සංයුත්තනිකායො

මහා වර්ගය

12. සච්ච සංයුත්තය

10. චතුර්ථ ආමකධඤ්ඤ වර්ගය

5. උක්කෝටනාදි සූත්‍රය

“මහණෙනි, එපරිද්දෙන්ම යම් සත්වයෝ අයුක්ති වඤ්චා රැවටිලි වංක කම් වලින් වෙන් වූවාහුද ඒ සත්වයෝ ඉතා ස්වල්පවෙත්. යම් සත්වයෝ තුමූ අයුක්ති වඤ්චා රැවටිලි වංකකම් වලින් වෙන් නොවූවාහුද ඒ සත්වයෝම අතිශයින් බොහෝ වෙත්, ඊට හේතු කවරේද? සතර ආර්‍ය්‍ය සත්‍යයන්ගේ නොදක්නාලද බවය, කවර සතරකගේද යත්,