සංයුත්තනිකායො
මහා වර්ගය
12. සච්ච සංයුත්තය
10. චතුර්ථ ආමකධඤ්ඤ වර්ගය
6–11. ඡෙදන ආදී සූත්‍ර
6. ඡෙදන සූත්‍රය
“මහණෙනි, එපරිද්දෙන්ම යම් සත්වයෝ තුමූ කැපීම් මැරීම් බැඳීම් රැවටීම් පැහැරගැනීම් සැහැසිකම්වලින් වෙන් නොවූවාහුද ඒ සත්වයෝම අතිශයින් බොහෝ වෙත්. ඊට හේතු කවරේද යත් සතර ආර්‍ය්‍ය සත්‍යයන්ගේ නොදක්නාලද බවය, කවර සතරකගේද යත්,
7. වධ සූත්‍රය
“මහණෙනි, එසේම වධකිරීමෙන් වැළකුණාවූ යම් සත්වයෝ වෙත්ද, ඒ සත්වයෝ ස්වල්පයහ. එහෙත් වධ කිරීමෙන් නොවැළකුණුවූ යම් සත්වයෝ වෙත්ද, ඒ සත්වයෝම බොහෝවූහ. ඊට හේතු කවරේද? මහණෙනි, චතුරාර්‍ය්‍යසත්‍යය නොදක්නා ලද හෙයිනි. කිනම් සතරක්ද?
8. බන්ධන සූත්‍රය
“මහණෙනි, එසේම වධබන්ධනයෙන් වැළකුණාවූ යම් සත්වයෝ වෙත්ද, ඒ සත්වයෝ ස්වල්පයහ. එහෙත් වධබන්ධනයෙන් නොවැළකුණාවූ යම් සත්වයෝ වෙත්ද, ඒ සත්වයෝම බොහෝවූහ. ඊට හේතු කවරේද? මහණෙනි, චතුරාර්‍ය්‍යසත්‍යය නොදක්නා ලද හෙයිනි. කිනම් සතරක්ද?
9. විපරාමොස සූත්‍රය
“මහණෙනි, එසේම වඤ්චාකිරීමෙන් වැළකුණාවූ යම් සත්වයෝ ස්වල්පයහ. එහෙත් වඤ්චාකිරීමෙන් නොවැළකුණාවූ යම් සත්වයෝ වෙත්ද, ඒ සත්වයෝම බොහෝ වූහ. ඊට හේතුව කවරේද? මහණෙනි, චතුරාර්‍ය්‍යසත්‍යය නොදක්නා ලද හෙයිනි. කිනම් සතරක්ද?
10. ආලෝප සූත්‍රය
“මහණෙනි, එසේම කොල්ලකෑමෙන් වැළකුණාවූ යම් සත්වයෝ වෙත්ද, ඒ සත්වයෝ ස්වල්පයහ. එහෙත් කොල්ලකෑමෙන් නොවැළකුණාවූ යම් සත්වයෝ වෙත්ද, ඒ සත්වයෝම බොහෝවූහ. ඊට හේතුව කවරේද? මහණෙනි, චතුරාර්‍ය්‍යසත්‍යය නොදක්නාලද හෙයිනි. කිනම් සතරක්ද?
11. සහසාකාර සූත්‍රය
“මහණෙනි, එසේම බලහත්කාරකමින් වැළකුණාවූ යම් සත්වයෝ වෙත්ද, ඒ සත්වයෝ ස්වල්පයහ. එහෙත් බලහත්කාරකමින් නොවැළකුණාවූ යම් සත්වයෝ වෙත්ද, ඒ සත්වයෝම බොහෝ වූහ. ඊට හේතු කවරේද? මහණෙනි, චතුරාර්‍ය්‍යසත්‍යය නොදක්නාලද හෙයිනි. කිනම් සතරක්ද?
චතුත්ථආමකධඤ්ඤපෙය්‍යාලවග්ගො දසමො.