සංයුත්තනිකායො
මහා වර්ගය
12. සච්ච සංයුත්තය
11. පක්‍ද්චම ආමකධඤ්ඤ වර්ගය
30. පෙත දෙවගති සූත්‍රය
“මහණෙනි, එපරිද්දෙන්ම යම් සත්වයෝ ප්‍රෙතලෝකයෙන් චුතව දෙවියන් අතර උපදිත්ද, ඒ සත්වයෝ තුමූ ඉතා ස්වල්පවෙත්. යම් සත්වයෝ ප්‍රෙත ලෝකයෙන් චුතව ප්‍රෙත ලෝකයෙහි උපදිත්ද, ඒ සත්වයෝම අතිශයින් බොහෝවෙත්. ඊට හේතු කවරේද, මහණෙනි, සතර ආර්‍ය්‍යසත්‍යයන්ගේ නොදක්නාලද බවය. කවර සතරකගේද?
පඤ්චගතිපෙය්‍යාලවග්ගො එකාදසමො.
සච්චසංයුත්තං ද්වාදසමං.
මහාවග්ගො පඤ්චමො.
සංයුත්ත නිකාය නිමි.