සංයුත්තනිකායො
මහා වර්ගය
12. සච්ච සංයුත්තය
10. චතුර්ථ ආමකධඤ්ඤ වර්ගය
4. තුලාකූටාදි සූත්‍රය
“මහණෙනි, එපරිද්දෙන්ම යම් සත්වයෝ තුමූ හොර තරාදිවලින් කිරීම හොඳ රන් සේ බොරු රන් දීම හොරට මැනීම මෙයින් වෙන් වූවාහුද ඒ සත්වයෝ ඉතා ස්වල්පවෙත්. යම් සත්වයෝ හොර තරාදි වලින් කිරීම හොඳ රන් සේ බොරු රන් දීම හොරට මැනීම් යන මෙයින් වෙන් නොවූවාහුද ඒ සත්වයෝ අතිශයින් බොහෝ වෙත්. ඊට හේතු කවරේද? සතර ආර්‍ය්‍ය සත්‍යයන් ගේ නොදක්නා ලද බවය. කවර සතරකගේද යත්,