සංයුත්තනිකායො

මහා වර්ගය

12. සච්ච සංයුත්තය

11. පක්‍ද්චම ආමකධඤ්ඤ වර්ගය

28–29. පෙත්තිදෙවනිරයාදිසුත්තං

28. පෙත නිරය ගති සූත්‍රය.

‘මහණෙනි, එපරිද්දෙන් යම් සත්වයෝ ප්‍රෙත යෝනියෙන් චුතවූවාහු දෙවියන් අතර උපදිත්ද, ඒ සත්වයෝ ඉතා ස්වල්ප වෙත්. යම් සත්වයෝ ප්‍රෙත යෝනියෙන් චුතව නිරයෙහි උපදිත්ද, ඒ සත්වයෝම බොහෝ වෙත්. ඊට හේතු කවරේද යත්, සතර ආර්‍ය්‍ය සත්‍යයන්ගේ නොදක්නා ලද බවය. කවර සතරකගේද යත්,

29. පෙත තිරච්ඡානගති සූත්‍රය.

“මහණෙනි, එපරිද්දෙන්ම යම් සත්වයෝ ප්‍රෙතවිෂයෙන් චුතව දෙවියන් අතර උපදිත්ද ඒ සත්වයෝ ඉතා ස්වල්ප වෙත්. යම් සත්වයෝ ප්‍රෙත විෂයෙන් චුතව තිරිසන් යෝනියෙහි උපදිත්ද, ඒ සත්වයෝ ඉතා බොහෝ වෙත්. ඊට හේතු කවරේද යත්, මහණෙනි, සතර ආර්‍ය්‍යසත්‍යයන්ගේ නොදක්නා ලද බවය. කවර සතරකගේද යත්.