සංයුත්තනිකායො

මහා වර්ගය

12. සච්ච සංයුත්තය

11. පක්‍ද්චම ආමකධඤ්ඤ වර්ගය

25–27. පෙත්තිමනුස්සනිරයාදිසුත්තං

25. පෙත නිරයගති සූත්‍රය.

“මහණෙනි, එපරිද්දෙන්ම වනාහි යම් සත්වයෝ ප්‍රේත විෂයෙන් චුතව මිනිසුන් අතර උපදිත්ද ඒ සත්වයෝ ඉතා ස්වල්පවෙත්, යම් සත්වයෝ ප්‍රේත විෂයෙන් චුතව නිරයෙහි උපදිත්ද ඒ සත්වයෝම අතිශයින් බොහෝ වෙත්. ඊට හේතු කවරේද යත්, මහණෙනි, සතර ආර්‍ය්‍ය සත්‍යයන්ගේ නොදක්නාලද බවය, කවර නම් සතරකගේද,

26. පෙත තිරච්ඡානගති සූත්‍රය

“මහණෙනි, එපරිද්දෙන්ම යම් සත්වයෝ ප්‍රේත විෂයෙන් චුතව මිනිසුන් අතර උපදිත්ද ඒ සත්වයෝ ඉතා ස්වල්පවෙති. යම් සත්වයෝ ප්‍රේත විෂයෙන් චුතව තිරිසන් යෝනියෙහි උපදිත්ද, ඒ සත්වයෝම අතිශයින් බොහෝ වෙත්. ඊට හේතු කවරේද, සතර ආර්‍ය්‍යසත්‍යයන්ගේ නොදක්නා ලද බවය, කවර සතරකගේද යත්?

27. පෙත පෙත ගති සූත්‍රය.

“මහණෙනි, එපරිද්දෙන්ම යම් සත්වයෝ ප්‍රේත විෂයෙන් චුතව මිනිසුන් අතර උපදිත්ද, ඒ සත්වයෝ තුමූ ඉතා ස්වල්පවෙත්. යම් සත්වයෝ ප්‍රෙතවිෂයෙන් චුතව ප්‍රෙත විෂයෙහි උපදිත්ද ඒ සත්වයෝම අතිශයින් බොහෝ වෙත්. ඊට හේතු කවරේද මහණෙනි, සතර ආර්‍ය්‍යසත්‍යයන් නොදක්නාලද බැවිනි. කවර සතරකගේද,