‍ය පටන් ගනියිද සිත ඔසවයිද, උත්සාහ කරයිද උපන් ලාමක අකුසල ධර්මයන්ගේ ප්‍රහාණය පිණිස කැමැත්ත උපදවයිද, වෑයම් කරයිද, වීර්‍ය්‍ය පටන්ගනියිද, සිත ඔසවයිද, උත්සාහ කරයිද, නූපන් කුසල ධර්මයන්ගේ ඉපදීම පිණිස කැමැත්ත උපදවයිද, වෑයම් කරයිද වීර්‍ය්‍ය පටන්ගනියිද, සිත ඔසවයිද, උත්සාහ කරයිද උපන් කුසල ධර්මයන්ගේ පැවැත්ම පිණිස නොමුළාවීම පිණිස බොහෝබව පිණිස මහත්බව පිණිස වැඩීම පිණිස සම්පූර්ණවීම පිණිස කැමැත්ත උපදවයිද, වෑයම් කරයිද වීර්‍ය්‍ය පටන්ගනියිද සිත ඔසවයිද උත්සාහ කරයිද, මේ ප්‍රධාන සංස්කාරයෝ යයි කියනු ලැබෙත්.
“මෙසේ මේ ඡන්දය වෙයි, මේ ඡන්දසමාධිය වෙයි. මොව්හු ප්‍රධාන සංස්කාරයෝ වෙත්. මහණෙනි, මේ ඡන්ද සමාධිපධාන සංඛාර සමන්නාගත ඍද්ධිපාදයයි කියනු ලැබේ.
“මහණෙනි, මහණතෙමේ ඉදින් වීර්‍ය්‍යය නිසා (අධිපති) සමාධියක් සිතේ එකඟකමක් ලබයිද, එය වීර්‍ය්‍ය සමාධියයයි කියනු ලැබේ. හෙතෙම නූපන් ලාමක අකුසල ධර්මයන්ගේ නූපදීම පිණිස කැමැත්ත උපදවයිද, වෑයම් කරයිද, වීර්‍ය්‍ය පටන්ගනියි සිත ඔසවයිද උත්සාහ කරයිද උපන් ලාමක අකුසල ධර්මයන්ගේ ප්‍රහාණය පිණිස කැමැත්ත උපදවයිද, වෑයම් කරයිද, වීර්‍ය්‍ය පටන්ගනියිද, සිත ඔසවයිද, උත්සාහ කරයිද, නූපන් කුසල ධර්මයන්ගේ ඉපදීම පිණිස කැමැත්ත උපදවයිද, වෑයම් කරයිද, වීර්‍ය්‍ය පටන්ගනියිද, සිත ඔසවයිද උත්සාහ කරයිද, උපන් කුසල ධර්මයන්ගේ පැවැත්ම පිණිස, නොමුළාවීම පිණිස, බොහෝ බව පිණිස, මහත්බව පිණිස, වැඩීම පිණිස, සම්පූර්ණවීම පිණිස කැමැත්ත උපදවයිද, වෑයම් කරයිද, වීර්‍ය්‍ය පටන් ගනියිද, සිත ඔසවයිද, උත්සාහ කරයිද මේ ප්‍රධාන සංස්කාරයෝයයි කියනු ලැබෙත්.
“මෙසේ මේ වීර්‍ය්‍යයවෙයි. මේ වීර්‍ය්‍ය සමාධියවෙයි මොව්හු ප්‍රධාන සංස්කාරයෝ වෙත්. මහණෙනි, මේ වීර්‍ය්‍යසමාධිපධාන සංඛාර සමන්නාගත ඍද්ධිපාදයයි කියනු ලැබේ.
“මහණෙනි, මහණතෙමේ ඉදින් සිත නිසා (අධිපති) සමාධියක් සිතේ එකඟකමක් ලබයිද, එය සිත සමාධියයයි කියනු ලැබේ. හෙතෙම නූපන් ලාමක අකුසල ධර්මයන්ගේ නූපදීම පිණිස කැමැත්ත උපදවයිද, වෑයම් කරයිද, වීර්‍ය්‍ය පටන්ගනියිද සිත ඔසවයිද, උත්සාහ කරයිද, උපන් ලාමක අකුසල ධර්මයන්ගේ ප්‍රහාණය පිණිස කැමැත්ත උපදවයිද, වෑයම් කරයිද, වීර්‍ය්‍ය පටන්ගනියිද, සිත ඔසවයිද, උත්සාහ කරයිද, නූපන් කුසල ධර්මයන්ගේ ඉපදීම පිණිස කැමැත්ත උපදවයිද, වෑයම් කරයිද, වීර්‍ය්‍ය පටන්ගනීද, සිත ඔසවයිද, උත්සාහ කරයිද, උපන් කුසලධර්මයන්ගේ පැවැත්ම පිණිස, නොමුළාවීම පිණිස, බොහෝබව පිණිස, මහත් බව පිණිස, වැඩීම පිණිස, සම්පූර්ණවීම පිණිස, කැමැත්ත උපදවයිද, වෑයම් කරයිද, වීර්‍ය්‍ය පටන්ගනියිද, සිත ඔසවයිද, උත්සාහ කරයිද, මේ ප්‍රධාන සංස්කාරයෝයයි කියනු ලැබෙත්.
“මෙසේ මේ සිත වෙයි මේ සිත සමාධිය වෙයි. මොව්හු ප්‍රධාන සංස්කාරයෝ වෙත්. මහණෙනි, මේ සිත සමාධිපධාන සංඛාර සමන්නාගත ඍද්ධිපාදයයි කියනු ලැබේ.
“මහණෙනි, මහණතෙමේ ඉදින් වීමංසය නිසා (අධිපති) සමාධියක් සිතේ එකඟකමක් ලබයිද, එය වීමංසය සමාධියයයි කියනු ලැබේ. හෙතෙම නූපන් ලාමක අකුසල ධර්මයන්ගේ නූපදීම පිණිස කැමැත්ත උපදවයිද, වෑයම් කරයිද, වීර්‍ය්‍ය පටන්ගනියිද සිත ඔසවයිද, උත්සාහකරයිද, උපන් ලාමක අකුසල ධර්මයන්ගේ ප්‍රහාණය පිණිස කැමැත්ත උපදවයිද, වෑයම් කරයිද, වීර්‍ය්‍ය පටන්ගනියිද, සිත ඔසවයිද, උත්සාහ කරයිද, නූපන් කුසලධර්මයන්ගේ ඉපදීම පිණිස කැමැත්ත උපදවයිද, වෑයම්කරයිද, වීර්‍ය්‍ය පටන්ගනියිද, සිත ඔසවයිද උත්සාහකරයිද උපන් කුසල ධර්මයන්ගේ පැවැත්ම පිණිස නොමුළාවීම පිණිස බොහෝබව පිණිස මහත්බව පිණිස වැඩීම පිණිස සම්පූර්ණවීම පිණිස කැමැත්ත උපදවයිද වෑයම් කරයිද, වීර්‍ය්‍ය පටන්ගනියිද, සිත ඔසවයිද, උත්සාහ කරයිද, මේ ප්‍රධාන සංස්කාරයෝයයි කියනු ලැබෙත්.
“මෙසේ මේ වීමංසය වෙයි. මේ වීමංසය සමාධිය වෙයි. මොව්හු ප්‍රධාන සංස්කාරයෝ වෙත්. මහණෙනි, මේ වීමංසය සමාධිපධාන සංඛාර සමන්නාගත ඍද්ධිපාදයයි කියනු ලැබේ.”