සංයුත්තනිකායො
මහා වර්ගය
12. සච්ච සංයුත්තය
2. ධම්මචක්කප්පවත්ත වර්ගය
4. ආයතනසච්ච සූත්‍රය
(මේ ඡෙදය මේ වර්ගයේ 3 වෙනි සූත්‍රයේ 2 වෙනි ඡෙදය මෙනි.)
“මහණෙනි, දුක්ඛාර්‍ය්‍යසත්‍ය කවරේද? අධ්‍යාත්මික ආයතන සයයයි කියයුතුය ඒ සය කවරහුද? චක්ඛායතනය, සොතායතනය, ඝානායතනය, ජිව්හායතනය, කායායතනය, මනායතනය, යන මොහුයි. මහණෙනි, මේ දුක්ඛාර්‍ය්‍ය සත්‍යයයි කියනු ලැබේ.
(මේ ඡෙද මේ වර්ගයේ 3 වෙනි සූත්‍රයේ 4 5, 6, 7, ඡෙද මෙනි.)