සංයුත්තනිකායො
මහා වර්ගය
12. සච්ච සංයුත්තය
11. පක්‍ද්චම ආමකධඤ්ඤ වර්ගය
1. මනුස්සගති සූත්‍රය
“මහණෙනි, එපරිද්දෙන්ම යම් සත්වයෝ මිනිස් ලොවින් චුතව නැවත මිනිස් ලොව උපදින්නාහුද, ඒ සත්වයෝ ඉතා ස්වල්ප වෙත්, යම් සත්වයෝ මිනිස් ලොවින් චුතව නරකයෙහි උපදිත්ද ඒ සත්වයෝ අතිශයින් බොහෝ වෙත්. ඊට හේතු කවරේද, මහණෙනි, සතර ආර්‍ය්‍ය සත්‍යයන් නොදක්නා ලද බවය, ඒ සතර කවරහුද?