සංයුත්තනිකායො

මහා වර්ගය

12. සච්ච සංයුත්තය

11. පක්‍ද්චම ආමකධඤ්ඤ වර්ගය

22–24. තිරච්ඡානදෙවනිරයාදිසුත්තං

22. තිරච්ඡාන නිරයගති සූත්‍රය

“මහණෙනි, එපරිද්දෙන්ම යම් සත්වයෝ තිරිසන් යෝනියෙන් චුතව දෙවියන් අතර උපදිත්ද ඒ සත්වයෝ ඉතා ස්වල්ප වෙත්, යම් සත්වයෝ තිරිසන් යෝනියෙන් චුතව නිරයෙහි උපදිත්ද ඒ සත්වයෝම අතිශයින් බොහෝ වෙත්. ඊට හේතු කවරේද යත් සතර ආර්‍ය්‍ය සත්‍යයන්ගේ නොදක්නා ලද බවය. කවර සතරකගේද?

23. තිරච්ඡාන තිරච්ඡානගති සූත්‍රය.

“මහණෙනි, එපරිද්දෙන්ම යම් සත්වයෝ තිරිසන් යොනියෙන් චුතවූවාහු දෙවියන් අතර උපදිත්ද, ඒ සත්වයෝ ඉතා ස්වල්පවෙත්. යම් සත්වයෝ තිරිසන් යොනියෙන් චුතව තිරිසන් යෝනියෙහි උපදිත්ද ඒ සත්වයෝම අතිශයින් බොහෝ වෙත්. ඊට හේතු කවරේද යත්, සතර ආර්‍ය්‍යසත්‍යයන්ගේ නොදක්නාලද බවය, කවර සතරකගේද,

24. තිරච්ඡාන පෙත්තිගති සූත්‍රය

“මහණෙනි, එපරිද්දෙන්ම යම් සත්වයෝ තිරිසන් යෝනියෙන් චුතව දෙවියන් අතර උපදිත්ද, ඒ සත්වයෝ ඉතා ස්වල්පවෙත්. යම් සත්වයෝ තිරිසන් යෝනියෙන් චුතව ප්‍රේත ලෝකයෙහි උපදිත්ද ඒ සත්වයෝම අතිශයින් බොහෝ වෙත්. ඊට හේතු කවරේද, මහණෙනි, සතර ආර්‍ය්‍යසත්‍යයන්ගේ නොදක්නාලද බවය. කවර නම් සතරකගේද?